2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

ටූනා මාළු - තල දීසි, අඹ කුස් කුස් සැලඩ්, සී ෆුඩ් එක්ක ප්ලැටර් සමඟින් රස හලක්

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 140

මිරිස්ස උඩුපිල පිහිටා තිබෙන අවන්හල් දෙකකට අපි පසුගියදා ගොඩවැදුණා. මේ තැන් දෙකම දිලූ පුංචිහේවාට අයත් අවන්හල්. එකක නම O Mirissa Café and Bistro අනික DelTano’s Wood Fired Pizza and Pasta.

මිරිස්ස මුහුදු වෙරළ ආසන්නයේම පිහිටා ඇති මේ අවන්හල් දෙක මිරිස්සේදී රසවිඳිය හැකි රසවත්ම ආහාරවේල ඔබට පිරිනමනවා කිව්වත් වැරදි නැහැ. Trip Advisor වෙබ් අඩවියට අනුවත් ඉහළම ශ්‍රේණියක් එයට හිමියි.

මේවා අවන්හල් දෙකක් වුණත් තියෙන්නේ එකම තැන. ඒ වගේම අවන්හල් දෙකේම බීම මෙනුවයි අතුරුපස මෙනුවයි සමානයි. වෙනස් වෙන්නේ ස්ටාර්ටර්ස්, ප්‍රධාන ආහාර වේල යන දෙකෙනුයි.

අපි මුලින්ම Cafe Latte කෝපි වීදුරුවක් සහ Peach Iced Tea ජාර් එකක් ගත්තා .කෝපි වීදුරුව සාමාන්‍ය රස්නෙන් තිබුණා වගේම අයිස් ටී එක රසවත් අත්දැකීමක් ගෙනදුන්නා. පලතුරු රසයෙන් පිරුණු ඒ වගේම සෝඩා දාලා තිබුණු අයිස් ටී එක මිරිස්සේ රස්න හැන්දෑවට හොඳට ගැලපුණා. 

අපි ආහාර ගැන්ම පටන් ගත්තේ Tuna in Sesame and Wasabi කියන දීසියෙනුයි. ටූනා සහ තල අඩංගු වුණු මේ දීසියේ වහාබි සෝසුත් තිබුණා. ඊට පස්සේ අපි යොමුවුණේ Cous Cous Salad with Mango කියන අඹ සහ කූස් කුස් දාලා හදපු සැලඩ් එකකටයි. ඒ දෙකම ගොඩක් රසවත්. ඒ වගේම කෑම රුචිය තවතවත් වැඩි කරන්න සමත් වුණා. 

මිරිස්සට ඇවිත් සී ෆුඩ් ප්ලැටර් එකක් නොකෑවොත් මදිකමක් වගේනේ. අපි ඒ නිසා සී ෆුඩ් ප්ලැටර් එකකුත් ගත්තා. ඒක දෙන්නකුට හරි ගාණට තියෙනවා. ඒකෙදි යෝධ ඉස්සන්, දැල්ලන්, තෝර මාලු, කකුළුවන් සමඟ ලයිම් බටර් සෝස් එකකුත් ලැබුණා. මේ දීසිය එක්ක අපි ගාලික් රයිස් එකකුත් ඕඩර් කළා. කැමැති නම් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හරි සැලඩ් එකක් හරි ඕඩර් කරන්නත් පුළුවන්. 

ඊට අමතරව බීෆ් ලසාන්යා, ස්පැගටි ඇගිලෝ, O Mirissa Tom Yum Soup – Seafood, O’ Meatball Beef Wrap  වගේම පිට්සාත් මෙහිදී රසබැලිය හැකියි. පිට්සා එකත් චිකන්, ලූනු, අමු මිරිස්, බෙල් පෙපර්, බ්ලැක් ඔලිව් සහ මොසරැල්ලා චීස් දාලා ගොඩක් රසට හදපු පිට්සා එකක්. 

නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
ඡායාරෑප - කණිෂ්ක ගනේවත්ත

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00