වකුගඩු හා මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙන රෝග තත්ත්වයන් ලෙස මුත්‍රා ගල් හැඳින්විය හැකිය. මෙය ආයුර්වේදයේ “මුත්‍රා අශ්වරී” ලෙස හැඳින්වේ. ආසියානු ජනගහණයෙන් 2.5% අතර ප්‍රතිශතයක් තම ජීවිත කාලය තුළ මුත්‍රා ගල් ඇතිවීමේ කර්ජනයට මුහුණ පාති. වැඩි වශයෙන්ම මෙම රෝගයට ලක්වනුයේ පිරිමි පාර්ශවයයි.
අප විසින් ගනු ලබන ආහාර මුත්‍රා මාර්ගයේ හා වකුගඩුවල ගල් ඇතිවීමට එක් හේතුවක් වන බව සඳහන් කළ හැකිය. නිරන්තරයෙන්ම දක්නට ලැබෙන කැල්සියම් ගල් ඇතිවීමට හේතුව මුත්‍රාවල අධික කැල්සියම් ප්‍රමාණයක් තිබීමය. මෙහිදී කැල්සියම්වලින් පොහොසත් ආහාර ගැනීම සීමා කිරීමෙන් අස්ථිවල ශක්තිමත්භාවය පිළිබඳ ගැටලු ඇතිවිය හැක.
එබැවින් ඉතා බහුලව පමණ ඉක්මවා කැල්සියම්වලින් පොහොසත් ආහාර ගැනීමෙන් වැළකීම පමණක් මෙහිදී ප්‍රමාණවත්ය. මෙහිදී සිරුරට ලැබෙන සෝඩියම් ප්‍රමාණය සීමා කිරීම කළ යුතුය. ආහාරයේ ලුණු ප්‍රමාණය වැඩිවීම නිශ්චිතවම ගල් ඇතිවීමට හේතුවකි.
මුත්‍රා ගල්වලින් 80%ක්ම කැල්සියම් ඔක්සලේට් ගල් ලෙස හඳුනාගෙන ඇත. සිස්ටීන් ගල්ද යම් ප්‍රමාණයකින් දක්නට ලැබේ. හරක් මස්, ඌරු මස්, මාළු, කුකුල්මස් වැනි ඔක්ස්ලේට්වලින් පොහොසත් ආහාර සීමා කිරීම වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැක. මස් මාළු අධිකව ආහාරයට ගැනීමෙන් එහි පරිවෘත්තීය ක්‍රියාවලියේදී යූරික් අම්ලය නිෂ්පාදනය ඉහළ යන අතර එමඟින් ද මුත්‍රා ගල් ඇතිවීමේ අවදානම ඉහළ යයි.
මීට අමතරව Chorus’s disease, Ulcerative, Colitis හා ඇතැම් ශල්‍යකර්ම නිසාත් කැල්සියම් ඔස්සලේට් ගල් ඇතිවීමේ අවදානමක් පවතී. ස්ථූල ශරීර සහිත අයට සහ පැරාතයිරොයිඩ් ග්‍රන්ථියේ අසාමාන්‍යතාවයක් නිසා රුධිරයේ මෙන්ම මුත්‍රාවල කැල්සියම් සංයුතිය ඉහළ යාම සහ ඇතැම් ඖෂධ වර්ග මෙන්ම පවුලේ සමීප ඥාතියකුට මුත්‍රාගල් ඇතිවී තිබේ නම් එවැනි තත්ත්වයකට මුහුණ පෑමට වැඩි හැකියාවක් පවතී.
මුත්‍රාගල් වකුගඩුව තුළ වකුගඩුවේ සිට මුත්‍රා ගෙන යන නාලයේ, මුත්‍රාශයේ මෙන්ම මුත්‍රාශයේ සිට මුත්‍රා බැහැර කරන නාලවලත් ඇති විය හැකිය. මීට අමතරව පිත්තාශය ආදී ආහාර මාර්ගය සම්බන්ධ ස්ථානවලත් ගල් ඇතිවිය හැක.
මුත්‍රාගල් තත්ත්වය ඇති වීම රෝගියාට දැඩි වේදනාවක් ඇති විය හැක. එම ගල පවතින ස්ථානය, ප්‍රමාණය ආදී කරැණු මත වේදනාව වෙනස් වේ. මුත්‍රා කිරීමේ දැඩි අවශ්‍යතාවයක් ඇතිවීම, මුත්‍රා දැවිල්ල, මුත්‍රා සමඟ රුධිරය පිටවීම, මුත්‍රා මාර්ගය අවහිර වීමෙන් මුත්‍රා පිටවීම අවහිර වීම, එවිට ආසාදන තත්ත්ව ඇතිවීම. වමනය, ඔක්කාරය වැනි රෝග ලක්ෂණ ඇතිවේ. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝග ලක්ෂණ වෙනස් වේ. එය ගල පවතින ස්ථානය හා ප්‍රමාණය මත තීරණය වේ.
මෙවැනි රෝග ලක්ෂණ ඇති වූවිට රැධිර පරීක්ෂා, එක්ස් කිරණ පරීක්ෂා සහ Ultra sound පරීක්ෂණ මගින් රෝග තීරණය කරගත හැකිය. රුධිර පරීක්ෂණ මඟින් යම්කිසි සැකයකට බඳුන් වූ විට X කිරණ පරීක්ෂණය මඟින් නිශ්චිතවම ගල් පවතින හා තිබෙන ස්ථානය පිළිබඳ හඳුනාගත හැකි වේ. X කිරණ පරීක්ෂණ මඟින් හඳුනාගත නොහැකි විට ස්කෑන් පරීක්ෂණ මඟින් හඳුනාගත හැකි වේ.
ප්‍රතිකාර කිරීමේදී ගල පවතින ස්ථානය, එහි ප්‍රමාණය හා එමඟින් රෝගියාට පවතින අවදානමේ ප්‍රමාණය ආදිය පිළිබඳ වෛද්‍යවරයා නිශ්චිතවම අවබෝධ කරගත යුතුය.
බටහිර වෛද්‍ය ක්‍රමයේදී කුඩා ප්‍රමාණයේ ගලක් නම් එය දියකර හැරීමක්, නැතහොත් ශල්‍යකර්මයක් ප්‍රතිකාර ලෙස භාවිත කෙරේ. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ඉතාමත් සරල ශල්‍යකර්මයක් අද වනවිට මේ සඳහා යොදා ගැනේ.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඉතාමත් සාර්ථක ඖෂධ ප්‍රතිකාර මුත්‍රාශ්වරී සඳහා යොදා ගැනේ. මෙහිදී ඉහත දැක්වූ ආකාරයේ අවස්ථාවට අනුව ප්‍රතිකාර විධි තීරණය වේ. ප්‍රමාණය අනුව මුලින් ගල් දියවීමට ඖෂධ ලබාදී පසුව බැහැර කිරීමට ඖෂධ යොදයි. එවිට ශල්‍ය කර්මයකින් තොරව ඖෂධ ප්‍රතිකාර මඟින් මේ සඳහා ප්‍රතිකාර කළ හැකිය.
මුත්‍රාගල් ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගත යුතුය. දිනපතා ප්‍රමාණවත් තරමට ජලය පානය කළ යුතුය. දිනකට ලීටර් තුනක්වත් ජලය පානය කළ යුතුය. දහඩිය දමන විට, ඌෂ්ණ ප්‍රදේශවල සිටින විට, අව්වේ සිටින වේලාවට ශරීරයට අවශ්‍ය ජල ප්‍රමාණයද ඉහළ යයි.
ලුණු පරිභෝජනය අවම කළ යුතුය. විශේෂයෙන් මුත්‍රා ගල්වලින් පීඩා විඳින්නන් හා මීට පෙර එවැනි තත්ත්වයක් ඇති වූවන් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය. චීස්, ශීත කළ සැකසූ ආහාර, ටින් කළ ආහාර, බේකරි නිෂ්පාදන, අච්චාරු, ලුණු දෙහි ආදිය විශේෂයෙන් නුසුදුසු ආහාර ලෙස සැලකිය හැකියි.
එළවළු හා පළතුරු වැඩිපුර ආහාරයට එක්කර ගත යුතුය. මේවායේ පොටෑසියම්, මැග්නීසියම්, තන්තු, ප්‍රතිඔක්සිකාරක මඟින් ගල් ඇතිවීම අවම කරයි. මස් අනුභවයද සීමා කිරීම ද ඉතා වැදගත් වේ. ස්ථූලතාවය අවම කර ගැනීමට පියවර ගත යුතුය.
කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය
B.A.M.S (කොළඹ විශ්වවිද්‍යාලය)
සෙත්සුව ආයුර්වේද රෝහල