2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

ගැහැනිය

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 165

ගැහැනියට පුළුවන්,
අඬන්න ඕන තැනදිත්
හිනා වෙන්න
පහළටම වැටුණත් 
නැඟිටින්න
නින්දා අපහාස වුණත්
ලොවටම හොරෙන්
උහුලන්න......

ගැහැනියට පුළුවන්,
හදවතින් පිච්චෙන්න
ගිනි කඳුවලට වැඩි
ගින්දර උහුලන්න
හිතේ දුක් තද කරන්
මැරි මැරී ජීවත් වෙන්න
මැරෙන්නම හිතුණත්
නොමැරීිි ඉන්න.....

 

ගැහැනියට පුළුවන්, 
විඳින්න තියෙන දේ
විඳවන්න
විඳවන්න ඇති දේ
රසකර විඳ ගන්න
හඳ තරැත් ඉල්ලලා
වැලි කැටයක්වත් 
නැතිව ඉන්න.....

ගැහැනියට පුළුවන්,
මහ පොළවටත් වැඩියෙන්
දරාගෙන ජීවත් වෙන්න
හරියට ඇඬුවොත්
මුළු ලෝකෙම යට වෙන්න තරම්
කඳුළු හලන්න
තමන් වෙනුවෙන් නෙමේ
අනුන් වෙනුවෙන් 
ජීවත් වෙන්න.....

 

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00