2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

ලෝකෙම බෝට්ටු ගාලු වරායේ

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 100

අපේ රටේ එකම බෝට්ටු ප්‍රදර්ශනය විදිහට සැලකෙන The boat show Boating Festival ඔක්තෝබර් 26 සිට 28 දක්වා ගාලු වරායේ Galle Yacht Marina පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ලංකාවේ ප්‍රථම වරට තමයි මේ විදිහේ දැවැන්ත බෝට්ටු ප්‍රදර්ශනයක් සංවිධානය කෙරෙන්නේ.

මේ බෝට්ටු ප්‍රදර්ශනය සඳහා එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ඉන්දියාව, මාලදිවයින, දකුණු කොරියාව, සිංගප්පූරුව සහ ජර්මනිය වගේ රටවල් විශාල ප්‍රමාණයක බෝට්ටු කර්මාන්තයේ ප්‍රවීණයන් එක්වීමට නියමිතයි.

මේ බෝට්ටු ප්‍රදර්ශනයේදී බෝට්ටුවලට අමතරව මුහුද ආශ්‍රිත සංචාරක කටයුතු ගැනත් විශාල අවධානයක් යොමුවනු නිසැකයි. ඒ වගේම ප්‍රදර්ශනයට සමගාමීව wake boarding, water skiing, jet ski racing, wind surfing, catamaran සහ dinghy racing වගේ විවිධ ජලාශ්‍රිත ක්‍රියාකාරකම්වල යෙදෙන්නත් සහභාගී වන්නන්ට අවස්ථාව තිබෙනවා. 

මේ ජාත්‍යන්තර මට්ටමේ බෝට්ටු සැණකෙළිය සංවිධානය කරලා තියෙන්නේ Boat Building Technology Improvement Institute Lanka සමාගම, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශය සහ වරාය අධිකාරිය එකමුතුවෙනුයි. 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00