2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

පොළොන්නරු පුරවරයේ රාජකීය කැදැල්ල The Royal Nest

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 178

පළවැනි විජයබා රජු මුල්වරට තම අගනගරය ලෙස තෝරාගත් ඓතිහාසික පොළොන්නරුව අද වෙද්දී මුළු ලෝකයේම අවධානය දිනාගත්තු ලෝක උරුමයක් බවට පත්වෙලා. ලංකාවේ නටබුන් නගර අතර මනා සැලසුමක් සහිත පුරාවිද්‍යා භූමියක් විදිහටත් පොළොන්නරුව හඳුනාගැනෙනවා. ඒ නිසාම මේ ප්‍රදේශය දේශීය වන්දනාකරුවන් අතර වගේම විදෙස් සංචාරකයන් අතරත් ඉතා ජනප්‍රියයි. 

ලංකාතිලකය, ගල් විහාරය වැනි සිද්ධස්ථානවලට සමීපයේ බැඳිවැව ප්‍රදේශයේ පිහිටි සුන්දර නවාතැනක් ගැනයි අපි මෙවර කතාබහ කරන්නෙ. ඒ The Royal Nest හෝටලයයි.

2013 අවුරුද්දේ විවෘත වුණු මේ හෝටලය නවීනත්වයත් සාම්ප්‍රදායකත්වයත් හරි අපූරුවට සංකලනය කරගත් හෝටලයක් කිව්වොත් නිවැරදියි.  හෝටලය සතු මුළු කාමර සංඛ්‍යාව 12ක්. ඉන් පහක් ඩිලක්ස් කාමර වෙද්දී සුපීරියර් ට්‍රිපල් කාමර දෙකකුත් පවුලේ කාමර පහකුත් තිබෙනවා. මේ සෑම කාමරයකම ආලින්දයක් සහ පිටත ආහාරගැනීමේ ස්ථානයක් අඩංගු වීමත් විශේෂත්වයක්. මේ කාමර 12 තුළ සංචාරකයන් 32කට නවාතැන් ගත හැකියි. මේවායේ කිං සයිස් නිදන ඇඳක්, එල්ඊඩී රූපවාහිනී, මිනි බාර්, විශාල බැල්කනියක්, නානකාමර ආදිය ඇතුළත්. ඩිලක්ස් කාමරවල උණුසුම් සහ ශීත ජල පහසුකමත් පවතිනවා. 

සංස්කෘතික ත්‍රිකෝණයේ සැරිසරන ඕනෑම රටකට අයත් සංචාරකයන්ට සරිලන විදිහේ ආහාර රටා පිරිනමන්නත් The Royal Nest හෝටලය සැදී පැහැදී සිටිනවා. කොහොම වුණත් එයාලාගේ විශේෂත්වය වන්නේ දේශීය ආහාරට රටාවේ කෑමබීමයි. ප්‍රධාන අවන්හලට අමතරට පිහිනුම් තටාකය අසලත් කෙටි ආහාර ගැනීමට විනෝද වීමට අවස්ථාව සැලසෙනවා. 

මීට අමතරව සාම්ප්‍රදායික සම්බාහන ප්‍රතිකාරත් මෙහිදී ලබාගත හැකියි. 

පරාක්‍රමබාහු ප්‍රතිමාව, නිශ්ශංක ලතා මණ්ඩපය, රන්කොත් වෙහෙර, ලංකාතිලකය, හැටදාගේ, තිවංක පිළිමගේ, නෙළුම් පොකුණ, ශිව දේවාල වැනි වැදගත් තැන් රුසකට මෙහි සිට පහසුවෙන් ළඟාවිය හැකියි. සෝමාවතිය පුදබිම පිහිටා තිබෙන්නේ මෙතැන ඉඳන් කිලෝමීටර 40ක් වනාන්තරය දෙසටයි.

ඒ වගේම මින්නේරිය, විල්පත්තු, කවුඩුල්ල, හුරුළුවැව, සෝමාවතිය, වැනි වනෝද්‍යාන කරා ගොස් අලි ඇතුන්, දිවියන්, මුවන්, ගෝනුන් සහ පක්ෂි ඇතුළු විවිධ වනසතුන් නරඹන්නත් පුළුවන්.

සනත් වීරසූරිය
සේයාරූ - ශාන් බන්දු වීරසිංහ