නැවත දෛවයේ කුරිරු සරදමක් ශ්‍රී ලංකාව ලක්වෙමින් එල්ලුම් ගස පිළිබඳව කතිකාවක් සමාජගත වී ඇත. ජනතාවට ඕනෑම දෙයක් කතා කළ හැක. එහෙත් ඉපදුණු මිනිසා මරණ හැටි තීරණය වන්නේ ග්‍රහ බලවේගය මත පමණි.
දිවි තොරවන ක්‍රම අතර ගෙල පීඩා වී සිදුවන මියයාම එක ක්‍රමයක් පමණි. ලොමුදැහැගැන්වෙන ගෙල පීඩා නිසා මියයාම මුල්වරට වාර්තා වන්නේ 1814.05.17 වැනිදාය. ඒ බෝගම්බරදීය. ඛේදනීය තත්ත්වයට මුහුණ දුන්නේ වීර මද්දුම බණ්ඩාර කුමාරයාය.
මෙවැන්නක් යළි සිදුවීමට නම් එදා පැවති ග්‍රහ ගෝචරය ශ්‍රී ලංකාවේ ලග්නයට අද ආරෝපණය විය යුතුයි. වර්තමාන ජ්‍යොතිර්වේදීන් භාවිත කරනුයේ ශ්‍රී ලංකාව පිළිබඳ වැරදි ලග්නයකි. 1948.02.04 දින නිදහස් ධජය එසවූ මොහොතේ තත්කාල ලග්නය ශ්‍රී ලංකාවේ ලග්නය වන්නේ නැත.
භූ විද්‍යාඥයන් මෙන්ම ජ්‍යොතිෂ විද්‍යා පර්යේෂකයන් විසින් පිළිගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ සමුද්‍ර තටකයට අනුව භූමි ප්රක්ෂේපණ ලග්නය මකර ලග්නය බවය.
ගෙලට පීඩා ගෙනදෙන මනුෂ්‍ය ඝාතනය කිරීමට බලපාන ජ්‍යොතිෂ නීති බොහෝ පවතී. ඉන් කීපයක් පහත සඳහන්ය.
අදාළ රාජ්‍යයේ භූමි ප්රක්ෂේපණ ලග්න කුණ්ඩලියට ලග්න ඒරාෂ්ඨකය - ලග්නාෂ්ඨම ඒරාෂ්ඨකය ආදී කුමන හෝ ඒරාෂ්ඨක ප්‍රබල පීඩා දෙන කාලයක් විය යුතුයි.
පුත්‍ර කාරක ගුරු ග්‍රහයා ලග්නාධිපතියා සමඟ ෂෂ්ඨාශ්ඨම විය යුතුයි. එසේ නැතහොත් එකී පුත්රකාරකයා මාරක අටවැන්නේ හෝ ත්රිකස්ථානයේ සිටිය යුතුයි.
රැධිර පිපාසිත කුජ ග්‍රහයා ලග්නාධිපතියා සමඟ ෂෂ්ඨාශ්ඨම වීම හෝ ත්රිකස්ථානගත වීම සිදුවිය යුතුයි.
පුත්රස්ථානාධිපතියා පීඩා වී සිටිය යුතුයි.
ගෙල ප්‍රදේශය නිවේදනය කරන දෙවැන්න හෝ දෙවැන්නාධිපතියා පීඩා විය යුතුයි.
01 රූප සටහන
1814.06.17 වැනිදා මද්දුම බණ්ඩාරගේ හිස බෝගම්බර පිටියේදී කඳින් වෙන් කළ දිනයේ ග්‍රහචාරය මකර ලග්නය කුණ්ඩලියට ආරෝපණය කර ඇත්තේ අංක - 01 දරණ රූප සටහන පරිදියි. ඒ අනුව ග්‍රහ විග්‍රහය පහත සඳහන් පරිදි වේ.
එදා මකර ලග්නයට ලග්න ඒරාෂ්ඨකයේ මධ්‍යය ගෙවෙමින් පැවතිණ.
පුත්‍රකාරක ගුරු ග්‍රහයා සිංහ රාශියේ සිටියේය. එවිට ඔහු ලග්නාධිපති ශනි සමඟ ෂෂ්ඨාෂ්ඨම ගත විය.
පුත්‍රකාරක ගුරුගේ තැන්පත්වීම මාරක අටවැන්නෙහිම විය. එකී ගුරු 12 වැන්නේ අධිපතියා ද විය. තවද මාරක තුන්වැන්නේ අධිපතියා ද විය.
මාරක 11 වැන්නේද, භූමි නිවේදන සිව්වැන්නේද අධිපතියා වන කුජ ග්‍රහයා ත්‍රික ස්ථානයක් වන හයවැන්නේ තැන්පත් විය. එවිට ලග්නයේ තැන්පත් සෙනසුරැ සමඟ ෂෂ්ඨාෂ්ඨමගත වූයේය. තවද මෙකී කුජයා දෙපිටකාට්ටු බුධයා සමඟ ද ෂෂ්ඨාෂ්ඨම විය.
පුත්‍ර ස්ථානය වන පස්වැන්න වෘෂභයට අයත් වෙයි. එහි මාරක අටවැන්නේ අධිපතියා වන රවි ග්‍රහයා තැන්පත්ව සිටිමින් පුත්‍ර ස්ථානය දූෂණය කර තිබිණ. එමෙන්ම එහි අධිපතියා වන සිකුරා ද මාරක තුන්වැන්නේ තැන්පත් විය. අග්‍රයට සෙනසුරුගේ දෘෂ්ටිය ද එල්ල විය. එමෙන්ම එකී සිකුරිය කූටෝපක්‍රම රාහුගේ දෘෂ්ටියෙන් ද හෙම්බත් විය.
ගෙල නිවේදනය කරනු ලබන දෙවැන්නට මාරක අටවැන්නේ සිටින ගුරු විසින් තමාගේ අශුභ සප්තම දෘෂ්ටිය එල්ල කර තිබිණ. එමෙන්ම අටවැන්නාධිපතියා වන රවිගේ දෘෂ්ටියෙන්ද දෙවැන්න මර්මස්ථානගත විය. දෙවැන්න එසේ පීඩා වෙද්දී දෙවැන්නාධිපතියා වන සෙනසුරා ලග්නගත විය.
එවිට රෝග සතුරු ස්ථානයේ තැන්පත් ලේ පිපාසිත කුජගේ අටවන දෘෂ්ටියෙන් එකී දෙවැන්නාධිපතියා වන සෙනසුරා පීඩා කළේය.
මකර ලග්න ශ්‍රී ලංකා භූමි ප්රක්ෂේපණ ලග්න කුණ්ඩලියට ලක්වූ මෙකී පීඩාව නිසා කෘෘර රාජඅණ ක්‍රියාත්මක වී මද්දුම බණ්ඩාර කුමරුට අමතරව තවත් ජීවිත කොපමණ බිලිගන්නට ඇත්ද?
පර්යේෂණ ජ්‍යොතිෂ චාරිකාවේ ඊළඟ අරමුණ වන්නේ 2018 දී මෙවැනි ග්‍රහ නීතියක් පවතීද යන්න සොයා බැලීමය.
අංක 02 දරණ රූප සටහන
අංක 02 දරණ රූප සටහන ඊට අවකාශය සලසා ඇත.
ලග්න ඒරාෂ්ඨකයක් ක්‍රියාත්මක වෙතත් එහි මධ්‍යගත කරන කාල වකවානුවක් 2018දී උදා වී නැත.
පුත්‍රකාරක ගුරු ග්‍රහයා ලග්නාධිපති ශනි සමඟ ෂෂ්ඨාෂ්ඨම පිහිටීමක් නැත.
කුජ ග්‍රහයා ලග්නාධිපති සමඟ ෂෂ්ඨාෂඨම වීමක් 2018දී සිදු නොවේ.
පුත්‍රකාරක ගුරු ග්‍රහයා යුරේනස්ගෙන් පීඩා වීමද නුදුරේදී මග හැරී යයි.
දෙවැන්න හෝ දෙවැන්නාධිපතියා පීඩා කරනු ලබන ග්‍රහයෙක් නැත.
ඒ නිසා කිසිදු විටක 2018 වසරේදී මරණ දඬුවම ක්‍රියාත්මක වීමක් සිදු නොවේ. මේ අදහස කතාබහට පමණක් සීමාවී අවසානයේදී සියල්ල නිහඬ වනු ඇත.
ස්වභාවධර්මයාට පවතින්නේ මිනිසාට වඩා වෙනත් නීතියකි. මිනිස්සු තැනූ නීතිවලින් ඔවුහුම බැට කති. ඉපදුණු මිනිහා මැරීමට වේලාව සහ ක්‍රමය තීරණය කරනු ලබන්නේ ග්‍රහ බලය විසින් බව අවධාරණය කළ යුතුය.
දේශබන්ධු - ලංකා පුත්‍ර ජ්‍යොතිෂවේදී
සුරා ශ්‍රී ගුණවර්ධන
අක්මීමන