2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

රොස්මීඩ් පෙදෙසේ Bubble Waffles සහ Cheese Tea රස ගුලාව Brew Bar

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 81

කොළඹ රොස්මීඩ් පාරේ ටික දුරක් එද්දී හමුවන Zylan Luxury Villa ඇතුළේ තියෙන අවන්හලක් තමයි Brew Bar කියන්නෙ. මෙතැන Bubble Waffles සහ Cheese Teaවලට වැඩි ප්‍රසිද්ධියක් උසුළනවා. Bubble Waffles එහෙමත් නැත්නම් Egg Waffles කියන්නේ හොංකොං රටේ කෑමක්. මෙතැනදී Emoji කෝප්ප සහ වර්ණවත් පෝසිලේන් කෝන්වල දාලා තමයි කෑමබීම පිළිගන්වන්නෙ. මේ අවන්හල පිටුපස ඉන්නේ අසිෆ් ජෙෆ්රි සහ හෙලන් චුන් කියන දෙදෙනායි.

අපි මුලින්ම රසබැලුවා Passion Fruit Cheese Tea එක ඉතාම රසවත්. පැෂන් ෆෘට් සහ කිරි ගතියෙන් යුත් චීස් හරි අපූරුවට මිශ්‍ර වෙලා අමුතු රසයක් ගෙනදුන්නා. ඒ වගේම විප් ක්‍රීම් දාලා තිබුණු නිසා රස වැඩියෙන් දැනුණා.

Bubble Waffles තෝරාගනිද්දී අපිට පැණිරස වගේම දැවිල්ල සහිත ටොපින් එකක් තෝරගන්න පුළුවන්. දැනට මෙතැන මෙනු එක ගොඩක් ලොකු පරාසයක නැහැ. ඒ නිසා දැවිල්ල රසැති ටොපින්ස් අතර Cheese, Pol Sambol, Sunny Side Up හෝ Cheese, Sausage, Sunny Side Up  දකින්න ලැබෙනවා

පැණිරසැති waffle තේරීම් අතරට Original හෝ Chocolate waffle වගේම Vanilla හෝ Chocolate ice cream විදිහටත් Nutella, කැරමල්, Oreo, Kit Kat සහ Snickers ආදී කැමැති ටොපින් එකක් ඒකට එකතු කරගන්නත් අවස්ථාව තියෙනවා. 

අපි තෝරාගත්තේ Original Waffle, Vanilla Ice Cream, Caramel සහ Kit Kat කියන එකතුවයි. ඒක රසවිඳින්න තිබුණු හොඳම විදිහ තමයි වොෆ්ල් එක කෑලි වලට කඩාගෙන අයිස්ක්‍රීම් එකේ ගිල්වලා කන එක.

නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
ඡායාරූප - කණිෂ්ක ගනේවත්ත