2018 ජුලි 07 වන සෙනසුරාදා

100ක් සමඟ ගුවන් යානයක් අනතුරට?

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 153

► මේ මාසය තුළ ග්‍රහණ දෙකක්

මෙම වසර තුළ එක් මාසයකදී ග්‍රහණ දෙකක් සිදුවනු ඇත. ඒ අනුව 2018 ජුලි 13 වැනි දින අර්ධ සූර්යග්‍රහණයක්ද එම මසම 28 වැනි දින පූර්ණ චන්ද්‍රග්‍රහණයක්ද සිදුවේ.

2018 ජුලි මස 13 වැනි කිවි දින සිදුවන්නා වූ අර්ධ සූර්යග්‍රහණයේ මධ්‍යය උදේ 8.32ට නියමිත අතර බ්‍රහස්පතිට අයත් පුනාවස නැකතේ දෙවැනි පාදයේදී ග්‍රහණය සිදුවනු ඇත. 2018 ජුලි මස 28 වැනි දින පාන්දර 1 පසුවී විනාඩි 53ට පූර්ණ චන්ද්‍රග්‍රහණයේ මධ්‍ය අවස්ථාව උදාවන අතර සඳුට අයත් සුවණ නැකතේ ප්‍රථම පාදයෙදී එම ග්‍රහණය සිදුවේ. මෙම ග්‍රහණවල ප්‍රතිඵල ඉදිරි දින 180 ක් යනතුරු බලපවතිනු ඇත.

සූර්යාත්, පෘථිවියත් අතරට සඳු පැමිණීම හේතුවෙන් සූර්ය ග්‍රහණය සිදුවේ. පෘථිවියේ ජීවත් වන අයට (සූර්යග්‍රහණය දිස්වන ප්‍රදේශයේ) අන්ධකාරයක් ඇතිවේ. සූර්යා සඳුගෙන් ආවරණය වීම හේතුවෙන් සූර්යාගේ ආලෝකය පෘථිවියට නොවැටීම නිසා අන්ධකාරයක් ඇතිවේ. චන්ද්‍රග්‍රහණයෙදී චන්ද්‍රයාත් සූර්යාත් පෘථිවියත් එක එල්ලේ පවතිනු ඇත. චන්ද්‍රග්‍රහණයක් සිදුවන්නේ පසළොස්වක පොහොය දිනයක හෝ ඊට පෙර දින හෝ පසු දිනක වේ. සූර්යා පෘථිවියට ඍජුවම වැටීම හේතුවෙන් සූර්යාගේ ආලෝකය සඳුට පතිත නොවේ. පෘථිවියේ සෙවණැල්ල සඳු මත වැටීම නිසා අඳුරු බවක්ද ඇතිවේ. මෙම ක්‍රියාවලිය චන්ද්‍රග්‍රහණයක් නම් වේ. මෙම ග්‍රහණයන් සිදුවන දින සිට ඉදිරියට දින 7 ක්ද පසු දින 7 ක්ද ශුභ කටයුතු සඳහා යොදා නොගත යුතුවේ.
මේ හේතුවෙන් අප රටට ඇතිවන්නාවූ බලපෑම සලකා බැලීමේදී ග්‍රහණයක් සිදුවී දින 15 ක් වැනි කෙටි කාලයක් තුළදී තවත් ග්‍රහණයක් සිදුවීම එතරම් ශුභ ඵලදායක නොවනු ඇත. කාලගුණික විපර්යාසයක් ඇතිවන අතර යම් ප්‍රදේශයකට දැඩි නියං තත්ත්වයක් පවතින විට අනිකුත් ප්‍රදේශයට ජීවිත දේපල හානියට පත් කරමින් හදිසි ජලගැලීම් තත්ත්වයක් ඇතිවනු ඇත. සුළඟේ වේගවත් බවද වැඩිවීම නිසා දේපල හානි සිදුවන අතර ගංඟා, මුහුදු ආශ්‍රිතව ජීවත් වන අය ජලගැලීම් තත්ත්වයකට මුහුණදීමට සූදානම්ව සිටිය යුතුවේ. භූමියේ හදිසි ගිලාබැසීම්ද නාය යාම්ද උද්ගත වේ. නීතිය විසඳන පුද්ගලයන්ට මෙන්ම පූජ්‍ය පක්ෂයේ අයගෙන් මරණ වාර්තා වනු ඇත. දේශපාලන ක්ෂේත්‍රයේද පෙරළිකාර සිදුවීම් ඇතිවන අතර නව දේශපාලන බලවේගයක් ඉදිරියේදී තම බලය පෙන්වන්නාවූත් වකවානුවක් වේ.

විදේශීය වශයෙන්ද රිට්ට මාපාංක 7 ඉක්මවූ ප්‍රබල භූ චලනයක් ඇතිවන අතර ගිනිකඳු විධාරණය වීම්ද සුළි කුණාටු ඇතිවීම්ද මුහුදු ගැලීම්ද හේතුවෙන් ජන ජීවිතවලට බලපෑම් ඇතිවනු ඇත. මගීන් 100කට අධික පිරිසක් රැගත් ගුවන් යානයක් අනතුරට පත්වීමක්ද සිදුවේ. 

මේෂ - සිතේ සතුට අඩුයි

ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වූ බලපෑම් එල්ලවන අතර සිතේ සතුට අඩු වන්නාවූත් කාල වකවානුවක් වනු ඇත.

වෘෂභ - ගැටලු වැඩියි

ආර්ථික ගැටලු ඇතිවනු ඇත. ජලය ආශ්‍රිතව කටයුතු කරන අය කල්පනාකාරී විය යුතුය. සේවා ස්ථානය ආශ්‍රිතව අනෙකුත් සේවකයන්ගෙන් ප්‍රශ්න ඇතිවනු ඇත.

මිථුන - කීර්තිනාමය හානියට

ශරීර ශක්තියට බාධා ගෙන දෙනු ඇත. ඔබගේ කීර්තිනාමයට හානි වන්නාවූත් කාලසීමාවකි. සිතේ සහනය අඩුවී යන අතර පවුල් දිවියේද ප්‍රශ්න පැන නගිනු ඇත.

කටක - හවුලට හොඳ නැහැ

ඔබගේ කටයුතුවලට විවිධ බාධා පැන නගිනු ඇත. පවුල් දිවියේ සමගිය පළුඳු වී යයි. දුර ගමන් මෙම වකවානුව තුළ යෙදුනද ප්‍රතිඵල අත්නොවනු ඇත. හවුල් වැඩවලට අයහපත් වන කාලයක් වේ.

සිංහ - සතුරු බලවේග

හිතමිතුරන්ගෙන් ගැටලු ඇතිවන අතර සමාජ සේවා කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වකවානුවකි. ඔබට එරෙහි සතුරු බලවේග ක්‍රියාත්මක වන බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතුවේ.

කන්‍යා - ආත්මගෞරවයට හානි

සේවා ස්ථානය ආශ්‍රිත ප්‍රශ්න ඇතිවනු ඇත. ආත්මගෞරවයට හානි සිදුවන්නාවූත් කාලයක් වේ. අනවශ්‍ය ලෙස ඔබගේ කටයුතුවලට පිටස්තර අය මැදිවීමෙන් ඔබට ගැටලු ගෙන දෙන කාලයක් වේ.

තුලා - අධ්‍යාපනයට බාධා

කෙටි ගමන් අධික වන්නාවූත් කාලයක් වේ. භූමිය ආශ්‍රිතව ගැටලු උද්ගත වේ. සිතට වද දෙන ප්‍රශ්න ඇතිවිය හැක. උසස් අධ්‍යාපනික කටයුතුවල නිරත අයට බාධා මතුවේ.

වෘෂ්චික - හදිසි පීඩා

සන්නිවේදන ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් ඵල අත්වනු ඇත. හදිසි ශරීර පීඩා ගෙන දෙන වකවානුවක් බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතුවේ.

ධනු - ආර්ථික ගැටලු

පවුල් දිවියේ ගැටලු මතුවන අතර සමගිය පළුඳු වී යන වකවානුවක් වේ. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයටද අයහපත් වන අතර ආර්ථික ගැටලු පැන නගිනු ඇත.

මකර - සිතේ අසහනය

ඔබගේ කටයුතුවලට විවිධ බාධා ඇතිවේ. සිතේ සහනය අඩු වකවානුවක්ද වන අතර දියුණුවට බාධා ඇතිවන වකවානුවක්ද වේ.

කුම්භ - මුදල් නාස්තිය

අවිවේකී කාලයක් වන අතර තමා ළඟින් සිටි අයකු දුරස්ව අමනාප වන්නාවූත් වකවානුවකි. තම මුදල් අනවශ්‍ය ලෙස වියදම් වී යන කාලයක් බැවින් කල්පනාවෙන් වියදම් කරන්න.

මීන - ලැබීම්වලට බාධා

සමාජ සේවා කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් ඵල උදාකරන අතර ලැබීම් මාර්ගවලට බාධාවන් ගෙන දෙයි. සිතේ සහනය අඩුවන අතර භූමිය ආශ්‍රිත ප්‍රශ්නද පැන නගී.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00