ඒරාෂ්ඨක අපලය කියූ පමණින්ම බිය ගෙන දෙන වචනයක් වී ඇත. න්‍යායන් වශයෙන් එය එසේ වුවත් ප්‍රායෝගික වශයෙන් හැම අවස්ථාවකම අනිසි ඵල නොදෙන බව පෙනෙන්නට තිබේ. එය එසේ නම් එහි අනිෂ්ඨ විපාක දෙන අවස්ථාවක් මඟ හැරෙන්නේ කෙසේ දැයි දැන ගැනීමට පාඨකයා තුළ කුතුහලයක් ඇති වනු ඇත.
ඒරාෂ්ඨක ගැන වරින් වර ලිපි ගණනාවක් ලියවී ඇත. නමුත් අප මේ දෙස බැලිය යුත්තේ ඉතා ප්‍රායෝගික දෘෂ්ටි කෝණයකිනි.
ඉතා සංක්ෂිප්තව කියනවා නම් ශනි ලග්නයෙන් අටේ, දොළහේ හෝ එකේ ගමන් කිරීමත් සඳු එකේ, දෙකේ, අටේ සහ දොළහේ ගමන් කිරීමක් ශනි ඒරාෂ්ඨ වශයෙන් සැලකේ. ශනි එක රාශියක ගමන් කරන කාලය වර්ෂ දෙකහමාරකි. සඳු අට, දොළහ යන භාවවල සිටීමෙන් ඒරාෂ්ඨ කාලය දිග් ගැස්සෙයි.
ශනි ඉහත සඳහන් භාවවල ගමන් කරන විට අනිෂ්ඨ ඵල විපාක අනතුරු, මාරක අපල, මරණය ආදිය ගෙන දුන් අවස්ථා ද ඇත. නමුත් එසේ නොවූ අවස්ථා ද ඇත. අප සැලකිල්ලට ගත යුතුව ඇත්තේ එසේ නොවූයේ ඇයි දැයි යන්නය.
මේ සඳහා එළියක් ක්රිෂ්ණ මූර්ති ක්‍රමයෙන් පමණක් නොව බටහිර මහා ජ්‍යොතිෂවේදියෙකු වූ ඉංග්‍රීසි ජාතික අලක් නියෝගෙන් ද ලැබේ.
ක්රිෂ්ණ මූර්ති ක්‍රමය අනුව නම් ඒරාෂ්ඨකයක අනිෂ්ඨ ඵල ලැබීමට සාධක කීපයක් අපලයක් සඳහාම ඒකාබද්ද විය යුතුය. පළමුවෙන් අදාළ දෘෂ්ටි භාවය ඇතුළතම අනිටු පළ දියහැකි නැකතක ද එකවර ගමන් කළ යුතුය.
නිදසුනක් වශයෙන් කන්‍යා ලග්නයට අට වැන්න මේෂ යයි. මෙහි කේතු, ශුක්‍ර සහ රවිගේ නැකත් ඇත. මෙයින් රවි 12 අධිපතියාය. මේ නිසා ශනි රවිගේ නැකතේ ගමන් කරන කාලය තුළ අපලයක් හෝ අවාසිදායක තත්ත්වයක් පෙන්නුම් කළ හැක.
අනෙක් අතට මේෂ ලග්නයට ශනි 12 ගමන් කරනවා යයි සිතමු. මෙහි රාශිය 12 වැන්නයි. මැද භාගයේ ඇත්තේ ශනිගේම නැකතකි. ශනි මේෂයට 10 සහ 11 අධිපතියාය. 10 සහ 11 රැකියා උසස් වීම් සහ වේතන වැඩිවීම් පෙන්වයි. මෙවැනි තත්ත්වයක් යටතේ අපලය වෙනුවට ජන්මියාට වාසි ලැබේ. 12 පිහිටීමෙන් රුකියා මාරුවක් සිදුවිය හැක.
මෙම ඒරාෂ්ඨක බල අඩු වැඩි කිරීමට තවත් සාධකයක් බලපායි. එය නම් ඒරාශ්ඨක ගමන් කාලයේ ජන්මියා ගත කරන්නේ කුමන දිසාවක ද යන්නයි. ශනිගේ මහ දසාවක හෝ අන්තර දසාවක් ගෙවමින් සිටින අවස්ථාවක හෝ ශනිගේ නැකතක සිටින ග්රහයෙකුගේ දසාවක් ගෙවන අවස්ථාවක මෙහි බලය තීව්රර වෙයි.
අනෙක් සාධකය නම් උත්පත්ති ග්‍රහ බලයයි. උත්පත්ති කේන්දරයේ ශනි බලවත්ව සිටිය හැක. ශනි ගෝචරයේ යෙදෙන නැකත් අධිපතියන්ද උත්පත්ති කේන්දරයේ බලවත්ව සිටිය හැක. මෙවැනි අවස්ථාවක ගෝචර ශනි කුමන ඒරාෂ්ඨක තත්ත්වයක් යටතේ වුවද අනිටු විපාක නොදෙයි.
ඒරාෂ්ඨක ගමනේදී ජන්ම කේන්දරයේ මෙන් රාශියට වඩා භාවයම වැදගත් වෙයි. ශනි අටවෙනි රාශියේ ගමන් කළත් එය භාව වශයෙන් 7 විය හැක. එසේම 12 වන රාශිය උත්පත්ති කේන්දරය අනුව භාව වශයෙන් 11 විය හැක. එසේත් නැතිනම් රාශිය වී භාවය 12 විය හැක.
ජන්ම කේන්දරයක යම් භාවයන් හෝ ග්‍රහයන් කීපදෙනෙකු අතර, සුභ දෘෂ්ටි ලැබ පවතිනවා නම් ගෝචරයේදී හෝ ප්රගමනයේදී කෙතරම් අසුභ පාප පීඩන තත්ත්වයකට පත් වූවත් අනිටු විපාක අවම වෙයි.
අනෙක් අතට ජන්ම කේන්දරය සහ ප්රගමනය යන දෙකේදීම එක ලෙස ග්‍රහයන් සහ භාවයන් පාප පීඩිත තත්ත්වයකට එක්වුවහොත් මාරක අපල ගෙන දිය හැක. ඒරාෂ්ඨකවලදී ද සමහරුන්ට අනිටු විපාක දෙන්නෙත් සමහරැන්ට නොදෙන්නේත් මේ ආකාරයටමය.
ඔහු මේ සඳහා නිදසුන් ද දක්වයි. 1912 දී මියගිය ඩෙන්මාර්කයේ රජූ වූ ෂෙඩ්රික්ගේ ජන්ම පත්‍රයේ මියගිය දිනයේ ගෝචර ගුරු රවිට සම සප්තමව සිටි අතර, ශනි ගුරැට සහ බුධට චත්රරශ්රව සිටියේය. රවි බුධට සහ ගුරුට චතුරශ්‍රව ප්රගමනය විය. (Progressed)
මෙහිදී ඔහු ජන්ම කේන්දරය සමඟ සැසඳීමක් කරමින් රජුගේ ජන්ම ගුරු, රවි, සඳු සහ කුජ යන ග්‍රහයන් තිදෙනා සමඟ ද අසුභ දෘෂ්ටි සහිතව සිටි බව පෙන්වා දෙයි.
බැරුක් ඔබාමා සිංග ලග්නයේය. 2008 නොවැම්බර් 4 වෙනි දින ඔහු ජය ලබන විට ශනි ගමන් කරමින් සිටියේ ලග්නයේය. එම සීමාව සිංහයේ ශුක්රගේ නැකතටත් බුධගේ උපස්ථානයටත් අයිති වේ. ශුක්‍ර 3 සහ 10 අධිපති වේ. බුධ 2 සහ 11 අධිපති වේ. ජන්ම ශනි ද 6 සහ 7 අධිපති වශයෙන් 5 වෙනි භාවයේ 7 සහ 9 අධිපති කුජගේ නැකතේ ඇත. 4 ලොකු පුටුවක් 9 යෙන් රාජධානියක් පෙන්වයි. ශනිගේ 6 අධිපතිත්වයෙන් සේවාව පෙන්වයි. වෙනත් විදියකින් කියනවා නම් ජන්ම ශනි දෘෂ්ටි ස්ථානයක නොසිටියේය. ඒරාශ්ඨකය වුවත් බලයට ආවේ ඒ ආකාරයටය.
සිංහ ලග්න හිමි අනුර බණ්ඩාරනායක මහතා මිය යන විටද ශනි සිංහ රාශියේ ගමන් කරමින් සිටියේය. නමුත් ශනි ජන්ම කේන්දරයේ 12 වෙනි භාවයේත් 3නේ සිටි කේතුගේ නැකතේත් විය. මිය යනවිට ගමන් කරමින් සිටියේද ඒ ආකාරයටමය.
ජ්‍යොතිර්වේදි
පානදුරේ රෝහන් වීරරත්න
දුම්රියපළ පාර, සිතුමිණ