සුගතදාස පිටියේ හින්දි “හිට්”
ෂ්‍රෙයා ගෝෂාල් කියන්නේ දැනට ලෝකයේ ඉන්න ජනප්‍රියම හින්දි ගායිකාව විදිහටයි සැලකෙන්නේ. බොලිවුඩයේ චිත්‍රපට පසුබිම් ගායනය හරහා අංක එකට පත්වුණු ෂ්‍රෙයා නැවත වරක් ලංකාවේ ප්‍රසංගයක් පවත්වන්න සූදානමින් ඉන්නවා. මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 08 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදීයි. රුපියල් 3,500 ඉඳන් රු. 25,000 වෙනකල් ටිකට් දැන් විවෘතව පවතිනවා.
කාන්තාවන්ට නකල්ස් චාරිකාවක්
නකල්ස් කඳුවැටිය තරණය කරන්න කාන්තාවන්ට පමණක් උදාවෙන අවස්ථාවක් ගැන අපට අහන්න ලැබුණා. ඒ තමයි Sri Lanka Holiday Bungalows සූදානම් කරන Girl’s Hiking Tour නකල්ස් චාරිකාව. සැප්තැම්බර් 22 සහ 23 දවස්වල පැවැත්වෙන මේ වැඩසටහන ගැන වැඩිදුර විස්තර ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්.