පහුගිය ඉරිදාවක උදෙන්ම මම නැගිට්ටේ විශේෂ හේතුවකට. ඒ තමයි අයික්‍රීම් බඳුනක බැහැලා කිමිදෙන්න තියෙන වුවමනාවට. ඇත්තටම කිව්වොත් කොළඹ හිල්ටන් හෝටලය පහුගිය දවසක අයිස්ක්‍රීම් වෙනුවෙන් විශේෂ දිනයක් වෙන්කරලා තිබුණා. ඉතින් මේ අයිස්ක්‍රීම් දිනයට සහභාගී වෙන්න මමත් හිල්ටන් එකට ගොඩවුණා.
අයිස්ක්‍රීම් කිව්වම අකමැති කෙනෙක් ඉන්නවද? මම නම් හිතන්නෙ නැහැ. අනික් අතට හිල්ටන් එකේ Café Kai අයිස්ක්‍රීම්වලට බැහැ කියන කෙනෙක් නම් කීයටවත් ඉන්න විදිහක් නැහැ.
එතැනදි තමන් කැමැති ප්‍රමාණයට අයිස්ක්‍රීම් තෝරාගැනීමේ නිදහස තිබුණා. මම තෝරගත්තේ DOUBLE “XL” ප්‍රමාණයේ අයිස්ක්‍රීම් බඳුනක්. ඒ කියන්නේ සාමාන්‍ය අයිස්ක්‍රීම් ස්කූප්ස් 25ක් දාපු ලොකු අයිස්ක්‍රීම් භාජනයක් කිව්වොත් නිවැරදියි. ඒක ක්‍රිස්පි වේෆර්ස්, වොෆ්ල්ස්, ස්ට්‍රෝබෙරි, රෝස්ට් කරපු ආමන්ඩ්, බෙරීස්, මාෂ්මලොව්, චොක්ලට් සෝස්, ජෙලි බීන්ස්, මැක්රූන්ස්, කුකීස් සහ අයිස්ක්‍රීම් මහ ගොඩකින් පිරිච්ච අයිස්ක්‍රීම් එකක්.
ඉතින් අයිස්ක්‍රීම් ලෝලීන්ට කියාපුම තැනක් තමයි මේක. XL, Regular වගේ ප්‍රමාණවලිනුත් එහෙමත් නැත්නම් ස්කූප්ස් ප්‍රමාණය අනුවත් මෙතැනදී අයිස්ක්‍රීම් තෝරගන්න පුළුවන්කම තිබුණා. Coffee Latte, Apple Tea, Strawberry and Hot Chocolate වගේ තමන් කැමැති රසක් ඒකට එකතු කරගන්නත් පුළුවන්.
ධනූ
ඡායාරූප - you’re my favorite