වර්තමානයේදී හර්නියා රෝගය වැළඳී ඇති පුද්ගලයෝ සුලභව සමාජය තුළ වෙසෙති. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අන්ත්‍ර වෘද්ධි ලෙසින් මෙම රෝගය හඳුන්වයි. ශරීරයේ ඕනෑම ස්ථානයක පවතින අවයවයක් හෝ අවයව කිහිපයක් එය ආවරණය කරගෙන ඇති පටල ස්ථරය හරහා පිටතට නෙරා ඒම හර්නියා රෝගය ලෙසින් සරලව හැඳින්විය හැක. නමුත් මෙය බහුලව දක්නට ඇත්තේ උදරය ආශ්‍රිතවය. උදරය ඇතුළත ඇති අවයව උදර බිත්තියේ දුර්වල පටල ආවරණයක් ඇති ස්ථානයකින් නෙරා ඒම සිදුවේ.
මෙයට බොහෝ හේතු බලපායි. ඒ අතර යම් පුද්ගලයකුගේ උපතේදීම උදර බිත්ති දුර්වලවීම් තිබිය හැක. මීට අමතරව අතිස්ථුලතාවය නිසා උදර බිත්ති දුර්වලවීම, දරු ප්‍රසූති කිහිපයකින් පසු උදර බිත්ති පටලවල ශක්තිමත්භාවය අඩුවීම, ශල්‍යකර්මවලදී සිදුකරන කැපීම්වලදී එම ස්ථානවල මාංශපේෂි දුර්වලවීම ආදී හේතු දැක්විය හැක. කාලීනව පවතින මළබද්ධය හා වෙනත් රෝගී තත්ත්ව නිසාද, විශේෂයෙන් දුම්පානයට ඇබ්බැහි වූවන්ගේ මාංශපේෂිවල ශක්තිමත්භාවය අඩුවීම හේතුකොටගෙන හර්නියා ඇතිවිය හැකිය.
හර්නියා රෝගය කාන්තා හා පුරුෂ දෙපාර්ශ්වයටම ඇතිවිය හැකි රෝගයකි. වැඩි වශයෙන්ම හර්නියා ඇතිවන්නේ ඉකිළි හා නාභිය මෙන්ම නාභියට ඉහළින් හා උදරයේ කැපුම් ආශ්‍රිතවය.
උත්පත්තියෙන්ම හර්නියා ඇතිවන අවස්ථාද දක්නට ලැබෙයි. විශේෂයෙන්ම නාභියට ඉහළින් හා නාභිය ආශ්‍රිතව ඇතිවේ.
උදරයේ යම් ස්ථානයක අසාමාන්‍ය නෙරා ඒම, යම්කිසි බරක් ඔසවනවිට හෝ කැස්ස සමඟ උදරයේ පීඩනය වැඩිවන විට එය නෙරා ඒම වැඩිවේ. මෙය සුදුසුකම්ලත් වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත් වේ. බහුලවම දක්නට ලැබෙන්නේ inguinal hernia නම් අවස්ථාවයි. එහිදී වෘෂණ ප්‍රදේශයේ වේදනාව හා ඉදිමුම දක්නට ලැබේ.
බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මේ සඳහා එකම පිළියම වන්නේ ශල්‍යකර්මයයි. එහිදී බොහෝවිට ස්ථිර කෘත්‍රීම දැලක් (mesh repair) උදරයේ දුර්වල ස්ථාන ආවරණය වන ආකාරයට යෙදීමක් සිදුවේ. වර්තමානයේදී ඉතා පහසුවෙන් රෝගියාට සිදුවන අපහසුතාවය අවම වන ලෙස මෙම ශල්‍යකර්මය සිදුකිරීමේ පහසුකම් පවතී. රෝගියාගේ විවිධ චර්යාවන්ගේ වැරදි හේතුවෙන් ශල්‍යකර්ම අසාර්ථක වන අවස්ථාද ඇත.
රෝගියාගේ රෝගී තත්ත්වය අනුව මේ සඳහා ලබාදිය යුතු ප්‍රතිකාරය පිළිබඳව වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබයි. මූලිකම අවස්ථාවේ මෙවැනි රෝග ලක්ෂණ ඇතිවිට හා අවදානම් සාධක ඇතිවිට බාහිර ඖෂධ ප්‍රතිකාර මගින් එම තත්ත්වය වළක්වාගැනීමට අවස්ථාව ලැබේ. එසේම වැදගත්ම කාරණය වන්නේ පූර්ව සූදානම් බවයි. ඒ සඳහා අපගේ ජීවන රටාවේ වෙනස්කම් සිදුකළ යුතුය.
අධික තරබාරුව පාලනය කළ යුතුය. ඒ සඳහා සුදුසු ආහාර රටාවකට හුරුවීම, ව්‍යායාම්වල යෙදීම අනිවාර්ය වේ. මව්වරු දරු ප්‍රසූතියෙන් පසු උදර පේෂි ශක්තිමත් කර ගැනීමට උනන්දු විය යුතුය. ඒ සඳහා සුදුසු ව්‍යායාම්වල යෙදිය යුතුය.
එසේම උදර පීඩනය වැඩිවන කාලීන කැස්ස, මළබද්ධය වැනි තත්ත්ව සඳහා නිසි ප්‍රතිකාර ලබාගැනීම කළ යුතු වේ. අධික බර භාණ්ඩ එසවීම මෙවැනි රෝගීන්ට අහිතකර වේ. එමෙන්ම හර්නියා රෝගීන් මත්පැන් සහ දුම්වැටි භාවිතයෙන් වැළකිය යුතුය.
කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය
B.A.M.S (කොළඹ විශ්වවිද්‍යාලය)
සෙත්සුව ආයුර්වේද රෝහල