කොළඹ පිහිටි පැරැණිතම හෝටලයක් වන ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය JAFFNA FOOD FESTIAL නමින් විශේෂ ආහාර ප්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වාදී තිබේ. ජූනි මස 20 වැනිදා සිට 30 වැනිදා දක්වා මේ ආහාර වැඩසටහනේදී යාපනයට ආවේණික ආහාර රසවිඳීමේ අවස්ථාව හිමිවේ.
මේ පිළිබඳ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා එම හෝටලයේ පැවැති අතර ඊට ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ සාමාන්‍යාධිකාරී ලලින් අධිකාරි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. කොළඹ වරායේ දැකුම්කලු දර්ශනයක් රැගත් හාබර් රූම් අවන්හලේ මෙම ආහාර ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වේ.
සම්ප්‍රදායික යාපනයේ ආහාර සකසනු ලබන්නේ යාපනයේ සිට පැමිණි සූපවේදී චන්දෘ විසිනි.
JAFFNA FOOD FESTIAL වෙත යන ඔබට Onion dosai, Paper dosai, Masala dosai, Plain dosai, Ghee dosai වැනි විවිධ තෝසේ වර්ගත් Sura puttu, Prawn puttu, Vegetable puttu, Egg puttu, Milk puttu සහ Mutton puttu වැනි puttu වර්ගත් රසවිඳීමේ අවස්ථාව හිමිවේ. ඒවා කුකුළු මස්, එළු මස්, කකුළුවන්, ඉස්සන් ඇතුළු වෙනත් මාළු වර්ග ද (තුරුක්කේ වරුවල්, සුර වරුවෙල් ආදී) ලබාගත හැකිවනු ඇත.
ඊට අමතරව ඔඩියල් කූල්, රසම්, ජැෆ්නා අයිස්ක්‍රීම්, මුරුක්කු, කේසාරි, වඩේ වර්ග ආදී ආහාර වර්ග රැසක් ද මෙහිදී පිළිගැන්වෙනු ඇත.
පෙරුම්කායම්, කරදමුංගු, කුරුඳු, කරාබුනැටි, කොත්තමල්ලි, සූදුරු, කරපිංචා, උළුහාල්, ඉඟුරු, සුදුලූනු, අබ, සාදික්කා, කහ, සියඹලා, මී පැණි, ලෙමන් ආදී ස්වාභාවික කුළුබඩු එකතු කරගනිමින් රසගැන්වූ මේ ආහාර ඔස්සේ යාපනයටම ආවේණික රස රටා කොළඹදීම විඳගැනීමේ අවස්ථාව උදාවනු ඇත.
♦ සේයාරුව - සුමුදු හේවාපතිරණ