බිත්තර සම්බන්ධව කතා කරද්දී බොහෝ දෙනකු ආහාරයට ගනු ලබන්නේ කිකිළි බිත්තර පමණි. ඒවායේ බොහෝ පෝෂ්‍ය පදාර්ථ ඇතිබව නොරහසකි. පසුගියදා බිත්තරවල පෝෂණය පිළිබඳව අපි කතා කළෙමු. නමුත් කිකිළි බිත්තර පමණක් නොව වැව්මාළු බිත්තර, ලොකු මත්සයන්ගේ බිත්තර සහ වටුකුරැළු බිත්තරවලද බොහෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගුය.
පෝෂ්‍ය පදාර්ථ ඉහළින්ම පවතින මාළු බිත්තර පෝෂ්‍යදායී ආහාරයක් මෙන්ම රසවත් ආහාරයකි. විටමින් B12, ඔමේගා 3, පැටී ඇසිඩ්, විටමින් A, විටමින් K2 යනාදිය මෙහි බහුලව පවතී. විටමින් B12 වැඩිපුර ඇති නිසා මානසික ආතතිය, මානසික පීඩනය දුරැකිරීමට ඉතා ඉවහල් වේ. මෙහි ඇති ඔමේගා 3, සහ ෆැටී ඇසිඩ් ශරීරයට ඉතා හිතකර වේ.
මේවාට අමතරව මාළු බිත්තරවල සින්ක්, කැල්සියම්, යකඩ සහ මැග්නීසියම් ආදී පෝෂ්‍ය පදාර්ථද අඩංගුව පවතී. මොළය වර්ධනය වීමට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ මාළු බිත්තරවල අන්තර්ගතව පවතී.
අතීතයේදී බොහෝ පැරැණ්නන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම වන්ද්‍යාභාවයට හොඳම ඔසුව ලෙසින් මාළු බිත්තර හැඳින්වීය. කුඩා දරුවන්ට සුපිරි ආහාරයක් ලෙසද මාළු බිත්තර ලබාදිය හැක.
විටමින් සහ ඛනිජලවණ බහුලව පවතින වටුකුරැළු බිත්තර පෝෂ්‍ය පදාර්ථ බහුලව අඩංගු ආහාරයක් ලෙසින් හැඳින්විය හැක. එමෙන්ම රෝග ගණනාවකට ප්‍රතිකාර ලබාදෙන ඖෂධයක් ලෙසද රෝග බොහොමයක් වළක්වාගත හැකි ඖෂධයක් ලෙසද වටුකුරුළු බිත්තර හැඳින්විය හැක.
සාමාන්‍ය කිකිළි බිත්තරයකට වඩා වටුකුරැළු බිත්තර ප්‍රමාණයෙන් කුඩාය. නමුත් වටුකුරැළු බිත්තරයක ඇති පෝෂ්‍ය ගුණය කිකිළි බිත්තරයට වඩා වැඩිවේ. කිකිළි බිත්තරයක ප්‍රෝටීන් 11%ක් පවතින අතර වටුකුරැළු බිත්තරයක ඇති ප්‍රෝටීන් ප්‍රමාණය 13% කි. කිකිළි බිත්තරයකට වඩා පස් ගුණයකින් වටුකුරැළු බිත්තරයක පොටෑසියම් හා යකඩ අඩංගු වේ. මේ පවතින පෝෂ්‍ය පදාර්ථ හේතුවෙන් වටුකුරැළු බිත්තර බොහෝ රෝගවලට ඖෂධයක් ලෙසද යොදාගනී. මෙය කිසිවකුට අසාත්මිකතා නොවන අතර අසාත්මිකතා ඇතිවන විටදී ඔසුවක් ලෙසද වටුකුරැළු බිත්තර යොදාගත හැකිය.
ආමාශයේ ඇතිවන තුවාල, ආහාර ජීර්ණ පද්ධතියේ විවිධ රෝග මෙන්ම ශරීරයේ ඇතිවන තුවාලවලදීද වටුකුරැළු බිත්තර ඉතා ගුණදායක ඔසුවකි. මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිකිරීම, මතක ශක්තිය වැඩිකිරීමට, ස්නායු පද්ධතිය ශක්තිමත් කිරීමට හා ප්‍රතිශක්තිය වර්ධනය කිරීමටද වටුකුරුළු බිත්තර ඉතා ගුණදායක වේ.
අධ්‍යාපන කටයුතුවල නියැලෙන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කිරීමට, නිතරම ඇතිවන ස්නායු ආසාදන රෝගවලට ගොදුරැවන කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිය ඇතිකිරීමට සහ සෙම බහුල අයට සෙම්රෝග දුරුකිරීමට වටුකුරැළු බිත්තර ඉතා ප්‍රයෝජනවත් වේ.
චීනයේ ජනතාව වටුකුරැළු බිත්තර ඇදුම, ක්ෂය රෝගය වැනි රෝග දුරැකරගැනීම සඳහා යොදාගනිති. එමෙන්ම ඔවුහු දියවැඩියා රෝගය සඳහාද ඖෂධයක් ලෙස මේවා ආහාරයට එක්කර ගනිති. සමේ පෝෂණය සඳහා ප්‍රතිඔක්සිකාරකයක් ලෙස වටුකුරුළු බිත්තර යොදාගනී. මුඛයේ කෙළවර පැලීමේ රෝගී තත්ත්වයට වටුකුරුළු බිත්තර ඉතා ගුණදායක වේ. ඇසේ වර්ණ අන්ධතාවයට මෙන්ම සමේ ඇතිවන වෙනත් ආසාදනවලදීද වටුකුරැළු බිත්තර ඉතා ගුණදායක ඔසුවකි. කැල්සියම් විශාල ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වේ.
හිසකෙස් වර්ධනය සඳහා ඉතා ගුණදායක වන වටුකුරැළු බිත්තර සෑම වයසකම පුද්ගලයන්ට ඉතා සුදුසු, කිකිළි බිත්තරවලට වඩා ඉතා ගුණදායක ආහාරයකි.
විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරැණෑගල ආයුර්වේද රෝහල