2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

ආයුර්වේද අත්බෙහෙත්

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 608

සෙම්ප්‍රතිශ්‍යා උණ
කොත්තමල්ලි, අමුඉඟුරු, කටුවැල්බටු, පත්පාඩගම්. කළං තුන බැගින් ජලය පත අට එකට සිඳ සීනි දමා පත භාගය බැගින් උදේ සවස බොන්න.

කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණ
තිප්පිලි කළං එකයි අමුඉඟුරු කළං දෙකයි බැදපු කොත්තමල්ලි කළං තුනයි ජලය පත අට හතරට සිඳුවා කළං හයක් දමා පත එකට සිඳ බීමට ගන්න.

දත්වලින් රුධිරය ගලනවිට
පේරකොළ සහ පොතු තම්බා කට සෝදන්න.

සෙම් ගෙඩි ප්‍රදාහයට
ගම්මිරිස් සහ ලුණු කුඩු ගෙන දෙහි එකතු කර කුඩා පොට්ටනියක් සාදාගන්න. මෙය උගුරේ තබා සෙම අරින්න.

තැල්මකදී
ගොරකා, මීපොතු, මදටිය කොළ හා පොතු, හාතවාරිය කොළ, අමුකහ එක සමානව ගන්න. එය දියලුණු ස්වල්පයක් දමා කොටා මලවා තැල්ම ඇතිවූ ස්ථානයේ බඳින්න.

බඩ පිපුම/ බඩේ අජීර්ණය
ගම්මිරිස්, අමුඉඟුරු, සුදුලූනු එකට හොඳින් අඹරා තේ හැන්දක ප්‍රමාණයක් ආහාරයට ගන්න.

අකලට හිසකෙස් සුදුවෙනවා නම්
බෙහෙත්නෙල්ලි ගෙඩි පහක් සහ පොල්තෙල් මිලිලීටර් 100ක් ගන්න. බෙහෙත්නෙල්ලි ඉතා කුඩා කැබලිවලට කපාගන්න. භාජනයක් ලිප තබා එයට තෙල් එක්කොට එයට කපාගත් නෙල්ලි කැබලි එක්කරන්න. මෙය පැය භාගයක් පමණ හොඳින් රත්කරන්න. මඳගින්නේ රත්කරගත් මෙය ළිපෙන් බා නිවෙන්නට හැර වීදුරු බෝතලයකට දමා වසා තබන්න. මෙම තෙලෙන් ස්වල්පයක් ගෙන හිස්කබලේ ගා රාත්‍රියට නින්දට යන්න. පසුදා උදෑසන සුපුරුදු පරිදි හිස සෝදන්න. මෙමගින් හිසකෙස් වර්ධනය වෙනවා මෙන්ම අකලට හිසකෙස් සුදුවීම වළකාලයි.

සම අවපැහැගැන්වීම වැළැක්වීමට
පොතු ඉවත්කරගත් පිපිඤ්ඤා පෙත්තක් ගන්න. කුඩා තක්කාලි ගෙඩියක්ද ගන්න. පිපිඤ්ඤා පෙත්ත ඉතා කුඩා කැබලිවලට කපාගන්න. ඉන්පසුව රෙදි කැබැල්ලකින් මෙම පිපිඤ්ඤා යුෂ හොඳින් කුඩා භාජනයකට මිරිකාගන්න. තක්කාලි ගෙඩියද රෙදි කැබැල්ලකින් මිරිකා යුෂ ගන්න. පසුව තක්කාලි යුෂ මේස හැන්දක් සහ පිපිඤ්ඤා යුෂ මේස හැන්දක් එකට කලවම් කරගන්න. මෙම මිශ්‍රණයෙන් ඔබේ මුහුණ, අත් පා ආලේප කර විනාඩි පහළොවක් පමණ වේලාවක් තබා සෝදාහරින්න. මෙය හිරු එළියට අවපැහැගැන්වූ සම පැහැපත් කිරීමට උදව් වේ.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00