2018 ජුලි 07 වන සෙනසුරාදා

ඔල්මාදකාරයන් ඉහළට, ගහමරාගැනීම් වැඩිවේ

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 91

1999.12.31 දින ආරම්භ වූ ශත වර්ෂය පාදක කර ගනිමින් භිර්ගු නන්දන නාඩි ප්‍රථම පර්යේෂණ ලිපිය 2017.07.23 වෙනිදා ඉරිදා දේශය පුවත්පතෙහි ප්‍රසිද්ධ කරන ලදි. එදා සිට වර්ෂයක් සපිරෙන මේ මොහොත වන විට එකී ලිපියේ සඳහන් කළ අනාවැකි බොහෝ කොටසක් සත්‍ය වී ඇත. ඒවා අතර,

මානසික රෝගීන් බහුල වීම, චිත්‍ර ශිල්පියෙකුට මාරකයක්, පාර්ලිමේන්තුව නොසන්සුන්, මන්ත්‍රීන්ට විපත්, ස්වභාවික විපත් නිසා ආණ්ඩුවේ ධනය වැයවීම් වැඩිවීම්, හමුදාවන් තුළ ප්‍රයෝජනවත් මහා වෙනසක් ඇතිවීම හා ජල යාත්‍රාවක මගඩියක් සමඟ ජල විපත්ති. ආදිය වේ.

එසේම මෙම ලිපියෙන් ඉදිරිපත් කරන අනාවැකි 2019 ජූලි දක්වාම බලපානු ඇත. අයහපත් ජන්ම ග්‍රහ පිහිටීම් ඇති ජන්මීන් ආරක්ෂා වීමට වගබලා ගත යුතුයි.

ශතවර්ෂ කේන්ද්‍රයේ රාහු සහ යුරේනස් සමඟ ගෝචර, රවි, කුජ, රාහු සප්තම වෙයි. ශත වර්ෂ කේන්ද්‍රයේ ශනි - රාහු - චන්‍ර තිදෙනා ගෝචර යුරේනස් සහ ගුරුගෙන් පීඩා වෙයි.

මනුෂ්‍යයාට ඔල්මාදය ඇති වෙයි. මානසික රෝගීන් රට පුරා මතුවෙයි. ඔවුන් විවිධ විකාර පෙන්වමින් නොයෙක් ඉරියව්වලින් යුතුව ඔබමොබ ඇවිදියි. එකිනෙකාට වෛර කර ගනී. පෙර ආත්මවලදී සිදු කරගත් සතුරු ක්‍රියාකාරකම් යටි සිතට ගලා එයි. මව පියා දරුවා යැයි වත් නොසිතා ගහමරා ගනී. නිවාස අඩස්සියේ තබා ගැනීම සහ හිරේ විලංගුවේ දමන්නට පාර කපා ගනී. මිනිස්සු පිස්සන් වෙති. ප්‍රසිද්ධ ස්ථානවලදී විරුද්ධ ලිංගිකයන් සමඟ අනාචාරයේ හැසිරෙන්නට මාන බලයි. අලුත් මත් කුඩු විශේෂයක් මතු වෙයි. ළඟ සිටින අය පවා මත් වෙන තරම් ප්‍රබල වර්ගයක් වීම භයානකය. 

කුජ ග්‍රහයා රවිගේ සප්තමයට ලක්වෙයි. දිශා චක්‍රයේදී යුරේනස් තැන්පත් දකුණේම ගෝචර වේ. භීතියක් හෝ අතුරු ආබාධයක් මත මන්ත්‍රීවරයෙකුට අනපේක්ෂිත මාරකයක් උදා වෙයි.

කාලගුණික හෝ සමාජ ක්‍රියාකාරකමක් නිසා හෝ වැනසී යන මනුෂ්‍ය කොටසක් හේතුවෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට මූල්‍ය සම්පතක් අලුතින් එකතු වනු ඇත.

සාගර හා ජලාශවලට මෙන්ම ජල යාත්‍රාවලට අයහපත ගෙන දේ. ජල විපත් බහුල වන බැවින් ජනතාව කල්පනාකාරී විය යුතුයි. 2019 ජූලි දක්වාම විනිසුරුවරුන්ට අපල උදාවන බැවින් අයහපත් දශානුදශා යෙදුණු නීති ක්ෂේත්‍රයේ සියලුම දෙනා ගුප්ත ශාස්ත්‍රීය පිලිවෙත් අනුගමනය කිරීම වටී.

 

දේශබන්දු
ජ්‍යොතිෂ විද්‍යා විභූෂණ
ගාල්ල - තලගහ - අක්මීමණ
සුරා ශ්‍රී ගුණවර්ධන

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00