ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව බොහෝ රෝග සුවපත් කිරීමේ හැකියාවක් නීරමුල්ලිය නම් ඖෂධයට ඇත. ඇතැමුන් මෙය “ඉකිරිය” ලෙසද හඳුන්වයි. දම්පාට හෝ රෝස පාට වර්ණයකින් යුත් මලක් ඇති කටු සහිත පැළෑටියකි. මෙය වැඩිපුරම ජලාශ්‍රිත ප්‍රදේශවල වැඩේ.
බොහෝ රෝග වළක්වා ගැනීමටත් රෝගයක් සඳහා කරනු ලබන ප්‍රතිකාරවලදී ගනු ලබන ඖෂධ නිෂ්පාදනයක් සඳහා ද නීරමුල්ලිය යොදාගැනේ.
හොඳින් මුත්‍රා පිටකරන, මුත්‍රා ඇති කරවන ඖෂධයක් ලෙසින් ද හඳුන්වන අතර “දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව මුත්‍රා කාරක ඖෂධයක් ලෙසද හැඳින්වේ. ආයුර්වේදයට අනුව මුත්‍රා පද්ධතිය හා සම්බන්ධ රෝගවන මුත්‍රාඝාත (මුත්‍රා හොඳින් පිට නොවීම) මුත්‍රා කටච්ඡ (මුත්‍රා අපහසුවෙන් පිටවීම) සහ මුත්‍රා අශ්වරි (මුත්‍රා ගල්) යන රෝග තුන සඳහා නීරමුල්ලිය ඉතා ගුණදායක ඖෂධයකි.
එමෙන්ම නොයෙකුත් රෝග තත්ත්වයන් නිසා ඇති වන මුත්‍රා දැවිල්ල, වේදනාව, මුත්‍රා පිටවීම අවහිර වීම, වකුගඩු හා මුත්‍රා නාල මුත්‍රාශයේ ඇතිවන ගල් සඳහා ද ඉතා යෝග්‍ය වේ.
නමුත් නීරමුල්ලිය වෛද්‍ය උපදෙස්වලින් තොරව එකදිගට නොගත යුතුය. නීරමුල්ලිය මගින් ආයුර්වේදයේදී ගුලි, කල්ක, නසාය, චූර්ණ, පෙති, කරල් ලෙසින් නිපදවේ.
නීරමුල්ලිය ඇට ලිංගික බෙලහීනතාවය හා ශුක්‍රණු නිෂ්පාදනය නොවීම සඳහා ද ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.
දියවැඩියා රෝගීන්ට ද මෙය ගුණදායක වන අතර එයද වෛද්‍ය උපදෙස් අනුව ගතයුතුය. අක්මාව ආරක්ෂා කරයි. ලිංගික බෙලහීනතාවයට ද ඉතා ගුණදායක වේ. මොළයේ නීරෝගි භාවය වෙනුවෙන්ද ප්‍රදාහ තත්ත්ව ඉඳිමුම් තත්ත්වයන් ද දුරුකරයි.
විශේෂයෙන් ආතරයිටීස් රෝග ප්‍රදාහ තත්ත්වයන් ඉදිමුම් තත්ත්වයන් ද ඉතා ගුණදායක වේ. අධික රුධිර පීඩන සහිත රෝගීන්ට ද ඉතා ගුණදායක වේ.
උණ රෝගීන්ගේ මුත්‍රා හොඳින් පිට කර උණ අඩුකිරීමට උපකාරී වේ. මෙහි රෝග මැඩලිය හැකි ප්‍රතිශක්තිකරණ බොහොමයක් අන්තර්ගතවේ.
නීරමුල්ලිවල ඇති විටමින් E වලින් ශක්තිය ඇති කරයි. කිරි දෙන මව්වරැන්ට නැවත මාසික ඔසප් චක්‍රය ඇති කිරීමට උදව් කෙරේ.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව නීරමුල්ලිය පුළුස්සාගත් දුම ඇස්වල තුවාල සුවකිරීමට යොදාගෙන ඇත. එමෙන්ම උණ ගැනුණු රෝගීන්ට නීරමුල්ලිය තම්බා ගත් වතුරවලින් ඇස් තෙමීමක්ද ආයුර්වේදයේ සඳහන් වුවත් එය වෛද්‍ය උපදෙස් අනුව කිරීමට වගබලා ගන්න. නීරමුල්ලිය කොළ සලාද සහ ව්‍යාංජන සඳහා යොදාගැනුණද මේ ඉතා වටිනා ගුණදායක ඖෂධය ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම අවශ්‍යය.
විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරුණෑගල ආයුර්වේද රෝහල