පපුවේ සෙම ඉවත් කිරීම
ජලය වීදුරුවකට ලෙමන් යුෂ හෝ තේ හැඳි දෙකක් සහ මී පැණි තේ හැඳි 01ක් මීශ්‍රකර දිනකට දෙවරක් පානය කරන්න. වීදුරුවකට ලුණු තේ හැඳි 02ක් මිශ්‍රකර උගුර සෝදන්න.
සුදු කබර රෝගයට අත්බෙහෙත්
රත්කිහිරිය, කොටදිබුල පොතු මල් කලං හය බැගින් ජලය පත අට එකට හිඳුවා උදේ සවස මී පැණි ස්වල්පයක් එක්කර පානය කරන්න.
ඇත්තෝර ඇට දෙහි ඇඹුලෙන් අඹරාගන්න.
කොහොඹ පොතු, අරළු, රසකිඳ, රත්හඳුන්, ආඩතෝඩ, දුම්වැල්ල කලං දෙක බැගින් ගෙන ජලය පත අට එකට හිඳුවා සීනි සමඟ උදේ සවස පානය කරන්න.
දේශාංග ලේපය ඇල්දියෙන් අඹරා මී පැණි එක්කර ආලේප කරන්න.