මටත් තියෙන්නේ මහ පුදුම ආසාවන් කියලා වෙලාවකට මටම හිතෙනවා. ඒකට හොඳ උදාහරණයක් තමයි රග්බි. කවදාහරි රග්බි සෙල්ලම් කරලා බලන්න ඕනෙ කියලා මම කාලයක් තිස්සේ හිත හිතා හිටියා. ලංකාවේ මිනිස්සු අතර රග්බිවලට තියෙන කැමැත්ත උනන්දුව හින්දම වෙන්නැති මටත් එහෙම ආසාවක් ඇතිවුණේ.
ඒ ආසාව ඉෂ්ට කරගැනීමේ අවස්ථාවක් මට පහුගියදා උදාවුණා. ඒ නේවි රග්බි ටීම් එකේ හිටපු දක්ෂම ක්‍රීඩකයෙක් වෙච්ච සහ දැනට නේවි ටීම් එකේ පුහුණුකරු විදිහට කටයුතු කරන ධනුෂ්ක පෙරේරාව මුණගැහුණට පස්සෙයි.
ධනුෂ්ක කියන්නේ සෙකන්ට් ජෝසප් කොලේජ් ටීම් එකෙන් පටන් අරන් ඊටපස්සේ ක්‍රීඩා සමාජ සෙල්ලම් කරලා අන්තිමට ජාතික කණ්ඩායමත් නියෝජනය කරපු කෙනෙක්. ඉතින් රග්බි වැඩ ටිකක් මට උගන්වන්න ඔහු කැමැති වුණා. හයි ඔක්ටේන් ජිම් එකේදි අපි කරපු පුහුණුවීම් අතරතුර මට නම් හිතුණේ මාව මැරෙන්න ඔන්න මෙන්න තිබුණා කියලයි.
මේ පුහුණුවීම් අතරේදී රග්බි බෝලය හරියට අල්ලාගෙන ඉන්න හැටි, පාස් කරන හැටි, ටැකල් එකක් වළක්වගන්න හැටි, වේගය පවත්වගන්න හැටි වගේ නොයෙක් දේවල් ඔහු මට ඉගැන්නුවා.
ධනූ
සේයා රූ - You’re my favorite