BRJW කියන්නේ සෑම වාහන අවශ්‍යතාවයකටම සරිලන වාහන අලෙවි සහ නඩත්තු අංගනයක්. හැබැයි ඊට වඩා එහාට ගිය කතාවක් මෙතැන තියෙනවා කියලා මම පහුගියදා හරියටම දැනගත්තා.
Nissan GT-R, Lexus ISF, Ford Focus RS, Subaru STi 11, Mercedes Benz S Class AMG, BMW M5 වගේම තවත් සුපිරි කාර් බොහෝමයක් මෙතැන අලෙවියට තබා තිබෙනවා.
ලංකාවේ හිටිය නමගිය රේසිං ධාවන ශුරයෙක් වෙච්ච බන්දුල ජයසේකර තමයි BRJW නිර්මාතෘ. කොටින්ම ලංකාවට සුභාරු කාර් හඳුන්වා දීලා තියෙන්නෙත් ඔහුයි. දැන් මේ ව්‍යාපාරය කරගෙන යන්නේ ඩැරින් වීරසිංහයි. ලංකාවේ වැඩිම වේගයෙන් යන කාර් මාදිලි කිහිපයක්ම මෙතැනදී දැකගන්න පුළුවන්. Nissan GTR R35 නිෂ්පාදන පෙළ ඒ අතරින් විශේෂයි.
Nissan GTR R35 කියන්නේ 1400 Bhp අධි බලැති කාර් එකක්. HONDA TYPE – R කියන්නේ සිවික් මාදිලියේ බලසම්පන්නම නිෂ්පාදනයයි. මේක ලංකාවේ බොහොම කලාතුරකින් දකින්න ලැබෙන මෝටර් රථයක්ලු. කොහොම නමුත් රේසිං කාර්වලට කැමැති ඕන කෙනෙක්ට BRJW කියන්නේ මඟහැරිය නොමැති ගමනාන්තයක්.
ධනූ
ඡායාරූප - you’re my favorite