නවග්‍රහයින්ට අදාළ වෘක්ෂයන් පෙර ඉසිවරුන් විසින් ජ්‍යොතිෂයේදී දක්වනු ලැබ ඇති අතර නවග්‍රහ අපල ඇතිවිට එම ශාකවලට සාත්තු කිරීමෙන් එම අපල උපද්‍රව දුරුකර ගත හැක. එසේම රුක්රෝපණය ද මෙම ආත්මභාවයේ මෙන්ම මතු ආත්ම භාවයන්හි දී ද රෝගවලින් තොර සැපවත් ජීවිතයක් ලබාගැනීම සඳහා ජ්‍යොතිෂයේ පෙන්වා දී ඇති මහඟු සත්කාරයකි.
නවග්‍රහයින්ට අදාළ වෘක්ෂ
රවි ඉඹුල්
සඳු දිවුල්
කුජ කොලොන්
සිකුරු මගුල් කරඳ
බුධ කොහොඹ
ගුරු බෝ
ශනි නුග
රාහු වැටකේ
කේතු කෙසෙල්
විවිධ ආනිශංසයන් හිමි ශාක
බෝ - සැප සම්පත් හා දියුණුව
අශෝක - දුක් දොම්නස් පහ වෙයි
කොහොඹ - ජීවය සැපවත් වෙයි
කෑල - පිහිට ආරක්ෂාව ලැබෙයි
බෙලි - පිං රැස්වෙයි
පළොල් - සුගතිගාමී වෙයි
ඇට්ටේරියා -මතු භවයේ සැප ලබයි
දෑසමන් - දෙවියන්ගේ පිහිට ලැබෙයි
බුළු - මෙහෙකරුවන් ලබයි
මූනමල් - දැසිදසුන් ලබයි
වරු - සූර්යාගේ පිහිට ලැබෙයි
දඹ - දෙව්ලොව සැප ලබයි
ශාක සමඟ ඉතා සමීප මිත්‍රශීලී ජීවිතයක් ගත කළ මිනිසා එහි ප්‍රතිඵලයක් ලෙස ගස්වැල් සම්බන්ධව විවිධ මතිමතාන්තර දැරූ අතර පරම්පරා ගණනාවක් ඔස්සේ අදට ද එම වටිනා කරුණු නොනැසී පවතී.
ජ්‍යොතිෂවේදී
බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගේ
“තසුනි* සෙත්කවි හා ජ්‍යොතිෂ සේවය
ගම්මන්පිල, බණ්ඩාරගම