වර්තමානයේදී බෝවන රෝග අතරට පිළිකා රෝග තත්ත්වය ද මූලික තැනක් උසුලයි. අතීතයේදී ඉඳහිට පිළිකා රෝගියකු මුණගැසුණද වර්තමානය වනවිට එය සාමාන්‍ය රෝග තත්ත්වයක් වන තරමටම ප්‍රචලිත වෙමින් පවතී. ලොකු කුඩා බාල මහලු භේදයකින් තොරව පිළිකා රෝගයට මුහුණ දෙන රෝගීන් අතරේ අද වනවිට බොහෝ පිළිකා රෝග සඳහා සාර්ථක ප්‍රතිකාර නවීන වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ආයුර්වේදයේ ද පවතී.
ශරීරයේ සෛල එකක් හෝ කිහිපයක අසම්මත ලෙස හැසිරීම හේතුවෙන් හට ගන්නා බෝ නොවන රෝගයක් ලෙස මෙය හැඳින්විය හැක. මෙය මුල් කාලයේදී හඳුනා නොගත් විට එම සෛල පවතින තැන සිට ශරීරයේ වෙනත් අභ්‍යන්තර හෝ බාහිර ප්‍රදේශ කරා පැතිර යාම හේතුවෙන් අවසානයේදී මෙය භයානක රෝග තත්ත්වයක් බවට ද පත්විය හැක. මෙවැනි ශරීරයේ ඇතිවන එවැනි අසාමාන්‍ය ලෙස වර්ධනය වන කොටසට යම් අාසාදනයක් ඇතිවීමෙන් එම තත්ත්වය බරපතළ විය හැක. ඇතැම්විට එවැනි ආසාදන තත්ත්වයක් ඇති වූ විට එයින් රුධිරය සහ සැරව පිටවිය හැක. මෙයින් ශරීරයට ලැබෙන්නා වූ සියලු පෝෂණ කොටස් එයින් උරා ගනී. බොහෝ විට පිළිකා රෝගීන් ආහාරයට ගනු ලබන බොහෝ පෝෂණ කොටස් පිළිකා වර්ධනය වීම සඳහා ද ඉවහල් වේ. මෙවැනි සෛල වර්ධනයක් මුල් කාලයේදී හඳුන්වනු ලබන්නේ Tumor ලෙසය. සිංහල වෙදකමට අනුව එයට කියනු ලබන නාමය වන්නේ අර්බුදය ලෙසයි. එමෙන්ම ගෙඩිය යනුවෙන් ද හඳුන්නවනු ලබන්නේ මේ තත්ත්වයයි.
පිළිකාවක් බවට පත්විය හැකි අර්බුදයක් (ගෙඩිය) තුළ ඇතිවන ලක්ෂණ
අර්බුදය මත දිගින් දිගටම සෛල හට ගැනීම සහ එම සෛල බෙදී ගොස් අර්බුදය තවදුරටත් පුළුල් වීම. (මෙහිදී සෛල බෙදීම සිදුවනු ලබන්නේ ඒක සෛලීය ජීවියකු වන ඇම්බාවකු බෙදී යමින් තව තවත් ඇම්බාවන් හට ගන්නා ආකාරයටයි.)
අර්බුදයේ සෛල වර්ධනය සහ බෙදී යාමට සාමාන්‍ය
ඖෂධ මගින් බාධා සිදු කරන අවස්ථාවලදීත් සෛල වර්ධනය වීම.
අර්බුදය මත තිබෙන සෛල කිසිඳු සීමාවකින් තොරව දිගින් දිගටම බෙදී යාම.
අර්බුදය තුළ සහ අවට ප්‍රදේශවල තිබෙන පටක විනාශ වීම සහ ඒ තැන් වණ වීම.
පිළිකාවක් ඇතිවන්නේ කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරමිනි. මෙහි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නට පටන් ගනු ලබන්නේ පිළිකාව වර්ධනය වීමත් සමඟය. උදාහරණ ලෙසින් කිසියම් රෝගියකුගේ බඩවැලේ පිළිකාවක් ඇතිවී එය වර්ධනය වෙමින් පවතීනම් එම ශරීරයේ මතුපිට කුඩා ගෙඩි හට ගනී. මෙම ගෙඩි කලක් ගතවෙද්දී පැසවා සැරව ගලයි. නමුත් බොහෝ දෙනා මෙයට නිසි ප්‍රතිකාරයක් නොගනී. කල් යද්දී මේ පිළිකා තත්ත්වය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වේ.
එමෙන්ම ඇතැම් පිළිකා රෝගීන්ගේ පිළිකාව පවතින තැනට ආසන්නව මේ රෝග ලක්ෂණ ඇතිවේ. උදාහරණයක් ලෙසින් පෙනහළු පිළිකාවක් ඇති කෙනකුගේ ශ්වසනාලය බාධා වීම, දිගින් දිගටම පවතින කැස්ස හෝ නිව්මෝනියාව ඇතිවීම වැනි තත්ත්වයන් ඇති විය හැක.
ගලනාළය වැනි ස්ථානයක පිළිකාවක් ඇති වූ විට ආහාර ගිලීමේ අපහසුව, ආහාර ගන්නා විට දැඩි වේදනාවක් දැනීම වැනි තත්ත්වයන් ඇතිවිය හැක. එමෙන්ම බඩවැල් ආශ්‍රිතව පිළිකා තත්ත්වයන් ඇතිවූ විට බඩවැල්වල අවහිරතා ඇති වී බඩවැල්වල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා ඇති කරයි.
එමෙන්ම ඒ ඒ ආශ්‍රිත අධික වේදනාව, කෙට්ටු වීම, එක දිගට පවතින උණ, කැස්ස, ඇඟ පත වේදනාව, වමනය යාම වැනි රෝග ලක්ෂණයන් ද මෙවැනි පිළිකා තත්ත්වයන්හි රෝග ලක්ෂණයන් වේ.
පිළිකා රෝගය බොහෝ විට සුව කරගත හැකි රෝගයකි. පිළිකා සෛල ශරීරයෙන් ඉවත් කළ විට පිළිකා රෝගය ද නිට්ටාවටම සුව කරගත හැක. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මේ සඳහා සුදුසු තෙල් වර්ග සහ කසාය වර්ග බොහොමයක් ඇත.
එමෙන්ම පිළිකාව ඇති ස්ථානය අනුවත් පිළිකාව වර්ධනය වී ඇති අන්දම අනුවත් රෝගියා විසින් ගතයුතු සහ නොගත යුතු ආහාර වර්ග ද ඇත. කෙසේ වුවත් පිළිකාව යනු කිසිසේත්ම බෝවන රෝගයක් නොවන අතර රෝගය හඳුනාගැනීමත්, ඒ සඳහා නිසි ප්‍රතිකාර ගැනීමෙන් රෝගය නිට්ටාවටම සුව කරගත හැක.
(මේ පිළිබඳව තවත් තොරතුරැ ඉදිරි සතියෙන්)
ආයුර්වේද වෛද්‍ය
චාන්දනී වික්‍රමආරච්චි