අද අපේ කථානායිකාව වන නිරෝෂා ද සිල්වාගේ අම්මා එයාලා පුංචි කාලේදී කජුවලින් රසකැවිලි හදලා දුන්නේ විශේෂ වට්ටෝරුවකට අනුවයි. අම්මා කියපු විදිහට ඒ වට්ටෝරුව එයාට ලැබිලා තියෙන්නේ ලංකාවේ ජීවත්වුණු පෝලන්ත ජාතික කාන්තාවකගෙනුයි.
පසුව නිරෝෂා මේ රසකැවිලිවල මුල හොයාගෙන යද්දි දැනගෙන තියෙන්නේ ඒක පෝලන්තයටම ආවේණික සුවිශේෂී රසකැවිල්ලක් කියලයි. හැබැයි ඒකෙ අපිට හුරු රස නිසාම ලංකාව තුළත් මේක ගොඩක් ජනප්රිය වෙයි කියන සිතුවිල්ල නිරෝෂාට ඇවිත්.
ඉතින් එහෙම හිතපු නිරෝෂා මේ සාම්ප්රදායික පෝලන්ත රසකැවිලි වට්ටෝරැව පොඩි පොඩි වෙනස්කම්වලට ලක්කරලා, තවත් පළතුරු වර්ග එහෙම දාලා කරපු අත්හදා බැලීමේ ප්රතිඵලය තමයි Chesma’s Cookies.
මේවා බටර් රසයත් කජු රසයත් හොඳට පෑහෙන විදිහට හදපු කුකීස් වර්ගයක්. ඒවා විවිධ රසවලින් පිළිගන්වන්නත් නිරෝෂා සූක්ෂම වෙලා තියෙනවා. හැබැයි මේ හැම කුකී එකකටම යොදාගන්නේ සීනි ග්රෑම් එකකටත් අඩු ප්රමාණයක්. ඒ නිසා හිතේ හැටියට කුකීස් රස බලන්න කාටවත් බාධාවක් නැහැ.
Plain කියන කුකී එක මතුපිටින් ටිකක් රළු පෙනුමක් තිබුණත් කෑවට පස්සේ පොඩි ආයාසයකින්වත් තොරව කටේ දියවෙලා යනවා. ඒ දියවෙලා යන්නේ එකිනෙකට වෙනස් රස කිහිපයකුත් පිරිනමමිනුයි.
කොහොම වුණත් අපි වැඩියෙන්ම කැමැති වුණේ Cherry කුකී එකටයි. ඒකේ තැනින් තැන කුඩාවට කපපු චෙරි කැබලි තිබුණා. මෘදු ගතිය වගේම ඒකේ තිබුණු පෙනුමත් ඒකට වැඩි වටිනාකමක් එකතු කළා.
ඊට අමතරව ස්ට්රෝබෙරි, ආමන්ඩ්, ඔරේන්ජ් වගේ රස රැසකින් මේ කුකීස් හදලා තිබුණා. රෙඩ් වෙල්වට් කුකී එකේ චොක්ලට් චිප්ස් තිබුණු නිසා පුදුම රසක් ඒකෙන් දැනුණා. ඒ වගේම චොක්ලට් චිප්ස් සහ චොක්ලට් ජැගරි කියලත් කුකී දකින්න ලැබුණා. ඒ විතරක් නෙමේ කෝපි රසයත් මේ කුකීවලට එකතු කරන්න නිරෝෂාට පුළුවන් වෙලා. නෙස්කැෆේ සහ ලෝකල් කොෆී විදිහට කුකී වර්ග දෙකක් හඳුන්වාදීලා තිබුණෙ ඒ අනුවයි. ග්රීන් ටී සහ රෝස්මරී කියලත් කුකී වර්ග දෙකක් තිබුණා.
- නටාෂා ප්රනාන්දුපුල්ලේ
- ඡායාරූප - කණිෂ්ක ගනේවත්ත