කොළඹ ඉන්දියා විලාසිතා දැක්ම
ඉන්දියානු අලුත්ම විලාසිතා කොළඹට අරන් එන Hi Life Colombo විලාසිතා දැක්ම ඔක්තෝබර් 8, 9 සහ 10 යන දවස් තුනේදී කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වෙනවා.
කොරියානු චිත්‍රපට නොමිලේ
2018 වසරේ කොරියානු චිත්‍රපටි දැක්ම ඔක්තෝබර් 12 වැනිදා ඉඳන් 15 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වීමට නියමිතයි. මේ දින හතරේදී හවස 6.30 ඉඳන් 8 වෙනකල් චිත්‍රපටි හතරක් ප්‍රදර්ශනය කෙරෙනවා. කොරියානු තානාපති කාර්යාලය සංවිධානය කරන මේ චිත්‍රපට දැක්මේදී නොමිලේ චිත්‍රපටි නරඹන්න පුළුවන්.