සාමාන්‍යයෙන් අඟහරු ග්‍රහයා කිසියම් රාශියක ගමන් කිරීමේදී එම රාශියෙහි මුල් අංශක 10 තුළ වැඩි බලපෑමක් ඇති කරයි. බොහෝවිට අඟහරු ග්‍රහයා එක රාශියක ගමන් කරන්නේ මාසයකට ආසන්න කාලයකි. නමුත් වසර ගණනාවකට පසු අඟහරු ග්‍රහයා එක රාශියක මාස 7ක පමණ කාලයක් වක්‍ර වෙමින් ගමන් කරන අවස්ථා ඇති කරයි. ඒ අනුව වසර 48කට පසු අඟහරු ග්‍රහයා 2018 මැයි 2 වැනිදා අඟහරුගේ බලවත් රාශිය වන මකර රාශි ගත විය. නොවැම්බර් 6 වැනිදා දක්වා අඟහරු මකර රාශියෙහි ගමන් කරයි. දේශගුණික බලපෑම් මෙන්ම ජීවීන්ගේ ක්‍රියාකාරකම්වලට ප්‍රබල බලපෑමක් ඇති කරන්නට මේ අඟහරු ග්‍රහයා දායකත්වයක් සපයයි. ක්‍රියාකාරකම් ලෙස හඳුන්වනවා නම් යහපත් චරිතවල යහපත් ක්‍රියාකාරකම් වෙනුවට ඔවුන් අයහපත් ක්‍රියාකාරකම් සඳහා පොළඹවන්නට අඟහරැ සැදී පැහැදී සිටී. 2018 මැයි 2 වැනිදා සිට මැයි 28 දක්වා කාල පරාසය අඟහරු බලවත් මකර රාශියේ මුල් අංශක 10 තුළ ගමන් ගත් කාල පරාසය වේ. දේශගුණික වශයෙන් මෙන්ම ජනතාවගේ ආවේගශීලී ක්‍රියාකාරකම් සමග උද්ඝෝෂණ, කැරලි කෝලාහල මෙන්ම සමාජ අපචාරයන් අධික ලෙස වර්ධනය වන කාල පරිච්ඡේදයක් බව කිව යුතුය.
ග්‍රහයෙක් වක්‍ර (Retrogression) වීමේදී එම වක්‍ර වූ ග්‍රහයාගෙන් වැඩි බලපෑමක් මහ පොළොවට ඇති කරයි. ඒ අනුව මකර රාශියේ අංශක 15 දී වක්‍ර වුණු අඟහරු ජූලි 27 වෙනිදා වනවිට මකර රාශියේ මුල් අංශක 10 තුළට පිවිසෙයි. තවද අඟහරුගේ සිට අංශක 180ක දුරින් හිරැගේ පිහිටීමත් ගුරැ ග්‍රහයා ද අඟහරැට චතුරශ්‍ර වෙමින් ද පවතින ජූලි 27 දින සිට සැප්තැම්බර් 28 දක්වා කාලය තුළ අප රටේ දේශපාලන හා සමාජයීය වශයෙන් පවතින දුර්වලතාවයන් සීඝ්රයෙන් වර්ධනය වී ජනතාවගේ කෝපවීම් හා ජනතාව උසිගැන්වීම් නිසා මහත් වූ ව්‍යසනයක් ඇති කරන්නට ග්‍රහචාරය සූදානමින් සිටී. පාලකයන් ප්රකෝපකාරී ලෙස ජනතාව නුරැස්නා ලෙස හැසිරීම ද ආවේගශීලී වීමද ඒ අතරතුර වැඩ වර්ජන උද්ඝෝෂණ සහ නොයෙකුත් දූෂිත ක්‍රියා වර්ධනය වන කාල පරිච්ඡේදයක් බව කිව යුතුයි. විශේෂයෙන්ම ජූලි 28දා රාත්‍රී සිදුවන පූර්ණ චන්ද්‍රග්‍රහණය හා රවි, බුධ, සිකුරු, රාහු එක් පාර්ශ්වයකත් සඳු, කුජ, කේතු හා ශනි ඊට ප්රතිවිරුද්ධව සිටීමත් යන කරුණු එක විට සිදුවීම නිසා 28 වැනිදාට ආසන්න දිනයක දේශගුණික වශයෙන් මහත් වූ විපත් ඇති කරන්නට ඉඩ වැඩිය. අධික සුළං හා සුළි කුණාටු ද වර්ෂාව මෙන්ම ලෝකයේ බිහිසුණු භූ චලන හා ගිනි කඳු සක්‍රිය වීම් හා ගොඩනැගිලි කඩා වැටීමත් ආදිය සිදුවන්නට වැඩි ප්රවනතාවක් පවතී.
ජ්‍යොතිෂ්‍ය විඥාණාචාර්ය සාමවිනිසුරු වෛද්‍ය ඩබ්. තිලක් ද සිල්වා