අපේ රටේ ගොඩක් දෙනෙක්ට වගේම ලෝකයේ බොහෝ දෙනකුටත් තවමත් අප්‍රිකාව කියන්නේ ගුප්ත, අඳුරු මහාද්වීපයක්. නමුත් මේ ගුප්ත බව නිසාම අප්‍රිකාවට සංචාරය කරන්න යන්න ගොඩක් දෙනකු තුළ සැඟවුණු ආශාවක් හෝ තිබෙනවා.
ලෝකයේ දෙවැනි විශාලතම මහාද්වීපය වන අප්‍රිකාව මානවයාගේ උපන් බිම විදිහටත් සැලකෙනවා. අප්‍රිකානු සුවිශාලත්වය ඇතුළේ ස්වාභාවික පුදුමයන්, ත්‍රාසජනක ස්ථාන, ප්‍රාග් ඓතිහාසික ස්ථාන, ශ්‍රේෂ්ඨ අතීත ශිෂ්ටාචාර, විවිධ සංස්කෘතීන් වගේම නවීන නගරත් ගැබ්වෙලා තියෙනවා.
ලාංකිකයන්ට අප්‍රිකාව සමීප කරවීමේ කාර්යයයේ නිරතවෙලා ඉන්න අලුත් ආයතනය තමයි ‘Africa by Ayu’.
ලංකාවේ අප්‍රිකානු සංචාර විශේෂඥයන් වන ‘Africa by Ayu’ පවත්වාගෙන යන්නේ රජින්ද්‍රා සහ චමින්තා ජයසිංහ නම් යුවළයි. “අපි අවස්ථා ගණනාවකදී අප්‍රිකාව අත්වින්දා. ඒ හැඟීමත් එක්ක තමයි අපි මේ වගේ දෙයක් ආරම්භ කළේ. අපි දෙන්නට අප්‍රිකාව කියන්නේ ඇබ්බැහියක්” ඔවුන් එහෙම පවසනවා.
Africa by Ayu දකුණු සහ නැගෙනහිර අප්‍රිකානු රටවල නිවාඩු සංචාර සංවිධානය කරනවා. නවසීලන්ත, දකුණු අප්‍රිකානු රගර් තරගවල ඉඳන් කෘගර් සෆාරි, සැම්බියාවේ ඇවිදීම් සෆාරි, බොස්ට්වානාවල හරිත කඳවුරු, දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි සුඛෝපභෝගී විලා සංචාර සහ සිම්බාබ්වේ වයින් වතු සංචාර වගේ බොහෝමයක් අත්දැකීම් මේ අප්‍රිකානු සංචාර හරහා විඳගන්න පුළුවන්.
‘Africa by Ayu’ ලබාදෙන තවත් විශේෂත්වයක් තමයි ඕනෑම බජට් එකකට, ඕනෑම දිනයක සහ ඕනෑම කණ්ඩායමකට සංචාර සැලසුම් කරදීම. සංචාරය පටන්ගැන්මේ සිට අවසානය දක්වා ඔබට කැමැති සියල්ල කැමැති විදිහට සූදානම් කරදීමට ඔවුන් සැදී පැහැදී ඉන්නවා.
මේ අනුව කෙන්යාව, ටැන්සානියාව, සැම්බියාව, බොස්ට්වානා, උගන්ඩාව, දකුණු අප්‍රිකාව වගේ රටවල් රැසක සංචාරයට ඔබට අවස්ථාව සැලසෙනවා.
සනත් වීරසූරිය