2017 නියඟය හමාර වෙයි.
බදු බර පහළට, ජාතික මුදල් තත්ත්වය ඉහළට,
සිංහල හින්දු අලුත් අවුරුද්ද ජයටම.
රහසිගත කුමන්ත්‍රණයක් එළියට.
කලා කෘතියකට ඉතිහාසගතවන නඩුවක්.
සුප්‍රසිද්ධ කලාකරුවෙක් - වෛද්‍යවරයෙක් ජීවිතයෙන් සමු ගැන්මක්.
ආණ්ඩුව සවිමත් වීමට විදේශ ආධාර ගලයි.
2017.01.26 වෙනිදා රාත්‍රී 07.30ට පමණ සෙනසුරු ග්‍රහයා ධනු රාශියට පිවිසියේය. එවිට සිංහ ලග්නයත්, මේෂ නවාංශකයත් උදාවී පැවතිණ.
ජලයට අධිපති චන්ද්‍රයාද සුළං - කුණාටු ආදියට අධිපති ප්ලූටෝද එකී ධනුවෙහි ගෝචර වෙමින් සිටී. එමෙන්ම ගුරු+බුධ මහා පරිවර්තන යෝගයකින්ද එකී ශනි ගෝචර පස්වැන්න බලවත් කර ඇත.
මේ නිසා 2017 වසර උග්‍ර නියඟයකට ඉඩක් නැත. දිවයින පුරා තැන තැනට වරින් වර අවශ්‍ය පමණට වැසි ලැබෙනු ඇත. මැයි, ජූනි පමණ වනවිට කුණාටු සහිත මහ වැසිද, ජල ගැලීම්ද, ජල විපත්ද බහුල වෙනවා ඇත. නියඟය හමාර වෙනවා පමණක් නොව වන වගාවන්ද සාර්ථක වෙනවා ඇත.
එමෙන්ම ජාතික ආදායම ඉහළ යයි. දේශීය විදේශීය ආයෝජකයන්ගේ ආයෝජන ඉහළ ගොස් ශ්‍රී ලංකාවේ බැංකුවලට මුදල් අතිරික්තයක් ගලා එනු ඇත. එවිට මූල්‍ය පාලනයද අසීරු වන්නේය. මහාපරිමාණ සොරකම් හා වංචා ජාලයක්ද කලඑළි බසින්නේය.
කෘෂි ආර්ථිකය අභිබවා කර්මාන්ත මෙන්ම විවිධ කාර්මික නිෂ්පාදන ව්‍යාපෘති වර්ධනය වෙනවා ඇත. නමුත් ඒවා කඩාකප්පල් කෙරෙන රහසිගත කුමන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වෙයි. ආරක්ෂක අංශ ඇස ගසාගෙන සිටියහොත් උපක්‍රමශීලීන් නීතියේ රැහැනට කොටුවෙනවා පමණක් නොව සිංහ හම් පොරවාගත් නායකයන්ගේ වෙස්මූණු ගැලවී යනවාද ඇත.
කලාකරුවන්ට, වෛද්‍යවරුන්ට, රූමතියන්ට ප්‍රබල අපල මතු කෙරේ. අකාලයේ මිලාන වී යන එවැනි කෙනෙකු පිළිබඳව ජාතියම කම්පාවට පත්වෙනවා ඇත.
ආණ්ඩුවට විරුද්ධව එල්ලවන කෙනෙහිලිකම් උග්‍ර වන්නේය. නමුත් සියල්ලට එඩිතරව මුහුණදෙන රජයට විදේශ ශක්තිය උපරිම ලෙස ලැබෙනු ඇත. 2017 වර්ෂය රජය ස්ථාවර වන වර්ෂය බවට පත්වෙනවාද ඇත.
ජ්‍යොතිෂ නන්දන
විශ්වකීර්ති ජ්‍යොතිර් විද්‍යා පණ්ඩිත ශිරෝමනී
තලගහ - අක්මීමන
සුරා ශ්‍රී ගුණවර්ධන
හදිසි මරණ ඉහළ නගින්නේ ඇයි?
මේ දිනවල හදිසි මරණ විපත් සහ සියදිවි නසාගැනීම් ආදිය බහුලව පවතී. මේ පිළිබඳ ලැබෙන ආරංචි නිසා ජනතාව කම්පාවට පත්වන බවක් දැකගත හැකිය. මෙලෙස හදිසි අනතුරු විපත් සිදුවීමට බලපාන ප්‍රධාන හේතු දෙකක් ජ්‍යොතිෂය අනුව දැක්වේ.
I. මේ වනවිට විශ්වයේ මෙවැනි හදිසි මරණ ඇතිවීමට බලපාන විෂම ග්‍රහ තත්ත්වයක් නිර්මාණය වී ඇත.
II. පුද්ගලයන්ගේ උප්පත්ති කේන්ද්‍රවල එවැනි විපත් සිදුවීමට බලපාන ග්‍රහ තත්ත්වයක් පිහිටා තිබිය යුතුය.
මේ දෙකරුණම එකිනෙකට සම්බන්ධ වූ විට උද්ගත වන පීඩාකාරී ග්‍රහ තත්ත්වය උපරිමයට පත්වීම නිසා මෙලෙස මාරක ඇතිවන බව අවධාරණය කළ හැකිය.
මේ වනවිට රටට බලපාන ග්‍රහ තත්ත්වය සහ පුද්ගලයන්ගේ ග්‍රහ තත්ත්වයේ පවතින විෂමතාව නිසා සිදුවන අහිතකර ප්‍රතිඵල එමටය. 2016.12.05 දින මුළු ලොවටම මෙවැනි විපත්තිකාර ග්‍රහ තත්ත්වයක් ආරම්භ වූ අතර මෙම පරිසරය 2017 අප්‍රියෙල් 15 දක්වාම පවතී. මෙයින් වැළකීම සඳහා පුද්ගලයන්ගේ කේන්ද්‍ර පරීක්ෂාකර එවැනි අහිතකර ග්‍රහ පිහිටීමක් තිබේදැයි සොයාබලා ලබා ඇති දසාවලට සහ ග්‍රහයන්ට පුද පූජා පැවැත්විය යුතු අතර දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළ යුතුය. එසේම මෙම පීඩාකාරී වකවානුවේ සැමදෙනාම මහා විනයකින් සහ සංයමයකින් යුතුව ආගමානුකූල ජීවිතයක් ගත කළ යුතු අතර අනවශ්‍ය ගමන් බිමන් සහ අනතුරුදායක ක්‍රියාවලින් වැළකී සිටීම යෝග්‍ය වේ.
මේ පිළිබඳ දීර්ඝ ලිපියක් ඉදිරි කාලයේදී බලාපොරොත්තු වන්න.