ඊටත් වැඩිය මං කැමති
සමනළයෙක්ව හිනැහෙන්න
මොහොතක් සුවඳ විඳගන්න
පුළුවනි මලක නවතින්න
එතකොට බැරිද
සුවඳ මත වැතිරෙන්න
ඉන් ම දවසක මියැදෙන්න...
ඊටත් වැඩිය මං කැමති,
මැස්සෙකුගෙ වෙස් ගන්න
මඩ වගුරු කුණු ගූ ගොඩ
කෙතරම් ගඳද දැනගන්න
හැමතැනම පියාඹන්න
හිරවෙනකොටම හුස්ම
කවියකට ඒක අමුණන්න
ගඳ සුවඳ වෙන්කර ගන්න
නොවෙයි ජීවිතය අල්ලන්න
මැස්සෙකුට පුළුවන්
සමනළයෙකුට බැරි
මහ දුකක් උහුලන්න...
- ජීවන්ති රත්නසේකර