2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

පතල්වල හදිසි අනතුරු

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 186

ග්‍රහ මණ්ඩලයේ සියුම් බුද්ධිමතා වූ බුධ ග්‍රහයා තමාට මිත්‍ර රාශි භවනක් වූ තුලා රාශියට 2018 ඔක්තෝබර් මස 6 වන ශනි දින දවල් 12.44ට පිවිසේ. අඟහරැට අයත් සිත නැකතේ 3වන හා 4වන පාදවලත් රාහුට අයත් සා නැකත් සම්පූර්ණවත් බ්‍රහස්පතිට අයත් විසා නැකත් ප්‍රථම දෙවන තුන්වන පාදවලත් ගමන් කරමින් බුධ 2018 ඔක්තෝබර් 26 වන කිවි දින රාත්‍රී 8.46 දක්වාම ගමනේ යෙදෙනු ඇත.

මේ තත්ත්වය පිළිබඳ අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී පහත කරැණු අනාවරණය වේ.

වෙළඳාම් සම්බන්ධ යම් යම් නීති කොන්දේසි ඇති වනු ඇත. නවීන දේ සොයා ගැනීම කෙරෙහි දැඩි උනන්දුවක් ඇති වන අතර පතල් කටයුතුවල නිරත වී සිටින අය ඉතා කල්පනාකාරි වීමත් පරිස්සම් වීමත් වැදගත් වන්නේ ඔවුනට එමඟින් යම් අනතුරක් සිදුවිය හැකි බැවිනි. නීතියට පටහැනි වූ ලේඛනයක් සම්බන්ධ වාදවිවාද පාර්ලිමේන්තුව තුළ ඇති වනු ඇත. කෘෂිකර්මික කටයුතුවලට කාලගුණික බලපෑම් එල්ල වුවද මහජනයා වැඩි වශයෙන් කෘෂිකාර්මික කටයුතු කෙරෙහි උනන්දුවක් දැක්වීම නිසා සිදුවිය හැකි නිෂ්පාදනය අඩුවීම තරමක් පාලනය වේ.

මීළඟට ඔබට

මේෂ - නීතිමය ගැටලු

ඔබගේ කටයුතු සුපුරුදු ලෙසට කරගෙන යාමට හැකිවුවද මුදල් ගනුදෙනුවලදී කල්පනාකාරී වීම වැදගත්ය. නීතිමය ප්‍රශ්නයකට ද මැදිවිය හැකි බැවින් ලියවිලිවලට අත්සන් තැබීමේදී පරිස්සම් වන්න.

වෘෂභ - අහිමි වූ දේ ලැබේ

අධ්‍යාපන කටයුතුවල නිතර වී සිටින අයට අයහපත් වූ බලපෑම් ඇතිවෙයි. තමා සතුව තිබූ යම්කිසි වස්තුවක් හිමිකර ගැනීමට නොහැකි තත්ත්වයකින් සිටියේ නම් එම දේ ලබාගත හැකි වන කාලයක් වේ.

මිථුන - කටයුතු සාර්ථකයි

යහපත් ඵල අත්වන අතර ඔබගේ කටයුතු සාර්ථක ලෙස කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත. හිත මිතුරන්ගෙන් ද උදව් උපකාර අත්වන අතර අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත්වනු ඇත.

කටක - භූමියෙන් සුබඵල

හිතේ කලබලකාරි ස්වභාවයෙන් යුක්තව කටයුතු කරන කාලයක් වන අතර නිවසේ අලුත්වැඩියාවක් ද සිදුකරනු ඇත. භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ද ශුභ ඵල ගෙන දෙනු ඇත.

සිංහ - නිර්මාණයට හොඳයි

නිර්මාණශීලී කටයුතුවල නිරත වන අයට තම නිර්මාණ කිරීමට ශුභ ඵල කාලයක් වන අතර ලේඛන හා සන්නිවේදන ආදී කේෂත්‍රවල කටයුතු කරන්නේ නම් ඒවායින් ද ශුභ ඵල ගෙන දෙනු ඇත.

කන්‍යා - වචනයේ බලය වැඩිවේ

තම ආර්ථිකය ශක්තිමත් කරගත හැකි කාලයක් වන අතර වචනයේ බලයෙන් අන් අය තමා වෙත නතු කරගත හැකි වනු ඇත. සේවා ස්ථානයෙන් මාරැවීමක් අපේක්ෂා කළ අයගේද බලාපොරොත්තු ඉෂ්ඨ වේ.

තුලා - ශරීර ශක්තිය යහපත්

ඔබට ඉතා යහපත් වන අතර ඔබගේ ශරීර ශක්තිය හොඳවේ. එසේම ඔබ අන් අය අතර ප්‍රිය පුද්ගලයකු බවට පත්වනු ඇත. හවුල් හා ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල ගෙන දෙනු ඇත.

වෘෂ්චික - සතකුගෙන් අනතුරක්

ඔබට යහපත් නොවන අතර ඔබගේ කටයුතුවලට විවිධ වූ පාර්ශවවලින් බාධා ඇතිවනු ඇත. සතෙකුගෙන් අනතුරක් වියහැකි බැවින් කල්පනාකාරී වන්න.

ධනු - මිතුරන්ගෙන් උදව්

නිතර විවේකීව කාලය ගතකිරීමට පෙළඹෙන වකවානුවක් වන අතර හිතමිතුරන්ගෙන් ද උදව් උපකාර ලැබෙනු ඇත. හවුල් කටයුතුවල නිරත වන අයට ද ඉතා යහපත් කාලයකි.

මකර - දරුවකුගේ දස්කමක්

ඔබට යහපත් ඵල ඇතිවන අතර තම දරුවකු ගේ දස්කමක් නිසා සිතට සතුට ඇති වනු ඇත. සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මගහැරී යනු ඇත.

කුම්භ - කෙටි ගමන්

ඉතා යහපත් ඵල අත්වන අතර ඔබගේ කටයුතු සාර්ථක වෙයි. කෙටිගමන්වලින් ඵල අත්වනු ඇත. ලේඛන කටයුතුවල නිරත අයට ද ශුභ වේ.

මීන - විවිධ බලපෑම්

ඔබගේ කටයුතුවලට විවිධ වූ පාර්ශවලින් බලපෑම් ඇති වන අතර කාලාත්‍රයාට හදිසි ශරීර පීඩාවක් ඇති විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල