දිමුතුගේ පළමු කවිපොත මෙයයි. ගඟුලක්ව නවතිමි පාඨකයන්ට හඳුන්වා දෙන්නේ කෙසේද?
මේක මම ආඛ්‍යාන කාව්‍යයක් විදිහටයි ලියල තියෙන්නේ. වෙනස් වෘත්තියක නියැලී සිටින කවියෙක් තම අධ්‍යාත්මික සතුට සොයා යන ගවේෂණයක ආකාරයෙන් පොත ලියා තිබෙනවා. මේ සමාජ ක්‍රමය හරහා තමයි ඔහු ගමන් කරන්නේ. එවිට ඔහුට ගණිකාවෝ, ගණිකාකම් කරන කවියෝ හමුවෙනවා. පාරේ ඉන්න මිනිසුන්, ෆේස්බුක් හරහා ඇඟ විකුණන චරිත වගේ අය ඔහුට හමුවෙනවා.
මෙලෙස හමුවන චරිතවලට කවියා දක්වන ප්‍රතිචාරය කුමක්ද?
ඔහු සමහර අවස්ථාවලදී වියවුලට පත්වෙනවා. නමුත් ඒ නිසාම ඔහු තම නිවැරදි මාර්ගය එළිකර ගැනීමට උත්සාහ දරනවා. මේ නිවැරදි මාර්ගය පවතින්නේ අතීතයේදීවත් අනාගතයේදීවත් නොව මේ වර්තමානයේ පවතින මොහොතේ බවයි කවියෙන් පැවසෙන්නේ. සතුට පවතින්නේ එතැන කියලයි මෙහි පැවසෙන්නේ. ගඟුලක්ව නවතිමි කියලා පොතට නම දැම්මේ ඒකයි. ගඟුල ගලාගෙන යන දෙයක්නේ. ගඟුල තැනිතලාවේදීත් ගලාගෙන යනවා. මෝය කට අසලදීත් ගලාගෙන යනවා.
මෙවැනි ආඛ්‍යාන කාව්‍යයක් ලිවීමේදී ඔබට ආභාෂය ලැබුණු කවීන් සිටිනවද?
මහගම සේකරගේ ප්‍රබුද්ධ සහ නොමියෙමි කාව්‍ය දෙක ප්‍රධාන වශයෙන් සහ තවත් කවීන්ගේ පොත්වලින් ආභාෂය ලැබුණා. අපට පෙර සිටි ප්‍රවීණයන්ගෙන්නේ අපි මඟ හෙළිකරගන්නේ.
මේ පොතේ කවි වෙනමත් රසවිඳිය හැකියි. සියල්ල එකට ගෙන ආඛ්‍යාන කාව්‍යයක් ලෙසත් විඳගත හැකියි.
අද කවියට තරුණයන් අතර ලොකු උනන්දුවක් තිබෙනවා පේනවා?
පසුගිය කාලේ තරුණ කවි පරම්පරාව හා වැඩිහිටි පරම්පරාව එකිනෙකා දෙස අවඥාවෙන් බලමින් සිටි බව පෙනුණා. ඔවුන් පරම්පරා වශයෙන් වෙන්වෙලා හිටියේ. නමුත් දැන් මේ පරම්පරා දෙක එකිනෙකා දෙස සහසම්බන්ධයෙන් බලන බව පේනවා. අපේ පොත් දොරට වැඩීමේ උළෙලේදී ජ්‍යෙෂ්ඨ කවීන් සහ තරුණ කවීන් යන පරම්පරා දෙකම පැමිණ සිටියා. එහිදී දේශනය කළ මහාචාර්ය ලියනගේ අමරකීර්ති කිව්වෙත් හිතාගන්න බැරි තරම් වපසරියක පාඨකයන් පිරිසක් පැමිණ සිටින බවයි. තරුණ හා වැඩිහිටි දෙපිරිසම.
මෙලෙස ප්‍රබෝධයක් ඇතිවීමට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?
මිනිස්සු සවිඥානිකව කවි ලියන්නේ තමන්ව ප්‍රකාශනය කර ගැනීමට. මම ලියන්නේ මගේ සිතේ අදහස් පිටකරගැනීමටයි. අද ෆේස්බුක් එකෙන් පවා හුඟදෙනෙක් සමාජ වියවුල නිසා තමන්ගේ සිතේ මතුවන හැඟීම් පිටකරගැනීමට උත්සාහ කිරීමක් පේන්නේ. ඔවුන් වැඩිදෙනෙක් ලියන්නේ කවි නොවුණත් සාර්ථක නිර්මාණයක් ඉඳහිට හමුවෙනවා. තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ හොඳම මාධ්‍ය කවිය ලෙසයි මා දකින්නේ.
ප්‍රවීණයන් හා නවීන කවීන් අතර තිබුණු ගැටුම නැති බවද ඔබ කියන්නේ?
ඔව්. කුමක් හෝ හේතුවක් නිසා මේ දෙගොල්ල අතර තිබුණු නුරුස්සන බව අද අඩුවෙමින් යනවා. ඒක හරිම යහපත් ප්‍රවණතාවයක්.
පාඨක