2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

බරපතළ රෝග කෙටි කලකින් සුවකරන රස ප්‍රතිකාර

2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30532

වර්තමාන සමාජයේ වයස් භේදයකින් තොරව සමාජ මට්ටම්වලින් තොරව, බොහෝ දෙනා කුමන හෝ රෝගයකින් පීඩා විඳිමින් සිටිති. මෙලෙස රෝගී වීමට හේතූන් විශාල ප්‍රමාණයකි. බොහෝ දෙනා රෝගී වන්නේ නොසැලකිමත්කමිනි.

ඔබ උදෑසන අවදි විය යුත්තේ උදේ පාන්දර 4.24ත් 5.24ත් අතරය. මේ කාලය විශ්වයේ වැඩිම බලයක් ගොඩනැගෙන, ශාකවල පත්‍ර වර්ධනය වන ශරීරයේ ශක්තිය උපරිම වැඩි වෙන විශ්වයේ සුභම සුභ කාලය ලෙස හැඳින්විය හැක. මෙම කාලය හඳුන්වනු ලබන්නේ බ්‍රහ්ම මුහුර්තය කාලය ලෙසයි.

ඔබ උදෑසනම අවදි වී වතුර වීදුරුවක තරම් ජල ප්‍රමාණයක් පානය කරන්නේ නම් එය ඔබේ නිරෝගී භාවය වර්ධනය කරගැනීමට මහත් පිටුවහලක් වේ. මෙහිදී එම වතුර වීදුරුව තුළින් ඔබේ සිරැරේ වකුගඩු, ආමාශය, අග්නායාස, පිත්තාශය, අක්මාව ආදී සියලු ඉන්ද්‍රීයන්වල ක්‍රියාකාරීත්වය ආරම්භ කරයි.

රෝගවලට ගොදුරු වීමට තවත් ප්‍රබලතම හේතුවක් වන්නේ ශරීරයේ පවතින ආම්ලිකභාවය වැඩි වීමයි. ආම්ලික භාවය වැඩි වීම යනු PH අගය අඩුවීමයි. මෙහිදී PH අගය බින්දුව යනු උපරිම ආම්ලික තත්ත්වයයි. එය බින්දුවේ සිට 1, 2, 3, 4 ලෙසින් ක්‍රමයෙන් අඩුවී යයි. එනම් PH අගය 7 යනු උදාසීන, ආම්ලිකත් නැති, භාෂ්මිකත් නැති මාධ්‍යයකි. එය ප්‍රශස්තයි.

නමුත් PH අගය හිතට වඩා වැඩිවී 7 සිට ඉහළට 14 දක්වා වැඩි වීම භාෂ්මික මාධ්‍යයට යාමකි. අපේ ශරීරයේ සිදුවන ක්‍රියාකාරීත්වයක් තුළින් අප ආහාරයට ගන්නා බොහෝ තුළින් අපේ ශරීරයේ PH අගය අඩුවී සිරැර නිතරම ආම්ලික භාවයට හැරේ. එනම් ඔබේ රෝග කිසි දිනක නිට්ටාවට සුවපත් නොවේ. 

ඔබ නිතරම පිරිසිදු භාෂ්මිකතාවය වැඩි (ආම්ලික භාවයෙන් අඩු) ජලය භාෂ්මිකතාවය වැඩි ආහාර වර්ග, පාන වර්ග ගැනීමෙන් ඔබගේ ආයුෂ, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව සියල්ල වර්ධනය කරගත හැකිය.

විශේෂයෙන්ම පිරිසිදු කැරට්, ගොටුකොළ, කොහිල අල, මුකුණුවැන්න, කෝමාරික, වට්ටක්කා, ගස්ලබු, දම් පාටට හුරැ පළතුරු, එළවළු, පැණි කොමඩු, මී පැණි, ඔලිව් ඔයිල්, මැංගුස්, කුරහන්, රතු ලූනු ආදී බොහෝ ආහාර වර්ග මෙම භාෂ්මිකතාවය වැඩි ආහාර ලෙසින් හැඳින්විය හැක. මෙවැනි ආහාරපාන භාවිතා කරන්නේ නම් ඔබගේ නිරෝගීකම ඉතා ඉක්මනින් ඉහළ දමාගත හැක.

වර්තමානයේ දී විශාල ආහාර ප්‍රමාණයක් ඇත්තේ ආම්ලිකතාවය වැඩි ඒවාය. ඊට හේතුව ආම්ලිකතාවය අපගේ දිවේ රසය පිනවීම නිසා අප නොදැනීම ඊට පෙළඹීමයි.

අපගේ ශරීරයේ 72%ක්ම පවතින්නේ ජලයයි. සාමාන්‍ය ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ, පෙනහළුවල 90%ක් ද, රැධිරය 82%ක් ද, මාංශ පේශීවල 75% ක් ද, මොළයේ 70%ක් ද, අස්ථිවල 22%ක් ද ජලය අඩංගු වේ.

එසේ නම් අප භාවිත කරන ජලයේ ආම්ලිකතාවය වැඩි නම් ලවණ ගතිය (කිවුල් ගතිය) වැඩිවේ නම් මෙමඟින් වකුගඩු, අක්මාව, පිත්තාශය, මුත්‍රාශය, අග්න්‍යාශය ආදී ප්‍රධානම ඉන්ද්‍රීයක් රෝගී කරයි. මේ නිසා ආම්ලිකභාවය වැඩි ජලය වෙනුවට භාෂ්මික ජලය (Alkalized water) දිනපතා පානය කරන්න.

එමඟින් ස්ථූලතාවය (අනවශ්‍ය බර) අඩු වීම, තරැණකම රුකදීම, විජලනය (සිරුර වියළීම) වළක්වාලීම, ශරීරයේ පවතින විෂ පිට කිරීම. ශරීර PH අගය සමබර කිරීම, හෘද ස්පන්දනය ක්‍රමවත් කර රුධිර පීඩනය නියමිත නිරෝගී මට්ටමේ පවත්වා ගැනීම. අක්මාව, වකුගඩු, පිත්තාශය, මොළය, හෘදය, අග්න්‍යාශය ආදී සියලු ඉන්ද්‍රීයන් නිරෝගී කරවයි. එමෙන්ම මෙමඟින් සෞඛ්‍යමත් අස්ථි පද්ධතියක් ඇති කරයි. ආහාර ජීර්ණය ක්‍රමවත් කර ශරීර ශක්තිය වඩවයි.

එමෙන්ම පොළොවෙන් ලබාගන්නා රසදිය, ගෙන්දගම්, රංහිරිගල්, රත්තරන් ආදී ද්‍රව්‍යයන් භාවිතා කරමින් රස වෛද්‍ය ක්‍රමයට අනුව සදාගන්නා ඖෂධ තුළින් ද PH අගය වැඩි කරලීමේ හැකියාව පවතී. මේ නිසා විශාල රෝග සංඛ්‍යාවක් නිට්ටාවටම සුවකර ගැනීමට රස ඖෂධ ප්‍රතිකාර තුළින් දේශීය වෛද්‍ය ක්‍රමයේ හැකියාව පවතී.

රස වෛද්‍ය ක්‍රමයේ විශේෂත්වය නම් ඉතාමත් බරපතළ රෝග ඉතා කෙටිකාලයකදී නිට්ටාවටම සුව කිරීමට හැකිවීමයි. රෝහල්වල සුව කළ නොහැකියැයි කියන පිළිකා, ආතරයිටීස්, දියවැඩියා, වකුගඩු රෝග, ඇදුම, අර්ශස් ආදී රෝග රස ඖෂධවල බලමහිමයෙන් නිට්ටවටම සුව කරගැනීමේ හැකියාව පවතී.

ආයුර්වේද පාරම්පරික දේශීය, 
රස වෛද්‍ය
වජිරජීව සරත් කුමාර
ජීවබල වෙද මැඳුර, මහින්ද 
ජයසිංහ මාවත,
කිරිල්ලවල - කඩවත

2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00