2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

මවුන්ටන් ඩිව් වෙතින් ත්‍රාසජනක යතුරුපැදි සංදර්ශනයක්

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

අනුරාධපුරය, කුරුණෑගල සහ ගම්පහ යන නගරවල යතුරුපැදි රසිකයන් අමන්දානන්දයට පත් කරමින් ‘Day of Dares 3.0’ නමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මෙරට ජනප්‍රියතම පාන වර්ගයක් වන Mountain Dew පසුගියදා පියවර ගෙන තිබුණා. ශ්‍රී ලංකාවේ පාන වර්ග සන්නාමයක් විසින් සිදුකරන ලද දැවැන්තම පාරිභෝගික සහභාගීත්වයෙන් යුත් ප්‍රවර්ධන වැඩසටහන මෙය වීම ද කැපීපෙනුණා.

අනුරාධපුර ප්‍රධාන බස් නැවතුම්පොළ, කුරුණෑගල නගර මධ්‍යය සහ ගම්පහ දුම්රිය ස්ථානය වැඩසටහන සඳහා තෝරාගෙන තිබුණා. අවට ප්‍රදේශවලින් විශාල ජනකායක් සහභාගී වූ මේ අවස්ථාවේදී මෙරට සිටින දක්ෂ සහ ප්‍රමුඛතම යතුරුපැදි සංදර්ශනකරුවන් විසින් රැස්ව සිටි පිරිස අතරෙහි හුන් යතුරුපැදිලෝලීන්ට ත්‍රාසජනක යතුරුපැදි ධාවනයේ යෙදීමේ අවස්ථාවත් හිමිකරදීම විශේෂත්වයක්.

මීට පෙර පැවති ‘Day of Dares’ 1.0 හා 2.0 වැඩසටහන්වල සාර්ථකත්වයත් සමගින් මෙවර වැඩසටහන සංවිධානය කිරීමෙන් ත්‍රාසජනක ක්‍රීඩාවල ඇඟ කිළිපොළා යන වින්දනයත්, නරඹන්නන්ගේ අපේක්ෂාවනුත් ඉහළ තලයකට ඔසවා තැබීමට සමත්ව තිබුණා.

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00