2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

HIT TIPS

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

අසරණ බලු පැටවකුට ස්වාමියෙක් වෙන්න!

Embark දියත් කරන සැප්තැම්බරයේ පළමු Adoption day එක සැප්තැම්බර් 09 වැනිදා ජාඇළ කේ සෝන් පරිශ්‍රයේ පැවැත්වෙනවා. ඉරිදා 2 සිට 4 වෙනකල් පැවැත්වෙන මේ වැඩසටහනට එක්වුණොත් අසරණ වුණු පුංචි බලුපැටවෙකුට ආදරය කරුණාව දක්වලා නිවසක් ලබාදෙන්න ඔබටත් අවස්ථාව උදාවේවි.

කොළඹ පොත් දැක්ම 21 දා..

ලොකු පොඩි කවුරුත් ආසාවෙන් බලන් ඉන්න වාර්ෂික කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 21 සිට 30 දක්වා BMICH හිදී පැවැත්වෙනවා. උදේ නමයේ ඉඳන් රෑ නමය වෙනකල් පොත් සාගරයක කිමිදෙන්න ඔබට අවස්ථාව ලැබේවි.