මේ පහතින් දැක්වෙන කේන්ද්‍රය එයට හොඳ උදාහරණයකි. එහි ග්‍රහයන් පවතින තත්ත්වය සමාලෝචනය කරමින් ඒ පිළිබඳ විමර්ශනයක යෙදිය හැකිය.
මොහු උපත ලබා තිබුණේ 1990.07.18 වෙනි දිනයේදීය. 2016.12.05 වෙනිදා මිතුරකු බස්සවා යමින් සිටියදී දුරකථන ඇමතුමක් ලැබිණ. තල්පේදී රේල් පාර අයිනේ යතුරුපැදිය නතර කළ ඔහු දුරකථනයෙන් කතා කළේ දුම්රිය පාරේ දිගේ ගමන් කරමිනි. ජනතාව දුම්රිය පැමිණෙන බව කියමින් කෑ ගැසුවත් මාරයා එය කනකට ගන්නට දුන්නේ නැත. දුම්රියේ ගැටුණු හෙතෙම එතැනම මිය ගියේය. භිර්ගු නන්දන නාඩි කැඩපත අපූරුවට මෙම මාරක කාලසීමාව පෙන්නුම් කරයි.
i.ගෝචර රාහු විසින් නමවන උත්පත්ති සෙනසුරුට දෘෂ්ටි දෙමින් සිටී. එකී දෘෂ්ටිය 2017.08.17 වෙනිදා අවසන් වීමට නියමිතය. එය 2016.01.30 දින ආරම්භ විය.
ii.ගෝචර රාහු විසින් තම පස්වන දෘෂ්ටිය උත්පත්ති කුජට එල්ල කරමින් සිටී. 2017.08.17 වෙනිදා එය අවසන් වීමට නියමිතය. එය 2016.01.30 දින ආරම්භ විය.
iii.ගෝචර ගුරු විසින් උත්පත්ති රාහුට තම පස්වන දෘෂ්ටිය එල්ල කරමින් සිටී. එය 2016.08.12 වෙනිදා ආරම්භ විය. එමෙන්ම එය 2017.09.13 දින අවසාන වීමට නියමිතව ඇත.
iv.ගෝචර ශනි උත්පත්ති රාහුට තම තුන්වන දෘෂ්ටිය එල්ල කරමින් සිටී. 2014.11.03 වෙනිදා ආරම්භ වූ එය 2017.01.27 වෙනිදා අවසාන වීමට නියමිතය.
ඉහත සඳහන් දත්ත හතරම ක්‍රියාත්මක වීම ආරම්භ වුණේ 2016.08.12 වෙනි දිනයේදීය. ඒ මන්දයත් අනිත් දත්ත ක්‍රියාත්මක වෙමින් තිබියදී එදින ගුරුගේ කන්‍යා රාශියට ගෝචරය වීමත් සමඟ එය ඇරඹුණු බැවිනි.
එමෙන්ම මෙකී දත්ත හතරම එකවර ක්‍රියාත්මක වීම 2017.01.27 අවසන් වීමට නියමිතය. ඒ මන්දයත් එදින සෙනසුරු ග්‍රහයා ධනු රාශියට පිවිසෙන බැවිනි. එහෙත් එතැන් සිට ඉදිරියට ඉතිරි දත්ත තුන ක්‍රියාත්මක වීමටද නියමිතය.
මේ නිසා ප්‍රබල මාරකයක් 2016.08.12 දින සිට 2017.01.27 දින දක්වා ක්‍රියාත්මක වන බවට ඉලක්ක කෙරේ.
මෙම තත්ත්වය කල්තියා හඳුනාගෙන කල්පනාකාරී වූයේ නම් වයස අවු 26 මා 04 දින 17තේදී සිදුවූ අකල් මරණයෙන් ඔහුව ගලවා ගැනීමට ඉඩ තිබිණ.
උපත ලත් කෙනෙකු මියයාම ලෝක ධර්මතාවයයි. ඒ අතරතුරේදී මතුවන විවිධ කාලසීමාවන්හිදී රැකියා අහිමිවීම - තනතුරු තානාන්තර අහිමිවීම - විවිධ මාරකයන්ට ගොදුරු වීම - විභාග අසමර්ථ වීම, ඉදිරිපත් වන්නාවූ ක්‍රීඩා තරග, මැතිවරණවලින් ආදියෙන් පරාජය වීම වැනි කරුණු පිළිබඳව විනිශ්චයක් දීම සඳහා භිර්ගු නන්දන නාඩි මූලධර්ම කිහිපයක්ම පවතී. එයින් හතරක්ම එකවර ක්‍රියාත්මක වීම මත අකල් මරණයකින් ජීවිතයෙන් සමුගැනීමට මෙම තරුණයාට සිදුවූ බව භිර්ගු නන්දන නාඩිය පවසයි.
මෙකී පීඩාකාරී මාරක ග්‍රහචාරය 2017.04.17 වෙනිදා දක්වාම තදබල ලෙසට විශ්වයේ ක්‍රියාත්මක වෙමින් පවතී. එබැවින් තම තමන්ගේ ජන්ම පත්‍ර තමාගේ පෞද්ගලික ජ්‍යොතිර්වේදියා ලවා පරීක්ෂා කරවාගෙන මාරක විපත්ති වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතුවල නියැලීම මැනවි.
ජ්‍යොතිෂ නන්දන
විශ්වකීර්ති ජ්‍යොතිර්විද්‍යා පණ්ඩිත ශිරෝමනී
ගාල්ලේ - තලගහ - අක්මීමන
සුරා ශ්‍රී ගුණවර්ධන