2018 ජුනි 30 වන සෙනසුරාදා

දිය දහර අද්දර සොඳුරු නවාතැන Arika Boutique Villa

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 231

මාතලේ දිස්ත්‍රික්කයට අයත් නාලන්දා ගෙඩිගේ ලංකාවේ හරි මැද විදිහට ප්‍රසිද්ධයි. දඹුල්ලේ ඉඳන් කිලෝමීටර 15ක් දුරින් මේක පිහිටලා තියෙන්නේ සංස්කෘතික ත්‍රිකෝණයේත් හරි මැද්දෙයි. 

නාලන්දා ගෙඩිගේ ඇතුළු සංචාරක ආකර්ෂණ බොහෝමයක් පිහිටා තිබෙන මාතලේ සංචාරයකට යන ඔබට නවාතැන් ගන්න පුළුවන් අලුත්ම හෝටලයක් තමයි Arika Boutique Villa මාතලේ සිට යාපනය දක්වා දිවෙන මාර්ගයට බොහොම සමීපයෙන් තිබෙන නිසාම මේ නවාතැන වසරක කාලයක් ඇතුළත ගොඩක් ජනප්‍රිය වෙලා තිබෙනවා. 
හෝටලය ඉදිකර තිබෙන්නේ අසලින් ගලාහැලෙන දිය දහරකට මුහුණපා සිටින ආකාරයටයි. මේ නිසාම සොබාදහමේ අපූර්වත්වයට මුසු වුණු චමත්කාරයක් මේ නවාතැන සතුයි. හෝටලයේ නම විදිහට අරිකා කියලා යොදාගෙන තියෙන්නේත් නිල් මානෙල් යන තේරැම ලැබෙන විදිහටයි. හෝටලය මහල් දෙකකින් යුක්තයි. එහි ඉහත මාලයේ පිහිනුම් තටාකයක් පිහිටා තිබෙන්නේ අසලින් ගලා බසින දිය දහරත් හොඳින් දර්ශනය වන ආකාරයටයි. 

ජැකූසි සහිත පිහිනුම් තටාකයට අමතරව අලංකාරව ඉදිකරන ලද අවන්හලක්, ස්ටීම් කාමරයක්, TV කැරොකේ ස්ථානයක් ආදී බොහෝ දේ මෙතැන අඩංගුයි. අවට සොබාදහමට අවම බාධාවක් හානියක් වන අයුරින් නිම කර ඇති නිසාම සූර්ය බලශක්තිය මෙහි යොදාගන්නවා. ඒ වගේම ප්‍රතිචක්‍රීකාරක ද්‍රව්‍ය භාවිතා කිරීමත් දකින්න පුළුවන්. 

අවන්හල පිහිනුම් තටාකයට යාබදව පිහිටා තිබෙනවා. එතැනදී විවිධ සංස්කෘතින්ට අයත් ආහාර වර්ග රැසක් රස විඳිය හැකියි. ඒ වගේම සංචාරකයන්ට තමන්ට කැමැති කෑමක් සාදාගැනීමේ අවස්ථාවක් පවතිනවා.

♦ සනත් වීරසූරිය

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00