2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

සිසු අරගල උත්සන්නයි!

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 102

ග්‍රහ මණ්ඩලයේ සියුම් බුද්ධිමතා වූ බුධ ග්‍රහයා තමාට සම රාශි භවනක් වූ වෘෂ්චික රාශියට 2018 ඔක්තෝබර් මස 26 වන කිවිදින රාත්‍රී 8.46ට පිවිසෙයි. මේ ග්‍රහයා බ්‍රහස්පතිට අයත් විසා නැකතේ 4 වන පාදයෙන් සෙනසුරුට අයත් අනුර නැකතේ සම්පූර්ණවත් බුධට අයත් වූ දෙට නැකතේ සම්පූර්ණවත් 2019 ජනවාරි 1 වන කුජ දින දක්වාම ගමන් කරනු ඇත.

මේ තත්ත්වය මත අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී රජයේ යම් යම් කටයුතු වෙනුවෙන් මහජන විරෝධය එල්ල වන බව ප්‍රකාශ කළ හැකිය. බලාපොරොත්තු නොවන අවස්ථාවක ගොවිබිම්වලට හානි සිදුවීමෙන් කෘෂි කාර්මික කටයුතුවල නිරත අයට ආර්ථික ගැටලු පැනනගී. පාසල් හා උසස් අධ්‍යාපන ආයතන ආශ්‍රිතව ගැටලුද ශිෂ්‍ය අරගලද ඇතිවනු ඇත. රජයේ ආයතනයකට මූල්‍ය අසීරැතාවක් ඇතිවන අතර එය උග්‍ර වී සේවකයන්ට වැටුප් ගෙවීමටද අපහසු තත්ත්වයක්ද උද්ගත වේ.

විදේශීය වශයෙන් විමසා බැලීමේදී ලෝක ආර්ථිකයද කඩා වැටිමට පත්වනු ඇත. පුවත් වාර්තාකරැවකුට ලේඛකයකුට ප්‍රසිද්ධ සාහිත්‍යවේදියකුට මාරකයක් එළඹේ. වානිජ හා අධ්‍යාපන කටයුතු ආශ්‍රිතව නව නීති සම්පාදනය වනු ඇත. පාර්ලිමේන්තුවක් තුළ ගැටුම්කාරී තත්ත්වයක් උත්සන්න වේ. ජෙට් යානා අනතුරක් හෝ කුඩා ගුවන් යානයක් හදිසි කඩා වැටිමකට ලක්වනු ඇත. අවි ගබඩා කර ඇති ස්ථානයක් හදිසි පිපිරිමකට ලක්වනු ඇත.

මීළඟට ලග්න අනුව,

මේෂ - සාහිත්‍යයට හොඳයි

යහපත් ඵල අත්නොවන අතර ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශ්ව වලින් බාධා ඇති කරයි. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. සාහිත්‍ය කටයුතුවල නිරත අයට ශුභ වනු ඇත.

වෘෂභ - මංගල යෝග

ඔබට යහපත් ඵල අත්වන අතර අවිවාහක නම් මංගල යෝග උදාවනු ඇත. හවුල් කටයුතුවල නිතර වී සිටින අයට මෙන්ම ව්‍යාපාරික කටයුතුවල නිරත අයටද ශුභඵල අත්වනු ඇත. ඔබගේ වචනයේ බලයට අන් අය නතු කරගත හැකිවේ.

මිථුන - සතුරු බලවේග

ඔබට යහපත් ඵල අත් නොවනු ඇත. ඔබගේ ඥාතියකුගෙන් ප්‍රශ්නයක් උද්ගත වේ. ඔබට එරෙහිව සතුරැ බලවේග හිස ඔසවන වකවානුවකි. ස්නායු ආශ්‍රිත පීඩාවක් ඇතිවනු ඇත.

කටක - ආදරයට එරෙහි වේ

අධ්‍යාපනික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත. ආදරවන්තියන්ට තම ආදරයට විරැද්ධවාදීන් ඇතිවන වකවානුවකි. ලේඛන කටයුතුවල නිර්මාණ කටයුතුවලට යහපත් වනු ඇත.

සිංහ - නව දේපල

තම මතයට කටයුතු කරන ඔබට ඔබගේ වැඩකටයුතු රුසක් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. නව දේපලක් මිලදී ගැනීමට හෝ නිවසේ අලුත්වැඩියාවක් සිදුකිරීමට යහපත් වකවානුවකි.

කන්‍යා - ක්‍රීඩා ජය

අධ්‍යාපන හා නිර්මාණශීලී කටයුතුවල මෙන්ම ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට ඉතා යහපත් වන වකවානුවක් වේ. ක්‍රීඩා කටයුතුවල යෙදී සිටින අයට ජයග්‍රහණ ලබාගත හැකි වනු ඇත.

තුලා - ඉතිරියට බාධා

ඔබගේ වචනයේ බලයට අන් අයව නතු කරගත හැකිවනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵල අත්වනු ඇත. වියදම් පාලනය කරගත යුතු අතර ඉතිරි කර ගැනීමට බාධා ගෙන දෙන කාලයක් වේ.

වෘෂ්චික - කැපී පෙනේ

යහපත් ඵල අත්වන අතර ඔබගේ කටයුතු සාර්ථක බවට පත්වේ. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට ඔබව පත්වන අතර හදිසි තුවාල පීඩා ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

ධනු - ස්ථාන මාරුවක්

ඔබට යහපත් නොවන අතර ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා ඇතිවනු ඇත. සේවා ස්ථානයෙන් මාරැවක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉටුවේ. ඇස් ආශ්‍රිත ආබාධයක් මතුවනු ඇත.

මකර - කන්වල පීඩා

ව්‍යාපාරික හා සමාජසේවා කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වන කාලයකි. තම මතකයට වැඩි දෙයක් එක් කරගත හැකි කාලයක්ද වන අතර කන්වල පීඩා මතුවනු ඇත.

කුම්භ - දරුවකුගේ ජයක්

තමා බලාපොරොත්තුවෙන් සිටි කටයුතු රුසක් ඉෂ්ට කරගත හැකි වකවානුවකි. සේවා ස්ථානයේ පැවති ප්‍රශ්න කරදර මගහැරී යනු ඇත. තම දරුවකුගේ ජයග්‍රහණයක් නිසා සිතට සතුට ඇතිවන කාලයක් වේ.

මීන - නිර්මාණශීලී අදහස්

යම් යම් කටයුතුවල ප්‍රමාද ගති ඇති වන්නාවූත් කාලයකි. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ජයග්‍රහණ ලබාගත හැකිවන අතර නිර්මාණශීලී අදහස් ඇතිවන්නා වූත් වකවානුවක් වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00