මෙවර මම ගමන් කළේ කොළඹ හතේ තියෙන අපූරු අවන්හලකටයි. අපූරැ කිව්වේ මේ අවන්හල ඉදිකරලා තියෙන්නේ පරණ කන්ටේනර් මැදිරි කිහිපයක් යොදාගෙනයි. ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ඉතාමත් රසට යුරෝපීය පන්නයේ ආහාර පිළිගැන්වෙන මේ අවන්හලේ නම AURA. පිහිටලා තියෙන්නෙ බුලර්ස් පටුමගේ.
මම මුලින්ම යොමුවුණේ චිකන් සැලඩ් එකකටයි. පෙරි පෙරි චිකන් වගේම අලි ගැටපේර, වේලපු තක්කාලි, ෆෙටා චීස් යහමින් එක්කරලයි මේ සැලඩ් එක හදලා තිබුණෙ. හොඳ නැවුම් සහ ක්‍රිස්පි ගතියක් ඒකෙ තිබුණා. Grilled Fish Fillet With Roast Potato And Grilled Vegetables තවත් ඒ වගේ රසවත් ආහාරයක්. මේක AURA මෙනුවට අලුතින්ම එකතුවුණු ආහාරයක්. ඊට ග්‍රිල් කරපු මාළුවෙක් හෝ චිකන් බ්‍රෙස්ට් හෝ චිකන් ලෙග් සමඟ ඔබේ කැමැත්ත මත එළවළු වර්ග දෙකක් ඇතුළත් වෙනවා. ඒ එළවළු වර්ග අතර විවිධාකාරයට හදපු අල වර්ග, මල් ගෝවා සලාදයක්, සාමාන්‍ය එළවළු සලාදයක් ආදිය ඇතුළත්.
මේ අවන්හලේ සෝර්බට්සුත් තියෙනවා. රාස්බෙරි, ෆැෂන් ෆෘට් හා දෙහි යන රස වර්ග තුනකින් සෝර්බට්ස් තියෙනවා. මගේ මනාපය වුණේ නම් ෆැෂන් ෆෘට්.
ඊළඟට මම යොමුවුණේ AURA Freak Shake වෙතටයි. ක්‍රීම්, බ්‍රවුනීස්, ස්ට්‍රෝබෙරි, වේෆර්ස් ආදී ගොඩක් දේවල් ඇතුළත් මේක චොකලට් ෂේක් එකක්. හැබැයි හොඳ පෙනුමක් වගේම රසකුත් එහි තිබෙනවා.
♦ ධනූ (ඩේලි මිරර් ලයිෆ්)
pic- You're My Favorite