2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

දෙහි - කිතුල්පැණි දාලා හැදූ ගොටුකොළ ලෙමන්ඩ්: සුදු සුධී රයිස් එක්ක මස් Bowl’d

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 174

අනිත්‍රා රත්නායක සහ රහාල් බාලසූරිය කියන යාළුවෝ දෙන්නා එකතු වෙලා පටන්ගත්තු අපූරු අවන්හලක් විදිහට Bowl’d හඳුන්වන්න පුළුවන්. මෙතැනදී පිළිගැන්වෙන ප්‍රධානම ආහාරය වෙන්නේ හවායි දූපත්වල ජනප්‍රිය කෑමක් වන Poké Bowls කියන ආහාරය. ඒක ගොඩක්වෙලාවට අමුවෙන් සකසාගත්තු මුහුදුමාළු උඩට බත් දාලා ඒ වගේම එළවළු සහ උමාමි සෝස් දාලා හදන කෑමක්. 

කොල්ලුපිටියේ මැරීන් ඩ්‍රයිව් ඒකේ පිහිටා තිබෙන මේ අවන්හල පැරැණි තාලේ නිවසක ඉදිකර තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී මෙතැන හොස්ටල් නිවස්නයක් ලෙසත් වැඩිදියුණු කිරීමේ සැලසුමක් තියෙනවා. 

අපි හා හා පුරා කියලා ගොටුකොළ ලෙමනේඩ් එකක් රස බැලුවා. සාමාන්‍යයෙන් ගොටුකොළ කිව්වම අපිට මතක් වෙන්නේ සලාදයක් වුණත් මේ ලෙමනේඩ් එකේ තිබුණු සීතලයි නැවුම් ගතියයි එක්ක ලැබුණු රසය විස්මයජනකයි. ඒකෙ රස වැඩිවෙලා තිබුණේ දෙහි සහ කිතුල්පැණි දාලා තිබුණු නිසා වෙන්න ඕනෙ. ඊට අමතරව පිපිඤ්ඤා ලෙමනේඩ්, ස්ට්‍රෝබෙරි සහ කොමඩු ලෙමනේඩ් වගේ නොයෙක් ජාතියේ බීම වර්ග දකින්න ලැබුණා. 

ප්‍රධාන කෑමට යොමුවෙන්න කලින් අපි Poke Nachos  සහ Cauliflower Karaage  ලෙස නම් කරලා තිබුණා අතුරු ආහාර දෙකක් රස බැලුවා. Poke Nachos කියන්නේ සීවීඩ් දාලා ඒ වගේම සෂිමි සැමන්, ටූනා ස්පයිසි සෝයිවලින් හදලා තිබුණා කෑමක්. ඒකෙ රස තවත් වැඩිවුණේ රවුමට කපපු ළූණු, පැන්කෝ, වසාබි මයෝනීස් සහ ටොබිකෝ දාලා තිබුණු හින්දයි. 

ප්‍රධාන ආහාරයට යොමුවෙද්දී සුදු සුෂී රයිස්, රෙඩ් රයිස්, නූඩ්ල්ස්  (zucchini noodles) වගේ දේකින් බාගයකුයි ඉතුරු බාගයට කැමැති මස් වර්යක්, එළවළු වර්ග දාගන්න පුළුවන්. Teriyaki Eggplant කියන්නේ එතැනදි බොහොම නුවණක්කාර තේරීමක්. ඒකට ස්වීට් කොන්, හීනියට කපපු කැරට්, පුංචියට කපාගත්තු ලූණු, රෙඩ් බෙල් පෙපර්ස් වගේම වොන්ටොන් ක්‍රිස්ප් සහ චිලි මයෝනීස් දාලා තියෙනවා. 

Tangy Tuna කියන්නෙත් ඒ වගේම රසවත් තීරණයක්. අඹ සහ අමු මිරිස් මුසු වුණු සෂිමි ටූනා ආහාරයට පැෂන් ෆෘට්, සෝයි සෝස්, ලූණු, රතු ගෝවා, පැන්කෝ, කපාගත් සීවීඩ්, චිලි මයෝනීස් සහ ටොබිකෝ යොදාගෙන තියෙනවා.

මෙතැන තියෙන අතුරුපස වර්ගත් අනෙක් කෑම වගේම විශේෂයි. ඒ අතරින් හරිම සැහැල්ලු ක්‍රීම් රසක් අඩංගු Coconut Panna Cotta අපේ හොඳම තේරීම බවට සැකයක් නැහැ. ඊට අමතරව Dragon Fruit Nana Bowl නමින් තවත් රසවත් ඒ වගේම දැකුම්කලු අතුරුපසක් ඔවුන් පිළිගැන්වූවා. 

- නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයා රූ - කණිෂ්ක ගනේවත්ත

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00