කොළඹ 07 විජේරාම මාවතේ පිහිටලා තියෙන Tacoca කියන්නේ හරිම සිම්පල් අවන්හලක්. මම එහෙම කියන්නේ එයාලගේ මෙනු එකේ තියෙන සිම්පල් ගතිය හින්දමයි. ඒ කියන්නේ එයාලා ගාව තියෙන්නේ Tacos, Burritos සහ Nudie Box කියන කෑම වර්ග තුන පමණයි. Nudie Box කියන්නෙත් වටේට ඔතපු නැති තවත් Burrito එකක් කිව්වොත් හරියටම හරි.
කොහොම වුණත් මේ අවන්හලේ පෙනුම නම් හරිම අපූරුයි. ඇතුළු වෙනකොටම රෝස පාට ගාපු බිත්ති හින්දා හොඳ ප්‍රසන්න හැඟීමක් ඇතිවෙනවා.
මට මෙතැනදී Tacocat අවන්හලේ එක් හිමිකරුවකු වන මාක්ව මුණගැහුණා. අවන්හල පිටුපස ඇති කතන්දර ගොඩක් ඔහු මට කිව්වා. අපි හැමවෙලේම ලංකාවෙන් හොයාගන්න දේවල්වලින්ම තමයි කෑම හදන්නේ. රසවත් ටැකෝ එකක් රස විඳින අතරේ ඔහු කිව්වා.
මෙතැනදී ටැකෝ එකට හරි බුරිටෝ එකට හරි රතු බත් ටිකක් එකතු කරගන්නත් පුළුවන්. කොහොම වුණත් මෙයාලගේ රස එකතුවේ රස බෝම්බෙ තමා චිකන්. අපේ කැමරා කණ්ඩායම නම් කැමති වුණේ බීෆ්වලටයි. බීෆ් එකත් නරකම නෑ.
ඒ වගේම තව තැනක සැලඩ් වර්ගත් තිබුණා. ඉතින් නිර්මාංශ අයටත් මෙතැන පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම ගොඩක් රසවත් සෝස් වර්ග කිහිපයකුත් මෙතැනදී දකින්න පුළුවන්.
ධනූ
ඡායාරූප - You’re my favorite