2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

ඇඟ හිරි වැටෙන ඔළුගෙඩි හටන Goanna Pulling

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

 

ඕස්ට්‍රේලියාව කියන්නේ ලස්සන, සුන්දර ගොඩක් ශ්‍රී ලාංකිකයෝ ආකර්ෂණය කරගන්න රටක් වුණාට ඕස්ට්‍රේලියානුවන්ගේ විනෝද ක්‍රීඩා නම් ටිකක් අමුතුයි. මේ ඒ වගේ අමුතු ඒ වගේම ඇඟ හිරිවැටෙන ඕස්ට්‍රේලියානු විනෝද ක්‍රීඩාවක්. ඒ තමයි Goanna Pulling. 

මේ ක්‍රීඩාවේදී කරන්නේ පුද්ගලයන් දෙදෙනෙක් හරියට තලගොයි දෙන්නෙක් වගේ ඉඳගෙන ඔළුවට යොදපු පටියක් හරහා ශක්තිය උරගා බැලීමයි. කරන්න තියෙන්නේ ඔලුවට පටිය දාගෙන තමන් ඉන්න පැත්තට හැකි වැර යොදලා අදින එකයි. හරියට කඹ අදිනවා වගේ අනිත් පැත්තේ කෙනාව තමන් ඉන්න පැත්තට ගන්න කෙනා තමයි දිනන්නෙ. 

ඕස්ට්‍රේලියානුවො මේ ක්‍රීඩාවට කොච්චර කැමැතිද කියනවනම් ඔවුන් වාර්ෂිකව Goanna Pulling නමින් ක්‍රීඩා උත්සවයකුත් පවත්වනවා. හැබැයි ඉතින් බලන් ඉන්න අයගෙනම් ඇඟ හිරි වැටෙනවා.