Baby Valentina කියන්නේ ප්‍රංශයේ ඉඳන් මෑතකදී ලංකාවට පැමිණි මිලානෝ රුද්‍රිගෝ විසින් ආරම්භ කරපු ළමා ආහාරපාන සන්නාමයක් කියලා හැඳින්වුවොත් නිවැරදියි. මිලානෝ තමන්ගේ සිඟිතිය දියණිය වන වැලන්ටිනාට කෑම කවද්දී මුහුණ දුන් දුෂ්කරතාවය නිසා ඇය තමන්ගේම ආහාර හදලා දියණියට කවන්න පටන්ගත්තා. එහි අවසාන ප්‍රතිඵලය තමයි බේබි වැලන්ටිනා නමින් ඈ පටන්ගත් ආහාරපාන නිෂ්පාදන පෙළ.
මේ ආහාරපාන පෙළෙහි කාබනික එළවළු පළතුරු ඇතුළු අමුද්‍රව්‍ය දැකගත හැකියි. කැරට්, බීට්රූට්, දොඩම්, ඉඟුරු වගේ අමුද්‍රව්‍ය මේ ආහාරවලට එකතු කරගෙන තියෙනවා. ඒ වගේම ලංකාවේ සොයාගත නොහැකි ඇතැම් ඉහළ ගුණයෙන් යුත් අමුද්‍රව්‍ය එංගලන්තයෙන් පවා ආනයනය කරන්න මිලානෝ කටයුතු කරනවා. පැපොල්, බීට්රූට්, කෙසෙල් සහ කැරට් යුෂ පානයන් මේ වනවිටත් ගොඩක් අය අතර ජනප්‍රියයි.
මේ අතර වයස මාස අටේ තරම් පොඩි අයත් ආසා කරන විදිහේ ස්වීට් පොටේටෝ, ෆ්ලැක්ස් සීඩ්, බටර්නට් පුයිරී වගේ ආහාර වර්ග රැසක් බේබි වැලන්ටිනා නමින් ලබාගන්න පුළුවන්. බේබි වැලන්ටිනා නිෂ්පාදන ගුඩ් මාකට් එකේදී වගේම Kenko 1st සහ Baker’s Choice කියන තැන්වලදීත් මිලදීගත හැකියි.
♦නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
ඡායාරූප - කණිෂ්ක ගනේවත්ත