ග්‍රීන් පාත් ජූලි 07 කෑම කැණකෙළිය
කොළඹ විහාරමහාදේවි උද්‍යානයත් නෙළුම් පොකුණත් අතර දිවෙන පාර එහෙමත් නැත්නම් ග්‍රීන් පාත් කියන්නේ ආහාරපාන හින්දම ජනප්‍රිය වෙච්ච පාරක්. ඉතින් ලබන සෙනසුරාදා ඒ කියන්නේ ජූලි 07 වැනිදාත් උදේ 10 ඉඳන් රෑ 10 වෙනකල් ග්‍රීන්පාත්වල ආහාරපාන සැණකෙළියක් පැවැත්වෙනවා. Foodiez On Street විදිහට නම් කරලා තියෙන මේ වැඩසටහනේදී නොමිලේ බර්ගර්ස් දිනාගත හැකි තරග, පළමු කාන්තාවන් 500 දෙනාට මල්වලින් සෑදූ ඔටුනු, වෙනත් තෑගි බෝග ගොඩක් ලබාදෙන්න නියමිතයි. DJ සංගීතය සහිත මේ වැඩසටහනේදී පුංචි දරුවන්ටත් විනෝද වීමේ අවස්ථා රැසක් පවතිනවා.
සූරිය විලේජ් එකේ
තමන්ගෙම කියලා පුංචියට රසකැවිලි, ඇඳුම් ආයිත්තම් ව්‍යාපාරයක් කරගෙන යන අයට ජූලි 08 ඉරිදා කොළඹ ස්කෙල්ටන් පාරේ පිහිටලා තියෙන සූරිය විලේජ් වෙත ගියොත් ඒ සඳහාම වෙන්වුණු Pop-up sale එකකට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම රසකැවිලි, ඇඳුම් ආයිත්තම් විතරක් නෙමෙයි, තවත් ගොඩක් දේවල් තියෙන මෙතැනට ඇවිත් කැමැති දේවල් මිලදීගන්නත්, අලෙවිකරුවන්ව දිරිගන්වන්නත් ඔබට පුළුවන්.