ඕනෑම වෙළෙඳ භාණ්ඩයක ඔර්ජිනල් සහ ඩුප්ලිකේට් යනුවෙන් ව්‍යවහාර ප්‍රභේද දෙකක් ජන සමාජය තුළ ස්ථාපිතව තිබේ. ක‍්‍රමයෙන් වෙළඳ සීමාව අතික‍්‍රමණය කරමින් ඉදිරියට ඇදී විත් ඇති එම ඔර්ජිනල් ඩුප්ලිකේට් සුසංයෝගය හොර ගෑනු, හොර මිනිස්සු යන සීමාවන්ද පසුකොට හොර හාමුදුරුවරු, හොර දොස්තරවරු දක්වා ව්‍යාප්තව තිබේ. අවසාන උදාහරණය ලෙස දැක්වූ හොර වෙදකම සිදු කරන්නේ මිනිස් ජීවිත සමඟ නිසා හොර ප‍්‍රතිකාරයක් පිටපොට ගිය එසැණින් එම හොරා හෙළිවීම ඉතා කෙටි කලකින්ම සිදුවන්නකි.
එහෙත් බල්ලන්ට බළලුන්ට ප‍්‍රතිකාර කරනා හොර දොස්තරවරුන් පිළිබඳව කතිකාව පෙර උදාහරණය මෙන් සමාජගත වන්නේ හෝ අධිකරණය දක්වා දිවෙන්නේ නැත.
ඊට හේතුව සුරතල් සතාගේ හාම්පුතාගේ සමාජ මට්ටම අනුව එම නිවසේ සුරතලයට ඇති කරනා බල්ලාගේ හො බළලාගේ වංශවත්කම සහ ඊට අදාලව මුදල්මය වටිනාකම තීරණය වුවද වැරැදි ප‍්‍රතිකාරයක් නිසාවෙන් හෝ එම සුරතල් බල්ලා හෝ බළලා වැරැදි බෙහෙතකින් මිය ගියද හාම්පුතා එම “හොර බලු දොස්තර” නීතිය ඉදිරියට රැගෙන ඒමට කටයුතු නොයොදයි. ඒ මියගිය සුරතල් බල්ලෙක් නිසා මිනිහකුගේ බඩට ගැසිය නොහැකිය යන සත්භාවයේ පිහිටාය.
පශු වෛද්‍ය ක්ෂේත‍්‍රයේ හොර වෙදුන් බහුලවී ඇත්තේ මේ නිසාය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වසර හතරක පශු වෛද්‍ය උපාධිය සාර්ථකව සම්පූර්ණ කරලා ඉන් පසුව සීමාවාසික පශු වෛද්‍ය පුහුණුව හය මාසයක් ලබාගැනීමෙන් පසුව ශ‍්‍රී ලංකා පශු වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙච්ච අයෙක් තමයි පශු වෛද්‍යවරයෙක් ලෙස පිළිගැනෙන්නේ.
සමාජයේ වැඩිපුරම පශු වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින්නේ ඇතැම් පශු වෛද්‍ය කාර්යාලවලම සේවය කරන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඇතැම් එන්නත් කරුවන් වගේ තනතුරැවල සේවය කරනා උදවියයි.
“මේ අය” ගෙවල් ගානෙ ඇවිත් බල්ලන්ට පූසන්ට ප‍්‍රතිකාර කරනවා. සමහර වෙලාවට සතුන්ට විවිධ සැත්කම් පවා කරනවා. එහෙම කරලා හාම්පුතුන්ගෙන් මුදලුත් ගන්නවා. රාජ්‍ය ප‍්‍රතිපත්තියට අනුව එසේ මුදල් ගැනීම පළමු කොටම වංචාවක් බව ඔවුන් නොදන්නවා නොවෙයි.
එම්.බී.බී.එස්. වෛද්‍යවරුන් ආදීන්ගේ වෘත්තීය නිරවද්‍යතාවයන් තහවුරු කරගැනීමට වැටලීම් කරන ක‍්‍රමවේදයක් තිබුණත් පශු වෛද්‍යවරුන් සම්බන්ධයෙන් එවැනි නිශ්චිත වැටලීම් ක‍්‍රමවේදයක් තවම සකස්වී නැහැ.
පසුගියදා හම්බන්තොට ප‍්‍රදේශයේ රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ (මෙම ලියුම්කරු සතුව අදාළ සියලු තොරතුරු ඇත.) නිලධාරියකුගේ ඥාති නිෙවසක ජර්මන් ෂෙෆඩ් වර්ගයේ සුනඛයාහටද එවැනි හොර වෙදෙකු වෙදකම් කිරීමෙන් පසුව වෙළඳපොළ වටිනා කමෙන් රුපියල් ලක්‍ෂ එක හමාරක් පමණ වටිනා එම හුරතල් සුනඛයා මියයාමේ පුවත සැලවූ වහා “දේශය” වෙනුවෙන් අප ඒ පිළිබඳ රජයේ පශු වෛද්‍යවරයකුගෙන් විමසුවේ එතරම් සාර්ථක පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොවේ.
එහෙත් පශු වෛද්‍ය නුවන් කුමාරසිංහ මහතා රජයේ පශු වෛද්‍ය අංශවල ඇතැම් සුළු සේවකයන් ආදායම් මාර්ගයක් ලෙස කරනා හොර දොස්තර ක‍්‍රියාවේ පුවත්පත් සදාචාරයට අනුව පළකළ හැකි සහ නොහැකි අංග සම්පූර්ණ පැතිකඩක් “දේශය” වෙනුවෙන් විවරකළේ “අවශ්‍ය නම් මගේ හඬ පටිගත කරගත්තත් කමක් නෑ...” යන වදනද ප‍්‍රකාශ කරමිනි.
“ඒත් ඩොක්ටර්ට අවුලක් නැද්ද...?..” යන බිම් මට්ටමේ සරල පැනයෙන් පවා තහවුරු කරගත් එම කරුණු සම්භාරය ඉතා සංක්‍ෂිප්ත ලෙසින් මෙහි දක්වන්නේ තවත් එක් හෙළිදරව්වක් ලෙස මිසක යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් අපහසුතාවයට පත් කිරීමේ අදහසින් නොවේ.
ඒ අනුව මෙතැන් සිට දිග හැරෙන්නේ 2010 වසරේ සිට දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහනේ වෛද්‍ය සේවා සැපයුම්කරු ලෙස කටයුතු කරනා රජයේ පශු වෛද්‍ය නුවන් කුමාරසිංහ මහතා දැක්වූ අදහස්ය.
“කෙටියෙන් කියන්න තියෙන්නේ හොර වෛද්‍ය ක‍්‍රමය පශු වෛද්‍ය ක්ෂේත්‍රයටත් ආදේශ වෙලා හමාරයි කියලයි.” එය විස්තර කරනවා නම් වංචනික පුද්ගලයින් ජනතාව අතරට ගිහින් රෝගී සතුන්ට ප‍්‍රතිකාර කරන මුවාවෙන් මිනිසුන් මුලා කර වංචනිකව මුදල් ඉපයීමක් සිදුකරනවා. මේක ප‍්‍රවනතාවයක් හැටියටම කාලයක් තිස්සේ තියෙන දෙයක්. නමුත් මේ ගැන නිසි විමර්ශනයක් කරන්න කවුරුවත් පෙළඹෙන්නේ නෑ. ඒ නිසා මේ තත්ත්වය ගැන වහාම සමාජය වගේම බලධාරීන්ගේද අවධානය යොමු විය යුතුයි.
අතීතයේ නම් පශුවෛද්‍යවරයෙක් හිටියේ විශාල භූමි පරාසයකට එක්කෙනයි. නමුත් වර්තමානයේ ඒ සේවය දීපව්‍යාප්ත වෙලා මේ වන විට ලංකාවේ දළ වශයෙන් ලියාපදිංචි පශු වෛද්‍යවරුන් එක්දහස් පන්සියයක් පමණ සේවයේ යෙදී සිටිනවා. ඒ නිසා නිසි සුදුසුකම් සපුරා නැති අයගෙන් තම සුරතල් සතාට ප‍්‍රතිකාර ලබාදීම ගැන පළමු චුදිතයා ඒ සතාගේ හාම්පුතායි. වෘත්තීය භාවයක් නැති පුද්ගලයන් ලවා සතුන්ට ප‍්‍රතිකාර කිරීමට ගිහින් එම කූට පුද්ගලයා ආර්ථික වශයෙන් තර වෙමින් ඔහු ප‍්‍රතිකාර කළ සතුන් මිය ගියත් තිරිසනකු වෙනුවෙන් මිනිසකුට එරෙහිව නීති මාර්ගයට බැසීම සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් බලාපොරොත්තු වෙන්න බෑ.
නමුත් මේ තත්ත්වය හොරාට වාසියක් වී තිබෙනවා. වැරදි රෝග විනිශ්චයන් වගේම අවශ්‍ය ඖෂධය භාවිතා නොකිරීම නිසා සතාගේ තිබෙන රෝගී තත්ත්වයන් උත්සන්න වන අවස්ථා විශාල වශයෙන් වාර්තා වෙනවා. ඒ වගේම මෙහිදී අපි සුදුසුකම්ලත් පශු වෛද්‍යවරයෙක් යනුවෙන් අදහස් වන්නේ කවුරුන්ද කියා පැහැදිලි කරගත යුතුයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වසර හතරක පශු වෛද්‍ය උපාධිය සාර්ථකව සම්පූර්ණ කරලා ඉන් පසුව සීමාවාසික පශු වෛද්‍ය පුහුණුව හය මාසයක් ලබාගැනීමෙන් පසුව ශ‍්‍රී ලංකා පශු වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙච්ච අයෙක් තමයි පශු වෛද්‍යවරයෙක් ලෙස පිළිගැනෙන්නේ. ඔහුට එම වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකයක් අනිවාර්යයෙන්ම හිමියි.
නමුත් කනගාටුවට කාරණය වර්තමාන සමාජයේ වැඩිපුරම පශු වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින්නේ ඇතැම් පශු වෛද්‍ය කාර්යාලවලම සේවය කරන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඇතැම් එන්නත්කරුවන් වගේ තනතුරුවල සේවය කරනා උදවියයි.
මෙහිදී ඇතැම් යන පදය අනිවාර්ය විය යුතුයි. ඒ අනුව වෛද්‍ය නොවන ඇතැම් රජයේ සේවකයන්මය, හොර පශු වෛද්‍යවරුන් විදියට සේවයේ යෙදෙන්නේ.
ඒ විතරක් නෙමෙයි විශ‍්‍රාම ගිය සුළු සේවකයන් පවා සමාජයේ පශු වෛද්‍යවරුන් ලෙස කටයුතු කරනවා.
උදාහරණයක් ලෙස පශු වෛද්‍ය කාර්යාලවල එල්.ටී.අයි. කියලා තනතුරක් දරන පුද්ගලයන් සිටිනවා. එම තනතුර සිංහලෙන් හඳුන්වන්නේ සත්ත්ව සංවර්ධන නිලධාරී කියලයි.
ඒ තනතුර දරන ඇතැම් පිරිස් විසින් ඒ අයගේ රාජකාරායට අමතරව සත්ත්ව රෝග විනිශ්චය කටයුතුවල ප‍්‍රසිද්ධියේම යෙදෙන අයුරු අපි දකිනවා.
ඔවුන් පශු වෛද්‍යවරයාගේ සහායකයන් මිසක් රෝගී සතුන්ට ප‍්‍රතිකාර කිරීමට ඔවුන්ට නිත්‍යනුකූල අයිතියක් නෑ.
එහෙත් ඇතැම් එම අය පවා සතුන් වෙනුවෙන් බෙහෙත් නියම කිරීම විවිධ එන්නත් ලබාදීම සහ ජනතාවගෙන් මුදල් ලබාගැනීම කියන වැරැදි සියල්ලම එකවර ඔවුන් විසින් සිදු කරන අයුරු අප දකිනවා. එය දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ අයගේ රාජකාරිය වන්නේ වැස්සියන්ට කෘත්‍රිම සිංචන සිදුකිරීම, සත්ත්ව ගොවිපොළකරුවන් පුහුණු කිරීම, පශු වෛද්‍ය දෙපාර්තමේන්තුවේ සංවර්ධන කටයුතුවලට අදාළව ගවගාල් සහ කෑම වර්ග ලබාදීම, ගවයන්ගේ තණකොළ වර්ග ප‍්‍රචලිත කිරීම, එළුවන් ගවයන් ආදී සතුන්ගේ කන් සලකුණු කිරීම සහ ගොවිපළ සතුන්ගේ එන්නත් කටයුතුවලට වගේම ඕනෑම අවස්ථාවක පශු වෛද්‍යවරයාට සහාය වීමයි.
එසේ නොමැතිව සතුන්ට ප‍්‍රතිකාර කිරිමට ඔවුන්ට කිසිදු ආකාරයක අයිතිවාසිකමක් හෝ බලයක් නෑ. නමුත් ඇතැම් මේ අය ගෙවල් ගානෙ ඇවිත් බල්ලන්ට පූසන්ට ප‍්‍රතිකාර කරනවා. සමහර වෙලාවට සතුන්ට විවිධ සැත්කම් පවා කරනවා. එහෙම කරලා හාම්පුතුන්ගෙන් මුදලුත් ගන්නවා. රාජ්‍ය ප‍්‍රතිපත්තියට අනුව එසේ මුදල් ගැනීම පළමු කොටම වංචාවක් බව ඔවුන් නොදන්නවා නොවෙයි. ඒ වගේම නොදන්නා වෙදකමක් කිරීම සත්ත්ව ජීවිත අනතුරේ හෙලීමක් වගේම අකුසල කර්මයක්.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාව කියලා සේවාවක් තිබෙනවා. ඒ යටතේ සුනඛ එන්නත්කරුවන් සිටිනවා. ඒ තනතුරට බඳවා ගන්නේ සාමාන්‍ය අධ්‍යාපනික මට්ටමක අයයි. මේ අයත් පශු වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් ගෙවල් ගානේ ගිහින් සතුන්ට ප‍්‍රතිකාර කරනවා. නමුත් ඔවුන්ගේ නිල රාජකාරිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙකගේ අධීක්‍ෂණය යටතේ ලබාදෙන ජලභීතිකා එන්නත සුනඛයාට විදීම පමණයි. නමුත් ඔහු ඒ සීමාවෙන් ඉදිරියට ගිහින් ජනතාව සමඟ ඇති කරගන්නා පෞද්ගලික සබඳතා ඔස්සේ ගෙයින් ගෙට පවා ගිහින් සතුන්ගේ රෝග විනිශ්චය කටයුතු ඖෂධ නියම කිරීම වගේ දේවලුත් කරනවා. මේවා ගැන පැමිණිලි ලැබෙන අවස්ථාත් නැතුව නෙමෙයි. ඇතැම් අය පාට බීම වර්ග පවා එන්නත් ලෙස හඟවා මාත‍්‍රා ප‍්‍රමාණයෙන් සතුන්ට විදලා මුදල් ලබාගත්ත අවස්ථා වාර්තා වී තිබෙනවා.
ඔබ ඔය කියනා හම්බන්තොට සුනඛයාගේ කතාව එයට සමීපතම උදාහරණයක්. දකුණු පළාතේ හම්බන්තොට ප‍්‍රදේශයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේම සේවය කරන නිලධාරියකුගේ ඥාති නිවසක ලක්‍ෂ එක හමාරක් විතර වටිනා ජර්මන් ෂෙපඩ් වර්ගයේ සුනඛයක අසනීප වී තිබෙනවා.
සුනඛයාට මුත‍්‍රා සමඟ ලේ පිටවීමේ රෝගී තත්ත්වය ඇතිවූ අවස්ථාවේ ගමේ පශු වෛද්‍යවරයෙක් ලෙස නම්දැරූ එක්තරා සුනඛ එන්නත්කරුවෙක්ගෙන් ඒ හාම්පුතා අර සුනඛයාට ප‍්‍රතිකාර ලබාදී තිබෙනවා.
ඔහු සුනඛයාට එන්නත් හතරක් ලබාදී තිබෙනවා. ඉන්පසු සතා දැඩි ලෙස අසාධ්‍ය වී වෙනත් වෛද්‍යවරයෙක් ළඟට ගෙන ගිය විට දැනගැනීමට හැකිවී තිබෙන්නේ මුත‍්‍රා පද්ධතියේ ආසාදන තත්ත්වයක් සහිත ඒ සුනඛයාට පළමු පුද්ගලයා ලබාදී තිබෙන්නේ කිනිතුලු උණට ලබාදෙන බෙහෙතක් බවයි.
කිනිතුලු උණට භාවිත කරන බෙහෙත මුත‍්‍රා රෝගය වැඩි කිරීමට සමත් වීමෙන් සතා මිය ගිහින් තිබෙන්නේ වකුගඩු අක‍්‍රිය වීමෙනුයි. ඒ හාම්පුතා නිසි වෛද්‍යවරයා ළඟට යන විට සුරතල් සතා ගොඩ ගන්න බැරි තත්ත්වයට අසාධ්‍යව අවසානයි. ඒ විතරක් නෙමෙයි අර වංචනික තැනැත්තා ප‍්‍රතිකාර සඳහා රුපියල් එක්දහස් දෙසිය පනහක මුදලකුත් අරගෙන තිබෙනවා. මෙවැනි උදාහරණ කොතෙකුත් තිබෙනවා.
එම්.බී.බී.එස්. වෛද්‍යවරුන් ආදීන්ගේ වෘත්තීය නිරවද්‍යතාවයන් තහවුරු කරගැනීමට වැටලීම් කරන ක‍්‍රමවේදයක් තිබුණත් පශු වෛද්‍යවරුන් සම්බන්ධයෙන් එවැනි නිශ්චිත වැටලීම් ක‍්‍රමවේදයක් තවම සකස්වී නැහැ. නමුත් මේ වරද කරන්නේ තවත් සහෝදර සේවක පිරිසක්ම නිසා ඔවුන්ට විරුද්ධව රාජකාරිය ඉටුවන්නේ නැ. ඒ නිසා වැඩේ යහතින් දිගටම යනවා.
ඒ වගේම මේ වංචනික පුද්ගලයින්ට නිලමුද්‍රාවක් නෑ. සුදුසුකම් සහිත වෛද්‍යවරු නිතරම තමාගේ නිල මුද්‍රාව භාවිත කරනවා. ඒවගේම ඇතැම් සත්ත්ව ඖෂධ අළෙවිකරුවන් නියම වෛද්‍යවරුන්ට වඩා සමීපව හොර පශූ වෛද්‍යවරුන් සමග එක්ව කටයුතු කිරීමත් මෙම තත්ත්වය ඔඩු දුවා තිබෙනවා.
♦ කතාව හා සේයාරූI ආර්.ජී. ජයවර්ධන