ග්‍රහලොව මනාලිය වූ සිකුරු තමාට සතුරු රාශි භවනක් වූ සිංහ රාශියට 2018 ජුලි මස 5 වැනි ගුරැ දින පාන්දර 2 පසුවී විනාඩි 25ට පිවිසේ. 2018 අගෝස්තු මස 1 වැනි බුධ දින දක්වාම කේතුට අයත් වූ මා නැකතේ සම්පූර්ණවත් කිවිට අයත් වූ පුවපල් නැකතේ සම්පූර්ණවත් රවිට අයත් වූ උත්‍රපල් නැකතේ ප්‍රථම පාදයෙන්ද ගමන් කරනු ඇත. තවද අඟහරුගේ පූර්ණ දෘෂ්ටියට යටත්ව සිකුරැ සිංහ රාශියෙහි ගමන් කරයි.
අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී ස්ත්‍රීන් මෙන්ම පුරුෂයන්ගේද ආදර හැඟීම් වැඩිපුර ජනිත වන්නාවූත් වකවානුවක් වන අතර විවාහකයන්ගේ පවුල් ජීවිතවලටද බලපෑම් ඇතිවීමක් සිදුවේ. තම ස්වාමියාට හා බිරියට හොරෙන්ද වෙනත් අය සමඟ ඇසුරු කිරීම් හෙළිවීමෙන් ආරවුල් ඇතිවීමත් එය ඝාතනයකින් කෙළවර වීම්ද සිදුවීමට පුළුවන. දික්කසාද බහුලව සිදුවන කාලයක් වේ. දුම්රිය සේවකයන්ගේද යම්කිසි ප්‍රශ්නයක් පැන නගිනු ඇත. ස්ත්රීන්ට සිදුවන දූෂිත හා අපරාධ ක්‍රියාවන්ද වාර්තා වන අතර ළමුන්ටද අයහපත් වනු ඇත. සියදිවි නසාගැනීම් කිහිපයක්ද වාර්තා වන කාලයක් වේ. රටෙහි දූෂිත කටයුතු, අවාසනාවන්ත සිදුවීම්ද වාර්තා වන අතර මහජනයා අතර අපහාසගත කටයුතුද අසත්‍ය පුවත්ද ප්‍රචලිත වනු ඇත. මහජන නියෝජිතයන්ගේ දූෂිත ක්‍රියා එළිවන අතර ඒ හේතුවෙන් ඔවුන්ගේ ක්‍රියා කලාපයට එරෙහිව මහජනතාවගේ අප්‍රසාදය එල්ල වේ. ඔවුන් ජනතාව අතර අප්‍රසාදයට පත්වේ.
විදේශීය වශයෙන් විමසා බැලීමේදී ප්‍රංශය, ඉතාලිය, සිසිලිය, රුමෙනියාව, ඇමරිකානු රටවල් ආශ්‍රිතව කාන්තාවන්ට පහරදීම්ද, ඝාතනය කිරීම්ද වාර්තා වේ. නළුවකුට/ නිළියකට මාරකයක්ද උද්ගත වෙයි. නාට්‍ය ශාලාවක්/ සමාජ ශාලාවක්/ අධ්‍යාපනික ස්ථානයක් ආශ්‍රිතව ගිනිගැනීමක් හෝ හදිසි පහරදීමක් වාර්තා වෙන කාලයකි.
අරාබිය, ඕස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය, ප්‍රංශය, මැඩගස්කරය යන රටවල් ආශ්‍රිතව අධිකරණවල දූෂිත නඩු බහුලවන අතර අපරාධ ක්‍රියාවන්ද ඇතිවනු ඇත. ආගම සම්බන්ධ ගැටලු උද්ගත වේ.
රුසියාව, පෝලන්තය, ස්විඩන්, ලිතුවේනියාව ආශ්‍රිතව ස්ත්‍රීන් සම්බන්ධ නව නීති පැනවේ. මහජන නියෝජිතයකුට මන්ත්‍රීවරයකුට මාරකයක් ඇතිවනු ඇත. පාර්ලිමේන්තුව ආශ්‍රිතවද අශුභ සිදුවීම් වාර්තා වන කාලයකි.
එංගලන්තය, ඩෙන්මාර්ක්, සිරියාව, ජපානය, පලස්තීනය, ජර්මනිය යන රටවල ළමයින්ට අපරාධ සිදුවීම් වැඩිවන කාලයකි. ස්ත්‍රීන් සම්බන්ධ කටයුතුවල අභිවෘද්ධිය වර්ධනය වේ. රටවල් තුළ අවාසනාවන්ත සිදුවීම් බහුලවන වකවානුවක්ද වේ.
මීළඟට ඔබට
මේෂ - කලාවට හොඳයි
විරුද්ධ ලිංගික බැඳීම් ඇතිවනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අය ඒවායින් බැහැරව කටයුතු කරනු ඇත. කලා කටයුතුවල නිරත අයට ශුභ ඵල අත්වේ.
වෘෂභ - සිතට සහනය
නිවසේ අලුත්වැඩියාවක් කිරීමට හෝ නිවසට කොටසක් එක් කිරීමට හෝ ශුභ වකවානුවකි. තරමක් ආවේගශීලී ගතිද ඇතිවනු ඇත. සිතේ සහනය ගෙන දෙන වකවානුවකි. සේවා ස්ථානයේදී අන් අයගේ සහයෝගය ඔබට ලැබෙනු ඇත.
මිථුන - නව නිර්මාණ
තමා ගැන වැඩිපුර සිතා කටයුතු කිරීමට යාම හේතුවෙන් තම හිතමිතුරන් සමඟ සිත් අමනාපකම් ඇතිකරගනු ඇත. ලේඛන කටයුතුවල නිරත අයට නව නිර්මාණ බිහිකිරීමට හැකියාව අත්වන අතර නිතර බියවීම්වලට පත්වන අයකුද වේ.
කටක - උදව් උපකාර
අන් අයට ප්‍රියවන කෙනකු බවට පත්වනු ඇත. තම තැන්පත් ධනය අනවශ්‍ය ලෙස වියදම් වී යන සමයකි. හිතමිතුරන්ගෙන් උදව් උපකාර අත්වනු ඇත. උගුර ආශ්රිත පීඩාවක් ඇතිවනු ඇත.
සිංහ - මංගල යෝජනා
අන් අය අතර කැපීපෙනෙන අයකු බවට පත්වේ. විශාල ලෙස ධනය යෙදවීම් කිරීමේදී පරිස්සම් විය යුතුවේ. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වේ. මුත්‍රා ආබාධයක් ඇතිවේ.
කන්‍යා - වැඩවලට බාධා
ඔබට එතරම් යහපත් නොවනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇතිකරනු ඇත. පවුල් දිවියේ සමගියට බාධාවන් ඇතිකරනු ඇත. අන් අය සමඟ කටයුතු කිරීමේදී පරිස්සම් විය යුතුවේ.
තුලා - ලිංගික බැඳීම්
සමාජ සේවා කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත. හිතමිතුරන්ගෙන් උදව් උපකාර අත්වේ. විරුද්ධ ලිංගික බැඳීම් ඇතිවන අතර හවුල් කටයුතුවල නිරත වීමටද යහපත් වනු ඇත.
වෘශ්චික - මැණික් ලැබේ
භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත්ය. විශේෂයෙන් පතල් කටයුතු කරන අයට වටිනා මැණික් ලැබෙනු ඇත. යම් යම් කටයුතුවලට නොබියව ඉදිරිපත් වන ගති ඇතිවේ.
ධනු - සිතේ අසහනය
ඔබගේ දියුණුවට බලපෑම් ඇතිවන වකවානුවකි. සිතේ සහනය අඩුවනු ඇත. සන්නිවේදන කටයුතුවල නිරත අයට යහපත් ඵල අත්වනු ඇත. ඔබගේ විවිධ කටයුතුවලට බාධාවන් ගෙන දෙනු ඇත.
මකර - සේවාවේ ගැටලු
ඔබට යහපත් නොවනු ඇත. සේවා ස්ථානය ආශ්‍රිතව යම් ප්‍රශ්නයක් පැන නගී. පවුල් දිවියේද ගැටලු මතුවන අතර දරුවන් ලැබීමට සිටින අය පරිස්සම් වීම වැදගත් වනු ඇත.
කුම්භ - කීර්තිය අත්වේ
හවුල් කටයුතුවල නිරත වීමෙන් අලුතින් ව්‍යාපාරික කටයුතු ඇරඹීමටත් යහපත් වකවානුවකි. පවුල් දිවියේ සමගිය වර්ධනය වනු ඇත. කීර්තිය අත්වන වකවානුවක් වේ.
මීන - සෙම් රෝග
සතුන්ගෙන් ඔබට ශරීර පීඩාවක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න. ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධාවන් ගෙන දෙනු ඇත. සෙම් රෝගාබාධයක් වර්ධනය වනු ඇත.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය
ඔලබොඩුව, ගෝනපල