වර්තමානයේදී පිළිකා රෝගයෙන් පීඩාවිඳින රෝගීන් සංඛ්‍යාව ඉතා විශාලය. ඇතැම්විට මෙය සාමාන්‍ය රෝග තත්ත්වයක් ලෙසද වර්ධනය වීය හැක. නවීන විද්‍යාවට අනුව පිළිකා රෝග සඳහා විවිධ වෛද්‍ය ක්‍රම අනුගමනය කළද ඇතැම්විට රෝගය මුල් කාලයේදී හඳුනා නොගැනීම හේතුවෙන් කාලයත් සමඟ රෝගය උත්සන්න වීමට පුළුවන.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා රෝගය සුවකරගැනීමේ හැකියාවක් පවතී. ආයුර්වේදයට අනුව ඖෂධ, තෙල් සාත්තුව, දුම් ඇල්ලීම, පත්තු බැඳීම මගින් පිළිකා රෝගය සුවකරගත හැක.
පිළිකා රෝගය උත්සන්න වීමට ප්‍රධාන හේතුව වන්නේ මෙම රෝගය වැළඳී ඇති බව රෝගියා නොදැන සිටීමය. රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් පෙන්නුම් කළද ඇතැම්විට රෝගය උත්සන්න වනතෙක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අවස්ථාද පවතී.
කෙසේ වෙතත් රෝගයට ප්‍රතිකාර කිරීමට පළමුව රෝගය හඳුනාගැනීම සඳහා ආයුර්වේද පිහිට පැතීම ඉතාමත් වටී. පිළිකාවක් යම් කෙනකුට වැළඳී ඇත්නම් පහත දැක්වෙන රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇතිවීමට පුළුවන.
ශරීරයේ කුමන හෝ ස්ථානයක ඇතිවන ඉදිමීම.
වේදනාව
ශරීරයේ බර අඩුවී කෙට්ටු වීම.
ඇඟේ ශක්තිය දුර්වල වීම.
කාලයක් තිස්සේ පවතින, විශේෂයෙන් සවස් කාලයට සිරුරෙහි ඇතිවන වේදනාව, ඇඟට උණ ගතියක් මෙන් දැනීම.
යම් තුවාලයක් කාලයක් තිස්සේ සුවනොවී පැවතීම.
වසා ගැටිති (කුද්දටි) ඉදිමීම.
අදාළ ස්ථානයේ ළප කැළැල් හෝ කැසීම් වැනි තත්ත්වයක් ඇතිවීම.
මුඛය ආශ්‍රිත පිළිකාවක් නම්
තුවාලයක් ආකාරයට කැළැල් දියවීම, විදුරුමස් ආශ්‍රිතව වේදනාව, රතු කළු හෝ සුදු පැහැයට පුල්ලි මතුවීම, සියුම්
වේදනාව
ගලනාලය ආශ්‍රිත පිළිකාවක් නම්
නිතර නිතර කටට කෙළ ඉනීම, උගුරට සෙම ගතිය දැනීම, උගුර හිරවෙන ගතියක් දැනීම, සෙම විශාල ලෙස පිටවීම සහ එම සෙමත් සමඟ සැරව ලේ ආදිය පිටවීම, ආහාර අප්‍රිය වීම, ආහාර ගිලීමට අපහසු වීම, පපුව ප්‍රදේශයේ දැනෙන වේදනාව, කැස්ස සහ හතිය ස්වභාවය.
පෙනහැල්ල ආශ්‍රිත පිළිකාවක් නම්
ඉහත කී පොදු ලක්ෂණ මෙන්ම කැස්ස, වියළි කැස්ස, සෙම සමඟ සැරව පිටවීම, සෙම සහිත රුධිර බින්දු පිටවීම, වෙහෙසෙන විට හුස්ම ගැනීමට අපහසු වීම, පිට ප්‍රදේශයේ ඉදිමුම් ස්වභාවය, සමෙහි ඇතිවන කළු පැහැගැන්වීම හෝ පුල්ලි ආකාරයක් මතුවීම, රුධිර පරීක්ෂණයේදී හිමොග්ලොබින් (Hb) අඩුවීම.
ගර්භාෂය ආශ්‍රිත පිළිකාවක් නම්
යෝනි මාර්ගයෙන් දියර මෙන් පිටවීම, යෝනි මාර්ගයෙන් සැරව හෝ ලේ පිටවීම, දුඹුරු හෝ කළු දියරයක් පිටවීම සහ එය දුගන්ධයකින් යුක්ත වීම, යටිබඩේ වේදනාව, බර ගතිය, තනපුඩු වේදනාකාරී වීම, සුදු පැහැති දියරයක් හෝ සැරව ගතියක් තනපුඩුවලින් පිටවීම, කොන්ද ප්‍රදේශය වේදනාවක් ඇතිවීම, කකුල්වල කැක්කුමක් ඇතිවීම, යටිබඩ ප්‍රදේශයේ බර ගතියක් දැනීම, දින විසිඅටකට වරක් නිවැරදි සිදුවන ඔසප් චක්‍රය වෙනස්වීම, උකුල ප්‍රදේශයේ ඇතිවන වේදනාව.
උගුර ආශ්‍රිත පිළිකාවක් නම්
කටහඬ වෙනස්වීම, උගුරේ ලේ රසය දැනීම, උගුරේ ඉදිමුම, හුස්ම ගන්නා විට ඇතිවන ශබ්දයේ වෙනස්කම්, කෑම ගිලීමේ අපහසුව, නිතර ඇතිවන කැස්ස, උගුරේ සෙම ගතිය නිතරම ඇතිවීම, සෙම සමඟ රුධිරය පිටවීම.
අක්මාව ආශ්‍රිත පිළිකාවක් නම්
උදරය පුරවා දැමීම, උදරයේ වතුර එකතුවීම, උදරය ඉදිමීම, කෑම අප්‍රිය වීම, උණ ගතිය, ක්ලාන්තය, නිතර ආම්ලික රසයක් උගුරේ පැවතීම, ඇඟට දැනෙන අප්‍රාණිකත්වය, ඇස් කහ පාට වීම, සිරුර කහ පැහැයක් ගැනීම, හුස්ම ගැනීමට අපහසුතාවයක් ඇතිවීම.
මොළය සහ හිස ආශ්‍රිත පිළිකාවක් නම්
හිසරදය, කැරකැවිල්ල, හිසේ පැත්තක් හෝ මුළු හිසේම ඇතිවන වේදනාව, අත් පා හිරිවැටීම, නාසයෙන් මුඛයෙන් කන්වලින් රැධිරය පිටවීම, හිසේ බර ගතිය, හිස ඉදිමීම, අත්පාවල ආප්‍රාණික බවක් ඇතිවීම.
මේ ආදී රෝග ලක්ෂණ ඒ ඒ රෝගවලදී ඇතිවිය හැක. මේ රෝග ලක්ෂණ ඇත්නම් වහාම සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබාගන්න. පිළිකා රෝගය සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ආයුර්වේදයේ පවතින බැවින් ඒ සඳහා රෝගියා විසින් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු මුණගැසීම ඉතා වැදගත් වේ.
ආයුර්වේදයෙන් පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ඉදිරි සතියෙත්