2018 ජුලි 28 වන සෙනසුරාදා

විසල් පොල් වත්තක් මැද ෂැංග්‍රිලා හම්බන්තොට ගොල්ෆ් ගැහිල්ල

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 116

ෂැංග්‍රිලා හම්බන්තොට ගොල්ෆ් රෙසෝට් ඇන්ඩ් ස්පා හෝටලය විසින් පළමුවැනි වතාවට සංවිධානය කරපු ගොල්ෆ් සාමාජික තරගාවලියට සහභාගි වෙන්න පහුගියදා මට අවස්ථාව ලැබුණා. 
හෝටලයේ ගොල්ෆ් සමාජයේ සාමාජිකත්වයට වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරපු මේ තරගාවලියට සාමාජිකයන් 72 දෙනකු තරගවැදුණා.  

ෂැංග්‍රිලා හම්බන්තොට හෝටලයේ ගොල්ෆ් සමාජයට එක්වෙන්න ඔබටත් පුළුවන්. සාමාජිකත්වය සඳහා වසරකට රුපියල් 85,000 සිට ඉහළට ගාස්තු ගෙවිය යුතුයි. ඒ වගේම රුපියල් 130,000කට පවුල් සාමාජිකත්වයක් ලබාගත හැකියි.  
මේ ගොල්ෆ් පිටිය පිහිටා තිබෙන්නේ සුවිසල් පොල් වත්තකයි. සිදුරු 18ක් සහිත මේ පිටිය ඇත්තෙන්ම ඉතාමත් දැකුම්කළු ස්ථානයක්. කොළඹ ඉඳන් දුර බැහැරින් පිහිටා තිබෙන තැනක් වුණත් ඒ දුර ගෙවාගෙන මෙතැනට එන එක ගැන නම් ඔබ පසුතැවෙන එකක් නැහැ. ඒක විශ්වාසයි! 

  ධනූ
ඡායාරූප - You’re my favorite