ගාමිණී අබේවික්‍රමගේ අලුත්ම නවකතාව “ලේන කුලේ මවු” පාස්ට් පබ්ලිෂිං ප්‍රකාශනයක් ලෙස පසුගියදා නිකුත් කෙරිණි. මේ එහි කතුවරයා සමඟ කළ කතාබහක්.
සෙළුව විකුණන ගැහැනු අපි වෙමු
අඳින්නට වස්ත්‍රයක් ගන්නට
ඔබේ අලුත්ම නවකතාව වන “ලේන කුලේ මවු” පොතේ එක තැනක ඔය පදපෙළ සටහන් වෙනවා. අපි එතැනින් කතාව පටන් ගමු.
ඔය පදපෙළ තියෙන්නේ දෙමළ කවි පන්තියක. මම එහි සිංහල පරිවර්තනය කලකට ඉහත කියෙව්වා. සෙළුව විකුණන, ඒ කියන්නේ සිරුර විකුණන ගැහැනුන් ඇතැම් විට බහුතරයක් සිරැර විකුණන්නේ කවියේ කියන විදියටම අඳින්න වස්ත්‍රයක් ගන්න. ඒ කියන්නේ ජීවත් වෙන්න. නැත්නම් තව කෙනෙක් ජීවත් කරවන්න. “ලේන කුලේ මවු” නවකතාවේ කතා නායිකාව එහෙම කෙනෙක්. ඒත් මේ කතාව ජීවත් වෙන්න ශරීරේ විකුණන ගැහැනියෙක්ගේ කතාවක් කියන තැනට ලඝු කරන්න මම කැමති නෑ.
ඔබ මේ කතාවේ දී 77 දේශපාලන පෙරළිය හා ඊට ආසන්න යුගය පිළිබඳ අහුමුළු සොයා ගොස් තිබෙනවා...?
ලේඛකයෙක් හැමවිටම පැවැති සහ පවතින සමාජය පිළිබඳව හොඳ අවදියෙන් සිටිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. අප නිර්මාණවලට පසුබිම් කරගන්නේ අතපත ගාන සමාජය. ඔබ කියූ ලෙස 70 දශකයේ අප අත්විඳි බොහෝ දෑ අපේ ජීවිතවලට තදින් බලපෑවා. ඒ නිසා ඒවා මතකයේ ගබඩා වී තිබෙනවා. ඒ නිසාම මට මේ කතාව ලියන්න ඒ මතකය මහෝපකාරී වුණා. ඊට අමතරව පොතපතින් හා දැනුම් තේරැම් ඇති දෙතුන් දෙනෙකුගෙන් මගේ මතකය නිවැරදි ද කියලා තහවුරු කරගත්තා.
“ලේන කුලේ මවු” නවකතාවේ බොහෝ තැන්වල පුරුෂාධිපත්‍යයට ඇඟිල්ල දිගුකළ බවක් පේනවා...?
පිරිමියා බොහෝ විට හිතන්නේ ගැහැනිය සිල්ලරට ගතහැකි ලාබ භාණ්ඩයක් කියලයි. ඒක වැරදියි. පිරිමියා වගේම ගැහැනියත් ශක්තිසම්පන්නයි.
ඔබ මේ වනවිට නවකතා 15ක් ලියා තිබෙනවා. කාව්‍ය සංග්‍රහ, යොවුන් නවකතා වෙනත් හා සාහිත්‍ය කෘති පළකර තිබෙනවා. මින් ඔබ වඩාත් රුචි කුමන නිර්මාණ ක්ෂේත්‍රයක්ද...?
මම වඩා කැමති නවකතා රචනයට, කෙටි කතාවක් ඉතාම සුළු සංසිද්ධියක්. චරිතයක් දෙකක් ඇසුරැ කරගෙන ලියන්න පුළුවන්. කවියකත් ඇත්තේ සීමිත වපසරියක්. ඒත් නවකතාවක බොහෝ විට චරිත රුසක් තිබෙනවා. ඊට ඇතුළත් වන කාලය ඉතා දීර්ඝ වන්න පුළුවන්. එය ලියන්න දිගුකාලයක් ගත වෙනවා. ඒ මුළු කාලයේම මම ජීවත් වෙන්නේ ඒ කතාවේ පරිසරය තුළයි. ඒ චරිත සමඟයි. ඒක හරීම අපූරු දෙයක්. ඇතැම් කතාවල එන පරිසරය හරිම කර්කශයි. එහි චරිත අනේක විධ වධ වේදනාවන්ට අසාධාරණයන්ට, අමානුෂික අත්දැකීම්වලට මුහුණ දෙනවා. ඒ මම සිතින් ඔවුන් හා එහි ජීවත් වෙනවා. ඒ ජීවත් වීම හරිම සුන්දරයි.
පාඨක