2018 ජුනි 30 වන සෙනසුරාදා

මුහුණ ලස්සන වෙන්න හිසකෙස් බබළන්න මෙන්න නියම බෙහෙත්

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1279

බොහෝ දෙනා තම මුහුණ පැහැපත් කර ගැනීම සඳහා විවිධාකාර ක්‍රීම්වර්ග සඳහා විශාල මුදලක් වියදම් කරති. නමුත් එයින් සැබෑ ලෙසටම සම පැහැපත් වන්නේ ඉතා සීමිත පිරිසකට පමණි. වෙළඳ පොළේ ඇති විවිධාකාර ආලේපනවලට, විවිධිකාර ඖෂධවලට වැඩි මුදලක් ලබාදුන්නද එයින් සාර්ථක ප්‍රතිඵල අත්වන්නේ නැත. නමුත් ආයුර්වේදයට අනුව සම පැහැපත් කරලිය හැකි ඉතා සාර්ථක ස්වභාවික ඖෂධ ඕනෑතරම් පවතී.

• වතුරවලට ඇත්තේ පුදුමාකාර ගුණයකි. සැලෝන්වලට ගොස් සම පැහැපත් කරන ක්‍රීම් මුහුණේ ආලේප කර ගන්නවාට වඩා පුළුවන්තරම් ජලය පානය කරන්න.

• හිස් හොරි නිසා ඔබේ හිසට මෙන්ම මුහුණට ලබාදෙන්නේ අවලස්සන පෙනුමක්. මේ නිසා දෙහි උළුහාල් තැම්බූ ජලයෙන් හිස හොඳින් සෝදන්න. මෙය සතියකට එක්වරක්වත් හිස්කබලට සහ හිසට කරන්න.

• කෝමාරිකා හිස් හොරිවලට තවත් ඉතා ගුණදායක ඖෂධයක් වේ. කෝමාරිකා මදය හොඳින් පොඩිකර හිස්කබලේ ආලේප කරන්න. හොඳින් හිස් කබල සම්බාහනය කර හිස හොඳින් සෝදා හරින්න.

• යෝගට්වල සම පැහැපත් කරලීමට ඇත්තේ ඉතා අපූරු ගුණයකි. යෝගට් මුහුණේ බෙල්ලේ සහ බෙල්ල පිටුපස ආලේප කර හොඳින් ඇඟිලි තුඩුවලින් සම්බාහනය කරන්න.

• හිස් හොරි සඳහා ඉතා ගුණදායක ඖෂධයක් ලෙසින් ගොඩපර හැඳින්විය හැක. ගොඩපර ගෙඩි කිහිපයක් හොඳින් කොටා හිසේ ආලේප කරන්න. ටික වේලාවකින් හිස හොඳින් සෝදන්න. මෙය සතියකට වරක් කරන්නට අමතක කරන්න එපා.

• වෙරළු කොළ හිස්හොරිවලට තවත් ගුණදායක ඖෂධයකි. වෙරළු කොළ කොටා ලබාගන්නා ඉස්ම හිස මත ආලේප කරන්න. සම්බාහනය කිරීමෙන් පසුව හොඳින් සෝදා හරින්න.

• ඔබේ කෙස් දීප්තිමත්ව තබා ගැනීමට අඹරාගත් හෙනා කොළ තේ වතුර සමඟ මිශ්‍ර කරන්න. තේ වතුර වෙනුවට කෝපි වතුර වුවද ලබාගත හැක. මෙයට බිත්තරයක් දෙහි ගෙඩියක යුෂද එක්කරගන්න. එය හිසකෙස්වල හොඳින් ආලේප කරන්න. මෙයින් දීප්තිමත් කෙස් කළඹක් ලබාගත හැක.

• මුහුණේ කුරුලෑ ඇතිවීමෙන් මුහුණට ඇතිවන්නේ අවලස්සනක්. මේ සඳහා වෙනිවැල්ගැට සුදු හඳුන් ගල ගා ආලේප කරන්න. මීට අමතරව, කොකුම් පොතු, සැවැන්දරා, කස්තුරිද ආලේප කිරීමෙන් මුහුණට පැහැයක් ලබාදී කුරැලෑවලට ඉතා ගුණදායක වේ.

• කොහොඹ කොළද කුරුලෑවලට ඉතා ගුණදායක ඔසුවකි. හොඳින් අඹරාගත් කොහොඹ ඉස්මවලට දෙහි බිංදු කිහිපයක් එක්කර මුහුණේ ආලේප කරන්න. විනාඩි පහළොවකට පසුව සෝදා හරින්න.

ආයුර්වේද වෛද්‍ය එච්.එම්. තෙන්නකෝන්

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00