කොළඹ විනෝදාස්වාදයෙන් පිරුණු නගරයක් කරා ගෙනයෑමේ සිනමන් ලයිෆ් වෑයම තවදුරටත් ඉදිරියට ගෙනයමින් ලන්ඩනයේ ප්‍රකට නිර්මාණයක් වන MAMMA MIA කොළඹට ගෙන ඒමට සිනමන් ලයිෆ් පියවර ගෙන තිබෙනවා. ඒ මේ වසරේ දෙවැනි වරටත් දැවැන්ත නෘත්‍ය ප්‍රසංගයක් ලාංකිකයන්ට සමීප කරමිනුයි.
ලබන දෙසැම්බර් මස 22 සිට 30 දක්වා පුරා දින නමයක් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී මේ ලෝක ප්‍රකට නෘත්‍ය ප්‍රසංගය පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් ලන්ඩනයේ සිටින ලෝක ප්‍රකට නෘත්‍ය කණ්ඩායමකුත් ලංකාවට පැමිණෙනවා.
දැනට ලොව පුරා නගර 440කටත් වැඩි සංඛ්‍යාවක රඟ දක්වා ඇති මේ ප්‍රසංගය මුල්වරට ලන්ඩනයේ රඟදැක්වුණේ 1999 වසරේදීයි. 2001 වසරේ සිට 2015 දක්වා එක දිගට රඟ දැක්වුණු නිසා ලෝකයේ නමවැනියට දිගුම කාලයක් රඟ දැක්වුණු නිෂ්පාදනය ලෙසත් හැඳින්වෙනවා.
මෙහිදී 70 දශකයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වුණු ABBA ඉදිරිපත් කරපු “Dancing Queen”, “Take a Chance on Me”, “Thank You for the Music”, “Money, Money, Money” වැනි ගීත රැසක් රසවින්දනය කිරීමේ අවස්ථාව මෙරට රසිකයින්ට හිමිවෙනවා.
ලොව පුරා මිලියන ගණන් ජනතාවගේ ආදරය දිනාගත් MAMMA MIA ප්‍රසංගය ශ්‍රී ලාංකික රසිකයන් වෙනුවෙන් ගෙන ඒමට ලැබීම පිළිබඳව සිනමන් ලයිෆ් ද අභිමානයට පත්වෙනවා.