2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

මධ්‍යධරණී අවන්හලේ රසම රස දීසිය Mixed Grilled Platter for Two

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

කොළඹ නගරයට මධ්‍යධරණී කලාපයේ සහ බෝල්කන් කලාපයේ ආහාර රස අත්දැකීම් එකතු කරන අලුත් අවන්හලකට අපි ගොඩවුණා. කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන පරිශ්‍රයේ පිහිටලා තියෙන මේ අවන්හලේ නම Grand Slam by Mitsi. 

අපි මුලින්ම රස බැලුවේ පිට්සා කිහිපයක්. Margherita පිට්සා එක ගොඩක් රසවත්. යහමින් චීස් දාලා හදලා තිබුණු නිසා පුදුම රසක් තිබුණා. Vegetariana පිට්සා එකේ නම් කියන්න විශේෂයක් තිබුණේ නැහැ. සමහරවිට අපි නිර්මාංශ පිට්සාවලට එච්චර මනාප නැති නිසා වෙන්න ඇති. 

කොහොම නමුත් මේ අවන්හලේ පිරිනමන හොඳම ආහාරවේල විදිහට Mixed Grilled Platter for Two හඳුන්වන්න පුළුවන්. විවිධ වර්ගයේ සොසේජස්, සර්බියානු කෙබාබ්, මීට් ස්ටීක් සහ චීස් දාලා හදලා තිබුණු මේක හරිම රසවත් දීසියක්. ඒක ආහාර මේසය මතට ආවෙ, බාබකියු කරපු එළවළු, බීෆ්, මට්න්, ලැම්බ්, සහ චිකන් සමඟිනුයි. 

අතුරුපස විදිහට මෙතැනදී හොඳම තේරීම කේක් කිව්වොත් වැරදි නැහැ. Strawberry Cheesecake, Death by Chocolate කියන්නේ මෙතැනදී රසවිඳින්න පුළුවන් හොඳම කේක් වර්ග දෙකක්.

මේ අවන්හලේ තියෙන නිස්කලංක බව නිසාම බීර වීදුරැවක් තොලගාමින් වරු කිහිපයක් වුණත් රැඳෙන්න පුළුවන්. 

නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
ඡායාරූප - කණිෂ්ක ගනේවත්ත